
‘කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේදී ඇති එකම විකල්පය ආදාහනය යැයි තීරණය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට මුල පුරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභිකයකු වන ක්‍රිස් වැන් හොලන් මහතා ප්‍රකාශ කරයි.
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා වෙත ලිපියක් යවමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
ක්‍රිස් වැන් හොලන් මහතා ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් මණ්ඩලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත් කර තිබෙන කමිටුවේ හිටපු සම සභාපතිවරයා ද වේ.
අනිවාර්ය ආදාහනය මුල් කරගනිමින් ක්‍රිස් වැන් හොලන් මහතා මෙලස රවිනාථ ආර්යසිංහ මහතාට ලිපිය යවා ඇත.
ක්‍රිස් වැන් හොලන් මහතා යැවූ ලිපියේ මෙසේ ද සඳහන් වේ.
‘‘කොවිඩ්-19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමෙන් භූගත ජලයට වයිරසය එකතු වන බවට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළ ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මගින් භූමිදානය සහ ආදාහනය යන දෙකටම අවසර ලබා දී තිබෙනවාගිකොවිඩ්-19’ ආසාදිත මළසිරුරු භූමදානය කිරීමෙන් කොවිඩ්-19’ වයිරසය පැතිරීම වැළැක්වෙන බවට කිසිදු ප්‍රමාණවත් සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබෙනවා. කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේදී ඇති එකම විකල්පය ආදාහනය බවට පත් කිරීම මානව හිමිකම් උල්ලංඝනයකට මුල පුරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. මේ නිසා කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට මහත් ඕනෑකමින් බල කර සිටිනවා’’.
මේ අතර නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුවත් දැනුම් දීම සඳහා සති අන්තයේ දහවල් පැවැති මාධ්‍ය හමුවකදී ද මේ කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.
සන්ඩේ ටයිම්ස්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිව්යෝර්ක් නගරයේ, ඉතාලියේ කොරෝනාවෙන් මියගිය දසදහස් ගණනක් භූමදානය කළා. ලංකාවේ උගත්තු දැක්කේ නැතිද?
කෝ අපේ විමල් මන්ත්‍රීතුමා. වහාම උපවාසයක් ආරම්භ කළොත් නරකද? මේවා විදෙස් ක්‍රමන්ත්‍රණ...
මිනිසෙකු මියගිය විට පිළිස්සීම හෝ භූමදානය ගැන හොයා බලනවට වඩා ජීවත්ව ඉන්නා මිනිසුන් ගැන මීට වඩා යමක් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සිතා බලන්නේ නම්, මැනවි. අනික, කෝවිඩ් ලෝක වසංගතයක් ලෙස පැතිරෙන්නේ නැති බව කී ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන නිර්දේශ පිළිගෙන ඇතැම් අපරදිග රටවල් වැටුණු තත්ත්වය ගැන මේ ප්‍රකාශ නිකුත්කරන අඳ බාලයන් නොදැන සිටීම කණගාටුවට කරුණකි. අප රටේ වෛද්‍ය අංශ තීරණ ගනුයේ අපගේ රටේ භූගෝලීය සාධක ගැන විශේෂ අවධානයක් සහිතවය. ජල ගැලීම්, ගංවතුර ආදී පාරිසරික හේතූන් නිසා වෛරසය ජලයට මුසුවීමක් සිදුවිය හැකි බව මේ ළදරුවන්ට අවබෝධ නොවන්නේ ඇයි? මේ ගෝලීය වසංගතයට පෙර මෘතදේහ භූමදානය කිරීමට කිසිඳු බාධාවක් නොතිබුණි. වසංගතය නිමවූ පසු ඒ තත්වය සමනය වනු ඇත. මේ අවස්ථාවේ මළමිනීවල මානව හිමිකම් දෙස බලනුයේ, ඔවුන්ට විරුද්ධව සිටින මුස්ලිම් වර්ගයා දිනාගැනීමට උපක්‍රමයක් ලෙසින් බව නම් පෙනේ. ලංකාවට එක් ඇඟිල්ලක් දිගුකරනා විට තවත් ඇඟිලි 4 ක් තමන්ගේ පැත්තට ඇති බව ඔවුන්ට නොපෙනේ. මළමිනී ගැන මේ හදිසියේම විශේෂ අනුකම්පාවක් ඇතිවූයේ එසේ හෙයින් බව පෙනෙනා කරුණකි.
කළින්ම කිව්වා නම් මෙච්චර කරන්න ඕනෑ නැහැනේ මේ ප්‍රශ්නය...
එතකොට "කෝවිඩ් මළසිරුරු භූමදානය කිරීමෙන් රෝගය පැතිරීම පිළිබඳ ප්‍රමාණවත් සාක්කි නැත" කියන්නේ රෝගී සිරුරු භූමදානය නිසා රෝගය බෝ වුණු කෙනෙක් නැහැ කියන එකනේ.., තාම අපේ රටේ රෝගී සිරුරු භූමදානය කරලාත් නැති එකේ භූමදානය නිසා රෝගීන් හම්බවෙන්නේ නැහැනේ... ඔන්න මිනී වැලලුවාට පස්සේ ජල මුලාශ්‍ර නිසා රෝගීන් ඇති වුණාම ඔය මානව හිමිකම් ඈයොම කියයි "ඔන්න භූමදානය නිසා රෝගය බෝ වුණා" කියලා. අන්න එදාට අර රෝගියාගේ "මානව හිමිකම" ගැන කතා කරන්නේ කවුද? ඇත්තටම ඔය කියන "මානව හිමිකම් සංවිධානේ" පෙනී ඉන්නේ ජීවත්වන මිනිසුන්ගේ හිමිකම් වෙනුවෙන්ද? නැත්නම් මළ මිනිසුන්ගේ හිමිකම් වෙනුවෙන්ද?...
තමුන්ගේ රටේ දිනකට කෝවිඩ්-19 රෝග තත්ත්වයෙන් දිනකට දහස් ගණනක් මැරෙද්දී මේ අයට තියෙන එකම ප්‍රශ්නේ මේ පොඩි ලංකාවේ දිනකට එම රෝගාබාධයෙන් මැරෙන 5-10 දෙනාගේ ආදාහන, භූමදාන ගැටළුවයි...
පුරවැසියන්ට රටට ඇතුලු වීමට ඉඩ නොදී නිරෝධායන මාෆියාවක් පවත්වාගෙන යෑම මෙයට වැඩිය ලොකු මානව හිමිකම් කඩකිරීමක් නොවේද?
ඔබලාම ඕවා හදනවා, ඔබලාම ඔවා කඩනවා, අන්තිමට අපට අවවාද දෙනවා. දැන් ඉතින් කියයි භූමදානයට ගැටලුවක් නැහැ කියලා... පාලු ගේ වලං බිඳින්න නුඹලා දක්ෂයි.. අපේ දේශපාලයින්ට තේරෙන්නේ නැතිකමට මොනවා කරන්නද?
මමත් මෙයාට ලියනවා රටේ මිනිස්සුන්ට, රටට එන්න දෙන්නේ නැතිව මානව හිමිකම් උල්ලංඝනය කරනවා කියලා.
ලංකාව වැඩකරන්නේ ලංකාවේ නීතියට අනුව... ඔය ජාත්‍යන්තර නීති රෙගුලාසි අපිට වැඩක් නැහැ...