IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කුණු හාල්මැස්සන් කිලෝ 10000ක් කල්පිටියෙන් හමුවෙයි

(එච්. චන්දන )

සත්ත්ව අහාර බව පවසමින් ඉරානයෙන් ආනයනය කළ  මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 10000 ආසන්න ප්‍රමාණයකට පාලවිය ගබඩාවකින් සොයාගත් බව කල්පිටිය සෞඛ්‍යය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

පාලවිය ප්‍රදේශයේ  ගබඩාවක සඟවා සේවකයන් යොදවා හාල්මැස්සන් තෝරමින් සිටි බව වැටලීම සිදු කළ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු පවසති. 

මෙම ගබඩාව කොළඹ ප්‍රදේශයේ අයකු මාසකට රු 12000 කට  මාස 06ක කාලයට කුලියට ගත් බව එහි හිමිකරු පවසා ඇත.  දුර්ඝන්ධය හමන හාල් මැස්සන්  කිලෝ 10000 ආසන්න ප්‍රමාණයක් එහි තිබූ බව  මූලික විමර්ශණවලදී අණාවර්ණය වී ඇතැයි මහජන සෞඛ්‍ය අංශය පවසයි.

කල්පිටිය පොලිසීයේ විශේෂ කාර්යංශයේ බුද්ධි තොරතරකට අනුව  සිදු කළ මෙම වැටලීම සිදු කර ඇත.

 

 

 



අදහස් (5)

කුණු හාල්මැස්සන් කිලෝ 10000ක් කල්පිටියෙන් හමුවෙයි

විජිත් Sunday, 20 June 2021 05:04 AM

" හා... හා ..ඔහෙලා අයින්වෙනවා ඕවා කාගෙයි කියලද හිතන්නේ..? අපේ රටේ දුප්පත් ජනතාවට සතොසෙන් දෙන ආහාර මල්ලට දාන්න ඉරානයෙන් ඉම්පෝර්ට් කරපු ස්මාර්ට් රයිස් ෆ්ලයිස්ලා ඔය තියෙන්නේ. රටේ ආර්ථික අවදානම ස්ථායි කිරීම සඳහා මේ වගේ ඕනෑම තිරිසන් වැඩක් කිරීමට මම පසුබට වෙන්නේ නැහැ. මේ අය කියනවා මේ හාල් මැස්සන්ගෙන් දුර්ගන්ධයක් පිටවෙනවාලු. සෙන්ට් සුවඳ ගහන හාල් මැස්සෝ කොහෙද තියෙන්නේ...? ටිකක් කුණුවෙලා තිබුණාට ඔරිජිනල් බඩු. ප්‍රෝටීන් පිරිලා. ඒකනිසා තමයි මේවා කුකුල් කෑම හදන්න ගන්නේ... අපේ රටේ මිනිස්සුන්ට ප්‍රෝටීන් උෟනතාවයක් තියෙන නිසා අපි කැබිනට් එකේ උගතුන් කතාකරලා, හොඳ ගාණක කොමිස් එකකුත් අරගෙන තමයි මේ ඉරානයෙන් පොහොර වලට වලලන්න හදපු හාල් මැස්සෝ ටික ලබාගත්තේ. ජනතාව අපිව පත්කර ගත්තේ ඔවුන්ව ආරක්ෂා කරගැනීමටයි. ඔවුන් හොර ජූජක බමුණන්ගේ අවවාද අසා අපට බලය ලබාදීම වෙනුවෙන්ම 69 ලක්ෂයක්වූ බයියන්ට කුණු කරවල කවනවා. එය ඡන්ද පොරොන්දුවක්. ඒ වගේම මේ පත්තර කාරයාව වහාම අත් අඩංගුවට ගත යුතුයි, අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමත් ත්‍රස්තවාදයට සහයෝගය දීමත් කියන චෝදනාවලට."

:       39       110

බණ්ඩාර Sunday, 20 June 2021 07:09 AM

ගොඩක් හොඳයි... මෙවැනි ජාවාරම් ගොඩක් තියෙනවා මෙවැනි දේවල් පළකරන්නම ඕනෑ...

:       1       1

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 20 June 2021 07:36 AM

කරවල කියන්නේ කුණුවෙන සත්ව ශරීර... ඒවා ආයේ අමුතුවෙන් ගඳ ගහන්න දෙයක් නැහැ. කොහොමත් ගඳ යි. මේ වගේම ඒවා තමයි කඩවල තියෙන්නෙත්... මේවා හා ඒවා අතර වැඩි වෙනසක් නැහැ. ලංකාවේ මාළු කරවල නොකා ඉන්න තරමට සෞඛ්‍යයට හිතකරයි. රටේ නමට ධීවර අමාත්‍යාංශයක් තියෙනවා. ඒ වුණාට.., සති ගණන් මුහුදේ ඉන්න ධීවරයින්ට අල්ලන මාළු ගබඩා කරගන්න ශීතකරණ හෝ කල්තබා ගැනීමේ ක්‍රමවේදයක් සකස්කොට නැහැ. මේ නිසා මාළු කල්තබාගන්න දියඹේදීම ෆෝමලීන් යොදන්න ධීවරයන් පුරුදුවෙලා. මේ ආකාරයට ගෙනෙන මාළු වලින් හදනා කරවල විෂ සහිතයි. හාල්මැස්සන් කරවල කල්තියාගන්න මැලතියන් යොදනවා. පොඩි මාළු නරක් නොවී තියාගන්න ෆෝමලින් වතුරේ ගිල්වා ගන්නවා. මෙලෙස සකස්කරන මාළුවලින් හදනා කරවල තමයි මේ රටේ ජනතාව කන්නේ... කරවල වේලීමේදීත්, කිසිඳු සෞඛ්‍ය ක්‍රමවේදයක් ඇත්තේම නැහැ. මස් මාංශ කෑවත්, ඒවා අලුත් හා වසවිස නැති ඒවාවීම වැදගත්... කරවල කියන්නේ ඊටත් වඩා ඉතාමත් අපිරිසිදු විෂබීජ පිරුණු කෑමට නුසුදුසු දහජරාවක්. සුද්දන් කරවල කන්නේ නැත්තේ මේවා නුවණින් අවබෝධ කරගත් නිසා වෙන්නට ඇති. නමට පමණක් ඇති ධීවර අමාත්‍යාංශයක් මේ ගැන කුමන ආකාරයේ සේවයක් සලසන්නේ දැයි ඔවුන්ම නොදන්නවා විය හැකියි...

:       0       132

RaveendraSunday, 20 June 2021 11:49 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මේ පිළිබඳව මේ තාක්කල් "කිසිඳු රජයක්" මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා නිසි වැඩපිළිවෙලක් මේ වනතෙක්ම අනුගමනය කර නොමැති බව කණගාටුවකි.

:       0       24

Dinesh Sunday, 20 June 2021 12:55 PM

කුණුවෙන තරමට එහි රස වැඩිවෙනවා.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31334 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13543 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site