(එෆ්.අස්ලම්)
ඌව පළාතේ දෙමළ පාසල්වල සිටින දෙමළ භාෂාව කතා කළ නොහැකි සිංහල ගුරුවරුන් හඳුනාගැනීම සඳහා තම අමාත්‍යාංශයේ ලේකම්වරියගේ මූලිකත්වයෙන් විශේෂ කමිටුවක් පත්කරන බව ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා පැවසීය.
දෙමළ භාෂාව නොදැන පළාතේ දෙමළ පාසල්වල සිටින සියළුම සිංහල ගුරුවරුන් ස්ථාන මාරුකර යැවීමේ තම තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවත් කුමන බාධක පැමිණියද තමා එම පියවර ගන්නා බවද හෙතෙම කීය.
බදුල්ල දෙමළ බාලිකා විදුහලේ ඇතුළු ඌව පළාතේ සියළුම දෙමළ පාසල්වල සිටින සිංහල ගුරුවරුන් ඉවත් කිරීමේ තීරණය සම්බන්ධයෙන් සිය අමාත්‍යාංශයේදී අද (5)විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් තොන්ඩමන් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
2000 වසරේ ඉදලා ඌව පළාතේ දෙමළ පාසල්වල අධ්‍යාපන තත්ත්වය කඩා වැටිලා.නමුත් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දෙමළ අධ්‍යාපන විෂය ජනාධිපතිවරයා විසින් තම අමාත්‍යාංශයට පවරා ඇති බවත් ජනාධිපතිවරයා ඒ තැබූ විශ්වාසය තහවුරු කරමින් වසරක් ගතවන්නට මත්තෙන් දෙමළ පාසල්වල විද්‍යා ගණිත අංශ වලින් 13 දෙනෙකුට සරසවි වරම් ලබූ බවත් එය 19 වසරකට පසුව පළාතේ දෙමළ අධ්‍යාපනයේ ලොකු ජයග්‍රහණයක් බවත් ඔහු පැවැසීය.
පළාතේ ගුරුවරුන් විද්‍යා ගණිත වැනි විෂයන් වලට සිටියත් නගරයේ පාසල්වල ඒ ගුරුවරුන් සිටීම නිසා දෙමළ පාසල්වල එම විෂයන්වලට ලොකු පුරප්පාඩුවක් තියෙනවා.මම මේ අමාත්‍යාංශය මම ගත්තට පස්සේ අධ්‍යාපනය සංවර්ධනය කරන්න ඕන නිසා ගුරුවරුන් හඳුනාගෙන අඩුපාඩුකම් සම්පූර්ණ කරල දුන්නා.ඒ වෙලාවේ මට තර්ජන ආවා. මානව හිමිකම් යනවා.ළමයින්ගේ අධ්‍යාපනය නංවන්නයි මගේ උවමනාව වුණේ.දැන් මම කරපු එක හරි කියල මේ ප්‍රතිඵල වලින් පැහැදිලියි.
ඒ වගේම ගොඩක් දෙමළ පාසල් වල උගත් සිංහල ගුරුවරුන් ඉන්නවා.නමුත් එයාලට දෙමළ තේරෙන්නෙ නැහැ.ඒ නිසා ඒ ගුරුවරුන්ට අමාරුයි මේ ළමයිට උගන්වන්න.ළමයිට තේරුම්ගන්න අමාරුයි මේ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න.මේකෙන් දරුවන්ටයි පාඩුවක් වෙන්නේ.ඒ නිසා ඒ ගුරුවරුන්ට හොඳ සිංහල ඉස්කෝලයකට ස්ථාන මාරු කරල යවල මේ ළමයින්ට හොඳට තේරෙන්න උගන්වන්න පුළුවන් ගුරුවරු එතනට දැම්මොත් තමයි මේ උත්සහාය සාර්ථක වෙන්නේ.
