(ඩයනා උදයංගනී)
පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන පෞද්ගලික රෝහල් සඳහා මාර්ගෝපදේශ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා රෝහල් වෙත ලබා දී ඇති එම මාර්ගෝපදේශ අනුව අදාළ පරීක්ෂණ කළ යුත්තේ ප්‍රතිකාර නිශ්චය කිරීම භාර වෛද්‍ය විශේෂඥයා හෝ වෛද්‍ය නිලධාරියා නිර්දේශ කර ඇත්නම් පමණි.
සාම්පල ලබාගැනීමෙන් පසු ප්‍රතිඵල ලැබෙන තුරු ආයතනය හෝ නිවස තුළ හුදෙකලාව සිටින ලෙස රෝගියාට නියම කළ යුතු අතර රෝගියාට කොවිඩ් ආසාදනය වී ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයට, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට සහ රෝගියාට දැනුම්දීම රෝහල් බලධාරීන්ගේ වගකීමක් බව එහි දැක්වේ.
එමෙන්ම ආසාදිත රෝගීන් බලයලත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක රැඳවීමට රෝහල් බලධාරීන් කටයුතු කළ යුතු අතර එම නියමයන් කඩ කරන්නේ නම් අදාළ පරීක්ෂණ කිරීමට රෝහලට ලබා දී ඇති බලපත්‍රය අහෝසි කරන බවද දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට පස්සෙ වෛද්‍ය නියමයක් නැතුව PCR බැරිද?. ඒකත් තව ගානක් ගෙවන්න ඕනෑද?
කොරෝනා ගැන මොනවා හොයන්නද? ගාණ කපන්න තමයි තියෙන්නේ. අපි දන්නවා කොහොමත් ළඟදීම එන්නතත් සල්ලිවලට ගහන්න වෙනවා කියලා.
පර්යේෂණ කරන එක අඩුකරලා කොරෝනා රෝගීන් අඩුවෙන් පෙන්වන්න ආණ්ඩුව දරන කූට උප්පරවැට්ටියක් වගෙයි පෙන්නේ...