(විජේරත්න රත්නායක )
කොරෝනා ව්‍යසනය හේතුවෙන් මුළු රටම පීඩාවට පත්ව ඇති මෙම අවස්ථාවේ කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් හා ඇතැම් වෙළෙන්ඳන් විසින් මෙරට පාරිභෝගිකයින් ගසා කන බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව අද (25) නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එහි දැක්වුයේ කොළඹදී රුපියල් 400.00 ක් වැනි මිලකට අලෙවි වූ එළවළු කිලෝ එකක් කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේදී ගොවීගෙන් මිලදී ගෙන ඇත්තේ රුපියල් 12.00– 30.00 අතර මිලකට වන අතර අතරමැදියා විසින් විශාල මුදලක් ගසා කන බව මේ අනුව පැහැදිලිව පෙනී යන බවයි.
මේ පිළිබඳව අදාළ ප්‍රදේශයේ ගොවි සංගම් විසින් සිය සංවිධානය දැනුවත් කර අතර රජය මේ අවස්ථාවේ මේ සඳහා මැදිහත් වී එළවළු ගොවියාට සාධාරණ මිලක් ලබා දී පාරිභෝගිකයාටද සාධාරණ මිලකට එළවළු ලබාදීමට කටයුතු කරන ලෙස මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ දක්වා ඇත.
COMMENTS
ඇත්ත.ගොවින්‌ගෙන් ඉතා සුළු මුදලට එළවලු මිලට ගෙන ඔවුන් විශාල ලෙස ලාබ ගනී.
මෙ ආර්ථික මධ්‍යස්ථාන නිසා තමා එලවලු මිල විශාල ලෙස ඉහළ යන්නේ .අහිංසක ගොවි යන්ගෙන් තුට්ටු දෙකට අරගෙන අතරමැදියන් විශාල ලාබ ලබනවා . කරුනාකර ගොවියන්ගෙන් කෙලින්ම මිලදී ගෙන බෙදා හරින්න .
ගසාකන අතරමැදියන් නවත්වන්න හමුදාවේ කට්ටියම දාන්ඩයි තියෙන්නේ .
මෙන්න ඇත්ත එලියට එනවා. අපේ ජාතියකට ගිය කලක්. කොරෝනා වලටත් කලින් ඉදලම අපේ රටේ තිබුනේ මේ තත්වයමයි. දැඩි පාලනමය ක‍්‍රියා පිළිවෙළකින් මිසක් මේ තත්වයෙන් ගොඩ එනවා බොරු. නැති මිනිහා නැත්තටම නැති වෙනවා. රජය හරිවිදිහේ සැලසුමකින් කටයුතු කල යුතුයි. ග‍්‍රාමසේවක මහතුන් ලවා හරි ගෙයින් ගෙට ගොස් හරි ආහාර මලු මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දිය යුතුය.
ගොවියට සාධාරණය ඉෂ්ඨ කරන්න... ලොකු පිනක්...
එළවළු මිල ගණන් දිනපතා ලබා දෙන්න බැරිද..?