මට දෙමළ දරුවො සිංහල දරුවො මුස්ලිම් දරුවො කියල නැහැ.සිංහල දන්නෙ නැති දෙමළ ගුරුවරයෙක් මම සිංහල ඉස්කෝලෙකට දැම්මොත් සිංහල ළමයිට උගන්වන්න බැරි වෙනවා සිංහල ළමයින්ටත් තේරුම් ගන්නත් බැහැ.
ඒ නිසා අපි ඊළගට මේ පියවර ගන්නවා.අපි ඒ සම්බන්ධයෙන් සොයා බලනවා.මගේ අමාත්‍යාංශයේ ලේකම්වරිය ප්‍රමුඛ කණ්ඩයමක් යවල දෙමළ ඉස්කෝල වල ඉන්න දෙමළ දන්නෙනැති සිංහල ගුරුවරු කවුරුන්ද කියල අනාවරණය කරගන්නවා.
දෙමළෙන් උගන්වන්න පුළුවන් නම් ඒ ගුරුවරිය සිංහල වුනත් මුස්ලිම් වුනත් ප්‍රශ්නයක් නැහැ.නමුත් දෙමළ දන්නෙ නැති අයව අනිවාර්යෙන්ම ස්ථාන මාරු කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අස්කරන සියලුම සිංහල ගුරුවර ගුරුවරියෝ දෙගුණයක් මහන්සියෙන් සිංහල ළමයින්ට ඉගැන්වියයුතුය් එහෙම නැති උනොත් මේ ජාතිවදියගේ දිනුමක් වෙනවා.
බලලා මල්ලෙන් එලියට පැනීම ..කියන්නේ ඕවට තමා....
අස්ථාවර රාජ්‍යක මීලගට ඔබ දකින්නේ සුළු-ජාතිවාදයේ ඉස්මතුවීමයි. ඕනෑම අසාර්ථක රාජ්‍යක අන්තවාදීන්, ත්‍රස්තවාදීන් සහ කැරලිකරුවන් බිහි කරවීමේ මුලාරම්භය මෙයයි.
කතාව ඇත්තනේ... දෙමල බැරි එකෙක් දෙමල ස්කොලෙක තියාගන්නේ පොල් ගාන්ඩද..... භාෂාව බැරිව කොහොමද සිසුන්ට උගන්වන්නේ
කොහොමද ඉන්දියාව අපිට බලහත්කාරයෙන් පටවපු පළාත් සභාව? ප්‍රශ්න විසඳන ලකුණු පේනවද? බලන්න මේ සෙන්දිල් තොන්ඩමාන් දේශපාලනයට ආපු මාර්ගය. සොමිය මූර්ති තොන්ඩමන් දේශපාලනයට ඇවිල්ලා අර්මුගම තොන්ඩමන්ට දුන්නා. ඔහු දුන්නා මේ සෙන්දිල් තොන්ඩමන්ට. මේක තමයි දකුණේත් වෙලා තියන්නේ. බහුතරය ඉන්නේ පවුල් දේශපාලනය. මේක තමයි මේ පළාත් සභාවේ ප්‍රතිපල.
සිංහල ඉස්කෝලවල දෙමළ උගන්වනවා වගේ දෙමළ ඉස්කෝලවලත් සිංහල උගන්වන්න ඕනෑ.
මේකට බුද්ධිමත් නම් කළයුත්තේ සිංහල පාසල්වල හොඳට දෙමළ, ඉංග්‍රීසි උගන්වලා අපේ දරු පරම්පරාව ත්‍රි භාෂාවෙන්ම සන්නද්ධ කරන එක, එතකොට කාටවත් ඇඟිල්ල දික්කරන්න බැහැ. ඔවුන්ට රටේ ඕනතැනක වැඩකරන්න පුළුවන් වෙයි..
සිංහල පළාත් වල තිබෙන දෙමල පාසල් වල මාධ්‍ය සිංහලට හරවන්න. ප්‍රශ්නය ඉබේම විසදේවී! මයසියාවේ ඉන්න දෙමල ජනතාව යස අගේට මැලේ භාෂාවෙන් ඉගෙනගන්නේ!