දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.
මෙම තරගයේදී මැද පෙළ පිතිකරු ඕෂද ප්‍රනාන්දු සහ පා දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත්හ.
තරගයේ දෙවනි ඕවරයේදීම ආරම්භක පිතිකරු ඩීන් එල්ගා පිටියෙන් ඉවත් කිරීමට විශ්ව ප්‍රනාන්දු සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ළහිරු තිරිමාන්න, ඕෂද ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ ලසිත් ඇඹුල්දෙණිය
දකුණු අප්‍රිකානු කණ්ඩායම
ෆෆ් ඩුප්ලෙසි (නායක), ඒඞ්න් මාක්‍රම්, ඩීන් එල්ගා, හෂීම් අම්ලා, ටෙම්බා බවුමා, ක්වින්ටින් ඩි’කොක්, වර්නන් පිලෙන්දර්, කේෂව් මහරාජ්, කගිසෝ රබාඩා, ඬේල් ස්ටේන් සහ ඩුඈන් ඔලිවර්
- 036
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd