IMG-LOGO

2025 මාර්තු මස 23 වන ඉරිදා


එජාපෙ නඟන චෝදනා ප්‍රතික්ෂේප කරන බව මහින්ද කියයි

(නිමල කොඩිතුවක්කු)       
     
නඩු වලට බයේ ආණ්ඩුව බාරගෙන ඇති බවට එක්සත් ජාතික පක්ෂය නගන චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන බවත් තමන්ට එල්ල වී ඇති  ඕනෑම චෝදනාවකට අධිකරණයේ දී මුහුණ දිමට සුදානම් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹදී පැවැසීය.

තමන් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අසත්‍ය ප‍්‍රචාර සිදුකරමින් සිටින බවත්  සඳහන් කළ රාජපක්ෂ මහතා තමාගෙන් දේශපාලන වශයෙන්  පලිගැනිම සඳහා අවශ්‍ය නඩු පවරා මේ වනවිට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග පවා ගෙන ඇති බවද සඳහන් කළේය.

නාරාහේන්පිට අභයාරාමයේදී අද (06) පැවැති උත්සවයකදී  මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

 ‘‘අද ජනාධිපතිවරයා ඉන්නවා. ලේකම්වරු ඉන්නවා. ඒ ආණ්ඩුවේ අපි වැඩකරගෙන යනවා. නඩුවේ තීන්දුව පිළිබඳ  මට මුකුත් කියන්න බැහැ. දැන් අපේ අයගේ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතන්නේ එහි තින්දුව සඳුදා  වන විට ලැබේවී.

එතකන් අගමැතිවරයා ඉන්නවා. ඇමැතිවරු ඉන්නවා. හැබැයි මෙහෙයවන්න බැහැ. අභියාචනාධිකරණය ලබා දුන් ඒ තීන්දුවට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපි මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය කරුණූ ඉදිරිපත් කරලා තියෙනවා. 

මේ වගේ දෙයක් ලෝකයේ කොහේවත්  සිදුවුණේ නැති දෙයක්.  ලෝකයේ පළමු වතාවට  තමයි පහළ අධිකරණයකින් මේ වගේ තීන්දුවක් ලබා දුන්නේ. අපි රජයේ සේවකයන්  නෙමෙයි. ඒ නිසා මේ තීන්දුව  වැරදියි කියන මතයේ තමයි අපි ඉන්නේ.

මැතිවරණයක් සඳහා  අපි සූදානම් වෙනවා. අපි  ආවේ මැතිවරණයක් තියන්නයි. අපි එදා බාරගනීද්දිත් මැතිවරණයක් ගැන  කිව්වා. දැනුත් කියන්නේ මැතිවරණයක් ගැනයි. 

මැතිවරණයක් පැවැත්වීම මගේ පෞද්ගලික උවමනාවක් නෙමෙයි. රටේ බහුතර ජනතාවගේ එකම පරමාර්ථය තමයි මැතිවරණයක් තියලා මේ රට ස්ථාවර කරන එක. අපි වැඩ කරන්නේ ජනතා කැමැත්ත අනුවයි."



අදහස් (12)

එජාපෙ නඟන චෝදනා ප්‍රතික්ෂේප කරන බව මහින්ද කියයි

rish Thursday, 06 December 2018 11:51 AM

ලෝකයේ කොහේවත් බහුතරයක් නැතුව ආණ්ඩු පෙරලලා අගමැතිකම් කරන්නෙත් නෑ

:       0       0

De Thursday, 06 December 2018 12:18 PM

අපිට මැතිවරණවත් , ඇමතිවරුවත් නෙවි ඕනි. ඔය 225 ම නැතත් කමක් නෑ, රටේ තියන ප්‍රශ්නවලට උත්තර විතරයි ඕන. කව්රු බලයේ හිටියත් ජනතාවට වැඩක් නෑ. හැමදාම දුක්විදින්න වෙනවට අපි කවුරුත් කැමති නෑ. ජනතාවට නිල්,කොළ ,රතු එපාවෙච්ච පාට ඕවා. අපි වගේ පුංචි රටකට මෙච්චර මොකටද? මේ ප්‍රකාශය දේශපාලන මතයක් නොවන බව කරුණාවෙන් දන්වමි

:       0       0

Buddika Thursday, 06 December 2018 12:42 PM

ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එත් සත්‍යය ඒකනේ

:       0       0

Amila Thursday, 06 December 2018 01:34 PM

ඉතින් අපහාස කරා කියලා නීතියෙන් කටයුතු කරන්නකෝ

:       0       0

tommy Thursday, 06 December 2018 02:29 PM

මා සිතන්නේ මොහු ප්‍රකාශ කරන දේ ඇත්තක් බවයි.

