( තිළිණි ද සිල්වා )
කොවිඩ්-19 මර්දන එන්නත නැවත පිරවීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ පිහිටුවන්නැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා සයිනොෆාම් එන්නත් නිෂ්පාදන සමාගමෙන් ඉල්ලීමක් කර ඇත.
සයිනොෆාම් කොවිඩ් එන්නත නිෂ්පාදනය කරන සීමාසහිත සයිනොෆාර්ම් බීජිං ජීව නිෂ්පාදන ආයතනයට ප්‍රධාන කාර්යාලය වෙත ගිය ශ්‍රී ලංකා තානාපතිවරයා එම සමාගමේ කළමනාකාරීත්වයෙන් මෙම ඉල්ලීම කළ බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
වාණිජමය වශයෙන් ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රාවන් මිලියන 23 ක් ලබා දීම පිළිබඳව තානාපතිවරයා සයිනොෆාම් ආයතනයට සිය කෘතඥතාවයද පළ කළේය.
එම සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණෙන්නැයි ශ්‍රී ලංකා තානාපතිවරයාට කළ ආරාධනයකට අනුව ආචාර්ය කොහොන මහතා මෙම සමාගම් ප්‍රධන කාර්යාලයට ගොසු ඇත.
සයිනොෆාම් මූලස්ථානයේ උප සභාපති ෂි ෂෙංයී මහතා, ජීව විද්‍යාත්මක නිෂ්පාදන අංශයේ සභාපති ෂු ජිංජින් මහතා සහ ජාත්‍යන්තර අංශයේ උප සභාපති යාන් බිං මහතා තානාපතිවරයා පිළිගත් අතර, නියෝජිත පිරිස සමඟ අතිවිශාල කර්මාන්ත ශාලාව නැරඹීම සඳහා සංචාරය කළහ.
ශ්‍රී ලංකා තානාපතිවරයා, මධ්‍යම පාලක මැදිරිය සහ වසරකට මාත්‍රා බිලියන පහක් නිෂ්පාදනය කළ හැකි එන්නත් නිෂ්පාදන කම්හල නැරඹීය.
1919 දී සිදු වූ ආරම්භයේ සිට, එහි වර්තමාන අති නවීන පහසුකම් දක්වා වූසීමාසහිත සයිනොෆාර්ම් බීජිං ජීව නිෂ්පාදන ආයතනයේ ක්‍රමික ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකා තානාපති ඇතුළු නියෝජිත පිරිස දැනුවත් කරන ලදි.
මෙම කර්මාන්ත ශාලාව නිරීක්ෂනය කිරීමේදී කොවිඩ්-19 එන්නත නැවත පිරවීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ දී ස්ථාපිත කිරීමේ වාසිය පෙන්වා දුන් ආචාර්ය පාලිත කොහොන මහතා ශ්‍රී ලංකාවේ එන්නත් නැවත පිරවීමේ කම්හලක් පිහිටුවීම සඳහා සයිනොෆාම් සමාගමයේ කළමනාකාරීත්වයෙන් ඉල්ලීමක් කළේය.
මෙම එන්නත සදහා දේශීය වෙළෙඳපොළ අවස්ථා සහ කලාපය තුළ පවතින පුළුල් වෙළෙඳපොළ ප්‍රවේශය පිළිබඳව ද ශ්‍රී ලංකා තානාපතිවරයා කරුණු පෙන්වා දුන්නේය.
සයිනොෆාම් හි කළමනාකරණය ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බවද චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
මීට පෙර 07 වැනිදා ශ්‍රී ලංකා තානාපතිවරයා සයිනොෆාම් ආයතනය වෙත සංචාරය කළ අතර, එහි දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ලිපියක් සමාගමේ සභාපති ලියු ජින්ග්සන් මහතා වෙත භාර දුන්නේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
එන්නත් නැවත පිරවීමේ කර්මාන්තශාලාවක් ලංකාවේ අරඹන්නැයි ඉල්ලයි