ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් එය බලයට පත්වන කිසිදු රජයකට නැවත අහෝසි කිරිමට නොහැකි යැයි හිටපු අධිකරණ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසිය.
විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද (7) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කීය.
පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන එම ගිවිසුම අත්සන් කළහොත් ජාතික ආරක්ෂාව ගැන සිතා හෝ එම ගිවිසුම අහෝසි කිරිමට නොහැකි බව මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS
මෙන්න මෙන්න මෙයා ආපහු ඇහැරලා. මහින්ද මහත්තයාගේ කාලෙත් මේ ආධාර ගිවිසුම ඉදිරිපත් කළා. ඒකාලේ කවුරුවත් මෙහෙම විරෝධතා පෙන්නුවේ නැහැ. වැඩේ කෙරුනේ නැත්තේ අර සුප්‍රකට සියයට දහයේ කප්පම් හුට පටේ නිසා කියලයි කියන්නේ.
මේ වගේ තත්වයක් ඇතුලෙත් මේක මේ හදිස්සියේ සම්මත කරගන්න හදන්නේ මොන පදනමක ඉදලද කියල දන්නේ මංගලම තමයි.
විජයදාස රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධියේ කියන්ට පුලුවන්ද ඔබ සහයෝග දක්වන ජනාධිපති අපේක්ෂකයා මේ ගිවිසුමට සහයෝග දක්වනවාද, නැද්ද යන්න?
ඔබ ජනතාව රැවටූ කෙනෙක් ඔබේ වදන්වල හරයක් නෑ ඔය ගිවිසුම අවලංගු කරනවා කියල ගෝඨා මැතිදු කියන්නෙ නැත්තෙ ඇයි. ඔහු ඇමරිකාවට පක්ෂපාතීද? ජනතාව තවත් මුලා කරන්න එපා.
මොනවද ඔය කියන බොරු? දැන් කිව්වා නේද ඔය ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා.
අවස්ථාවාදියෙක් විතරයි. රට ගැන හිතනම කෙනා. එහෙනම් ඉස්සරවෙලාම ගෝඨගේ පුරවැසිභාවය බලලා ඉන්නකෝ. නැත්නම් ඇමෙරිකන් පුරවැසියෙක් රටේ නායකයා වෙනවනේ. ඒක මේ ගිවිසුම් වලට වැඩිය භයානකයිනේ.
කෙරුවාවේ තරම අපිට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. පහුගිය කාලේ තමුන් ගහපු ඩීල් ගැනත් රටම දන්නවා.
MCC එකට වඩා අති භයානක පහත් වැඩ කරලා තියෙන්නේ... මහජන මුදල් හොරා කාපු අයගේ නඩු හංගලා ප්‍රසිද්ධියේ උජාරුවට කියාපු ලෝකේ ඉන්න පළමු කෙනා වෙන්න ඇති...
ඇත්තෙන්ම මේ උන්නැහේ කොහෙද හිටියේ...? මොනවා වුණත් මේ උන්දැත් ගිවිසුම ගැන නම් කියලා තියන දෙය සම්පූර්ණ ඇත්ත. ඇමරිකන් කාරයා ලෝකයේ කිසිඳු රටකට යටි හිතේ බලාපොරොත්තු ගොන්නක් තියාගෙන උදව් කර එම රට නන්නත්තාර කරා හැර නිකන් නම් උදව් කරාද කියලා අවංකව ලෝක දේශපාලනය ගැන හොයන කෙනෙකුට හොඳින්ම වැටහෙනවා. අප ප්‍රසිද්ධියේම අහන්නෙත් නුඹලා මේ ගිවිසුමට අත්සන් කරනවාද නැද්ද යන්නයි...
පච කියන එකෙත් සීමාවක් තියාගන්න. එහෙට මෙහෙට පැන පැන ඉන්න. මේ මනුස්සයා දුන්නු වැරදි උපදෙස් පිලිඅරගෙන ජනාධිපතිතුමා වගේම මහින්දත් අමාරුවේ වැටුනා. කිව්වොත් බේගලක්මයි ඇදබාන්නේ.
දෙගොල්ලම එදා සිටම කලේ රට කොටසින් කොටස විකුණපු එක... මොලේ කියලා දෙයක් නොමැති අය ගෝඨාභය ආවත් කරන්නේ ඕකම තමයි. අමිල සම්පතක් වූ හමුදා මූලස්ථානය සින්නක්කරව චීනයට දුන්නේ එයාගේ අම්මගේ, අප්පගේ දේවල් කියලා හිතලද...?
නිකං බොරු බිල්ලෝ මවලා අපිව අන්දන්නම් බැහැ හොඳේ.