(අංජුල මහික වීරරත්න)

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනේදි සමගි ජන බලවේගය ඇතුළු සෙසු පක්ෂවලට සහාය දැක්වූ තරුණ ක්‍රියාකාරීන් රැසක් නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ඉකුත් දින හතරක් පුරා බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම ආසන ආවරණය වන පරිදි මෙම ප්‍රතිසංවිධාන වැඩසටහන පැවැත්විණි.

සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන්ට අමතරව අපේ ජන බල පක්ෂයෙන් පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ බොදුබලසේනා සංවිධානයේ බදුල්ල ප්‍රධාන ක්‍රියාකාරී දිනේෂ් හෙට්ටිආරච්චි මහතා ඇතුළු තරුණ පිරිසක් ද  බදුල්ල පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනේදී එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.