(නිමල කොඩිතුවක්කු)
කොවීඩ් ආසාදිතයන්ගේ තරමක අඩුවක් ලබන ජුනි මුල් සතිය පමණ වන විට අපේක්ෂා කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
ඒ සඳහා මහජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීම ඉතා වැදගත් වන බව ද ඔහු සදහන් කරයි.
සංචරණ නීති පනවා තිබියදී අතුරු මාර්ග භාවිතා කරමින් ජනතාව එක්රැස් වන බවට තොරතුරු වාර්තා වන බව ද හෙතෙම කියයි.
කොවීඩ් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා රජය පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කරන්නැයි ජනතාව ගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
ඔබතුමා කොරෝනා අඩුවන බව කියනකොට ලොක්කෝ චුන් වෙලා සංචරණ සීමා ඉවත් කරාවි. එතකොට දිනකට 5,000 වෙන්න පුළුවන්.
ඔබතුමා වටේට දේසනා කරන අතරේ ඔබතුමාගේම PHI ලව සදාචාරාත්මකව හදා ගත්තොත් හොදයි නේද?