මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ නඩුව විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව කියයි.