(ඩබ්ලිව්. ඒ. අසේල)
දෙල්තොට සිට ගලහ ප්‍රදේශයට කුණු ප්‍රවාහනය කරන ට්‍රැක්ටරයක තිබී අද (30) කඩු හයක් එහි රියදුරුට හා සේවකයින්ට හමුවී ඇතැයි පොලිසිය කියයි.
පාත හේවාහැට ප්‍රාදේශීය සභාවට අයත් මෙම ට්‍රැක්ටරය දිනපතා දෙල්තොට ප්‍රදේශයේ සිට කුණු කසල එකතු කර ගලහ පිහිටි කසල අංගනයට ගෙනවිත් දැමන අතර අද ට්‍රැක්ටරයේ තිබූ කුණු හැළීමේදී මෙම කඩු හමුවී තිබේ.
මෙම කඩු කුණු බෑගයක් තුළ සඟවා ට්‍රැක්ටරයට දමා ඇති අතර මෙම කඩු බ්‍රසීලයේ නිෂ්පාදනය කරන ලද ඒවා වේ.
මේ පිළිබඳව ගලහ පොලිසියට එම සේවකයින් විසින් පැමිණිලි කර ඇති අතර පොලිස් නිලධාරීන් පැමිණ එම කඩු පොලිස් භාරයට ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේවා අහුවෙන බව දැනගෙන ළඟ පාත කම්මලකින් ගෙනත් දාන්න ඇති!
වත්ත සුද්ද කරන්න ගෙනාපු ඒවා...