(***රංජන් කස්තුරි සහ ***හර්ෂණ තුෂාර සිල්වා)
කොරෝනා ව්‍යසනයෙන් කඩාවැටුණු ව්‍යාපාරවලට සියයට 4 ක සහන පොලී අනුපාතයක් මත ණය නිකුත් කිරීම සඳහා පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට උපදෙස් ලබාදී තිබේ.
එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අලුතින් ණය ක්‍රම කීපයක්ම හඳුන්වා දීමට ඉදිරියේදී පියවර ගන්නා බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව සියයට 1 ක සහන පොලියක් මත වාණිජ බැංකුවලට අරමුදල් ලබාදෙන අතර එම මුදල් භාවිතා කර වාණිජ බැංකුවලින් සියයට 4 ක පොලී අනුපාතයක් යටතේ ණය නිකුත් කළ හැකි වන බවද මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව අලුතින් හඳුන්වා දෙන මෙම ණය ක්‍රම මගින් කොවිඩ් වසංගතයෙන් කඩා වැටුණු ව්‍යාපාර යළි නංවාලීම සඳහා රුපියල් කෝටි 15000 ක ණය නිකුත් කළ හැකිවනු ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
සහන පොලී අනුපාතයක් යටතේ මහ බැංකුව දැනටමත් රුපියල් කෝටි 2750 ක අරමුදල් වාණිජ බැංකු වෙත සපයා දී ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටුණු මෙරට ආර්ථිකය නගා සිටුවීමේ රජයේ ප්‍රයත්නයට සහාය දීමක් ලෙස මෙම ණය වැඩසටහන් හඳුන්වා දෙන බවද මහ බැංකුව සඳහන් කරයි.
COMMENTS
ව්‍යාපාරය දියුණු කිරිමට...
තවම මෙම ණය ලබා දෙනවාද?
ව්‍යාපාර දියුණු කරගන්න.
ව්‍යාපාරයට භාණ්ඩ සපයා ගන්න.
මම ව්‍යපාරයක් කරන කෙනෙක් කොහොමද ලෝන් එක අරගන්නෙ.
හොඳයි...!
මම අයන් වර්ක්ස් එකක් කරා දැනට රටෙ පවතින තත්ත්වය නිසා එය වසාදැමිමට සිදු වුනා මට නයක් ගැනිමට පුලුවන්ද
මම සිල්ලර බඩු වෙලද සැලක් පවත්වාගෙන යන අතර ඒ සදහා 4%මේ ලෝන්එක ගන්නේ කොහොමද
දුකේ පවුල් ළඟා සිටුවීම සඳහා මුදල් ආධාර ලබා දෙන්න බැරිද අපි ට වයඹ ශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නට සූදානම් සම්පත් සංවර්ධන අධිකාරිය මගින් ඒ සඳහා දක්වන්න පුලුවන්ද
මම සංචාරක සේවාවන් සපයන වියාපරයක් කරන අයෙක්. පාස්කු කොරෝනා සහ රටෙහි පැවතුණු අර්බුදය හේතුවෙන් ව්‍යාපාරය අගතියට පත්වූ අප වෙනුවෙන් සහනාධාර නව මුදලක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා ගන්නේ කොහොමද? ලබා දුන් සහන ණය කාලය ගිනි පොලියක් අපෙන් අය කර ගත්තා... උදව් කරන්න ස්තුතියි.