:       875       856

ධනුෂ්ක Thursday, 06 December 2018 02:39 PM

ජනතා කැමැත්ත අනූව වැඩ කරනවනම් ඉතින් 2015 ජනවාරී 08 වෙනිදා ජනතාව කැමති විදිහ පෙන්වලා දුන්නා. එ් අනුව වැඩ කරන්න එපැයි. නමුත් යහපාලකයන්ගේ නොහොබිනාකම්, දුර්වලතා, දූෂිත බව නිසා නැවත ජනතාව මෙතුමා වටා පෙල ගැහුනා.

:       556       526

Rata Perata Thursday, 06 December 2018 04:26 PM

ඔයා ප්‍රතික්ෂේප කරන්න, ඒත් ඇත්ත ඒක කියලා අපි හැමෝම දන්නවා.

:       2029       2121

Nm Thursday, 06 December 2018 06:10 PM

ජනතාවගේ කැමැත්තද ? ජනතා පරමාධිපත්‍යද ?

:       0       0

visaka Thursday, 06 December 2018 10:54 PM

රජයේ සේවකයෙක් නෙමෙයි නම් විශ්‍රාම වැටුප් ගන්නේ?

:       0       0

jaya Friday, 07 December 2018 12:08 AM

මෙහෙම රටේ පාලකයෝ අධිකරණය ගැන මත ඉදිරිපත් කිරීම නොකළ යුත්තක් .

:       55       101

බබානිස් අප්පු Friday, 07 December 2018 01:28 AM

2015 ජනවාරි 8 ට පෙර සිදුවුණු දේ මෛත්‍රීපාල මහතාට අමතක වුණාට රටේ ජනතාවට අමතක නැහැ

:       101       178

Bamunuarachchi Friday, 07 December 2018 05:10 PM

ඔබට විරුද්දව තිබෙන නඩු ඉක්මන් කොරන්නනේද අලුත් ඇමතියෙක් පත්කොලේ. කෝ අවුරුදු 4ක් බම්බු ගසුවාද නඩු ඉවරකර හිරේ දමන්නේ නැතුව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ආර්.එම්. වී වැඩ ගැන කෝපා කෝප වෙයි
2025 මාර්තු මස 23 31 0

ව්‍යාජ ලේඛන යොදාගෙන අත් ඇක්ටර් මුවාවෙන් සුපිරි මෝටර් රථ ගෙන්වීමේ වංචනික ක්‍රියාවක් පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අන


ජාතියේ පියාට උපහාර දක්වයි
2025 මාර්තු මස 23 120 0

ජාතියේ පියා ලෙස විරුදාවලිය ලත් නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ 73 වන ගුණ සමරු උත්සවය කොළඹ 07 නිදහස් චතුරස්‍රයේදී


අධිවේගයේ පොතුහැර -රඹුක්කන වැඩ ඉවර වෙන දවස කියයි
2025 මාර්තු මස 23 534 0

මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර- රඹුක්කන කොටස 2026 වසර අවසානයේ නිමකිරීමට බලාපොරොත්තු වන බව මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා


බණ්ඩාරගම නාමයෝජනාවලට මොකද වුණේ
2025 මාර්තු මස 23 400 0

මෙවර පළාත් පාලන මැතිවරණයට බණ්ඩාරගම බණ්ඩාරගම පළාත් පාලන ආයතනය සඳහා 36 කුගෙන් යුත් නාමයෝජනා පත්‍ර අඩංගු ගොනුවේ අවසන් පිටුව කළුතර දිස්ත්‍රික් මැතිවරණ මහ


බස්,ත්‍රිරෝද, වෑන් ගැටී හතක් රෝහලට
2025 මාර්තු මස 23 747 0

බණ්ඩාරවෙල සිට වැල්ලවාය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (23) පස්වරුවේ බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෝව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක සහ වෑන


මුදල් ගණු දෙනුව දුර දිග ගිහින් ඇසිඩ් ගහලා
2025 මාර්තු මස 23 402 0

බේරුවල අඹේපිටිය ඩයස් වත්ත ප්‍රදේශයේ දෙපාර්ශවත් අතර ඇතිවූ මුදල් ගනුදෙනුවක් මුල් සිද්ධියක් සම්බන්ධයෙන් ගැටුමක් දුරදිග යාමෙන් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 162 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 535 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1151 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site