IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


කෝටියකට අධික වටිනා ’අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ 5ක් අත්අඩංගුවට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මුහුදු මාර්ගයෙන් අයිස් නැමැති මිල අධික මත්ද්‍රව්‍ය ගෙන්වා ගෙන විකිණීමේ ජාවාරමක නිරත වු පුද්ගලයින් පස් දෙනෙකු රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග අද  (11) සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව ගන්දර පොලීසිය පවසයි.
 
අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ මාතර දෙවිනුවර ප්‍රදේශයේ නිවසේ හා මොරවක ඔහුගේ ඥාතියෙකුගේ නිවසේ සගවා තිබියදී එම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.
 
කිලෝ එකයි ග්රෑම් හාරසිය පනහකින් යුත් එම අයිස් මත්ද්‍රව්‍ය තොගය මෑත කාලයේ මාතර දිස්ත්‍රික්කයෙන් හමු වු වැඩිම අයිස් මත් ද්‍රව්‍ය තොගය ලෙසද සැලකෙයි.
 
ග්රෑම් එකක පැකැට්ටුවක් ඔවුන් රුපියල් 7500 ක මුදලකට අලෙවි කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
 
රුපියල් හත් දහස් පන්සීයක් දී කුඩු පැකැට්ටුවක් රැගෙන යමින් සිටි සැකකරුවකු පිළිබඳව කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයට අනුයුක්තව ගන්දර පොලීසියේ සේවය කරන උප පොලිස් පරීක්ෂක ජයතිස්ස හා සැරයන් 55837 අබේසිංහ යන මහත්වරුන්ට ලැබුණු තොරතුරකට අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක්  ඔහු දෙවිනුවර නගරයේ දී සැක පිට අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබුණි.
 
මුහුදු මාර්ගයෙන් ඒවා ගෙන එන්නට ඇති බවට පොලීසිය සැක කරන අතර ඒ පිළිබදව තව දුරටත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර ගෙන යන බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
 
නීති විරෝධී මත් ද්‍රව්‍ය ජාවාරම සිදු කිරීම හා ඊට ආධාර අනුබල දීම යටතේ සැක පිට අත් අඩංගුවට ගත් මාතර දෙවිනුවර හා මොරවක පදිංචි සැකකරුවන් පස් දෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
 
 



අදහස් (2)

කෝටියකට අධික වටිනා ’අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ 5ක් අත්අඩංගුවට

ravi Monday, 11 May 2020 11:23 AM

දැක්ක තැන අපි මේ අයව පොලීසියට අල්ලලා දෙනවා.

:       1       14

K PereraTuesday, 12 May 2020 04:53 AM

වැඩක් වෙන්නේ නැහැ රවී මල්ලි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 100 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site