IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොටි හිතවාදී නඩරාජා අත්අඩංගුවට

(එෆ්.අස්ලම්)

එල්.ටී.ටී.ඊ සංවිධනයේ වෙබ් අඩෙවියක නිර්මාතෘවරයෙකු මෙන්ම දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබල කොටි හිතවාදියෙකු වශයෙන් හදුනාගෙන ඇති නඩරාජා සේදුරූපන් නැමැත්තා යාපනය නෙල්ලිඅඩි පොලිසිය විසින් ඊයේ (2) අත්අඩංගුවට ගෙන තිබේ.

නෝර්වේ රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති සැකකරු යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පුද්ගලයෙකුට දුරකතන මාර්ගයෙන් බැණ තර්ජනය කිරීම සහ කප්පම් ඉල්ලීමේ සිද්ධියකට අදාලව අධිකරණය හමුවේ පෙනී නොසිටීම මත කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබුණු වරෙන්තුවකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ වෙබ් අඩෙවියේ නිර්මාතෘ බව කියන මෙම සැකකරු නෝර්වේ රාජ්‍යයේ පදිංචි පුද්ගලයෙකු බවත් ත්‍රස්තවාදය පැවති සමයේ කොටි සංවිධානය වෙනුවෙන් මුදල් එක්රැස් කිරීම ඇතුළු ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාවන්ද ඔහුට එරෙහිව එල්ල වී තිබෙන බවට් උසස් පොලිස් නිලධාරියෙකු ලංකාදීපයට පැවසීය.

සැකකරු අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන නෙල්ලිඅඩි පොලිසිය සහ ත්‍රස්ත විමර්ශන දෙපාර්තුමේන්තුව සිදුකරයි.



අදහස් (3)

කොටි හිතවාදී නඩරාජා අත්අඩංගුවට

Bamunuarachchi Saturday, 03 August 2019 10:08 AM

අනේ 2020 ඡන්ද ටික කැඩෙයි නේද? ත්‍රස්තයින් අත්අඩංගුවට ගන්නෙක එජාප ප්‍රතිපත්තිය නොවෙයිනේ.

:       679       1007

Bamunuarachchi Saturday, 03 August 2019 11:41 PM

මෙයා ඒ කාලේ හංගපු මෝටාර් ආර්.පී.ජී. පෙන්වන්න කියා එක්ක ගියොත් හොඳයි නේද?

:       2       18

Gaspe Sunday, 04 August 2019 03:10 AM

සාක්ෂි නොමැත කියා සතියෙන් එළියේ...

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site