IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


උපරිමාධිකරණ ගබඩාවේ ගින්න ගැන 31 දෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

 

(ඉන්දිකා රාමනායක)

උපරිමාධිකරණය සංකීර්ණයේ  බිම්මහලේ  ගබඩාවක ඊයේ (15) පස්වරුවේ  හටගත් ගින්න සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු  උපරිමාධිකරණයේ ප්‍රධාන විධායක නිලධාරි(මාෂල්) වරයා ඇතුලු පුද්ගලයන් 31 ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

ප්‍රකාශ ලබාගත්  පිරිස අතර එහි ආරක්ෂක නිලධාරීන් ඇතුළු සේවකයින් සිටින බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

අතිරේක රස පරීක්ෂක එල් ඩබ්ලිව් ජයමාන්න, ජ්‍යෙෂඨ සහකාර රස පරීක්ෂක ඩබ්ලිව ඒ ආර් ප්‍රනාන්දු  මහත්වරුන් ඊයේ එම  ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළබවද විදුලි ඉංජිනේරු වරයෙක්  ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණයක් ආරම්භ කළ බවත්  මෙම සියලු වාර්තා ඉදිරි දිනවල ලැබීමට නියමිතව ඇති බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය .

මෙම ගින්නෙන් එහි ලේඛනාගාරයට හෝ කිසිදු නඩු ගොනුවකට හෝ  එහි දේපළකට හානියක් සිදුව නොමැති බව ද අජිත් රෝහණ මහතා සදහන් කළේය.

උපරිමාධිකරණයේ වායු සමීකරණ  පද්ධතිය සඳහා භාවිතා කර ඉන් ඉවත්කර තිබු   උපකරණ  තිබු බවත්  මෙම ගබඩාවේ  මෙම ගින්න හටගෙන තිබූ බව ද  අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

උපරිමාධිකරණ ගබඩාවේ ගින්න ගැන 31 දෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

WCA Wednesday, 16 December 2020 05:40 PM

අර හිරකාරයෝ මැරුණේ ගහගෙන කියල පස්සේ 4 දෙනෙක් මැරුණේ වෙඩි වැදිලා කියල වගේ... පස්සේ කියන්නේ නැතිව දැම්ම කියන්න සෑර් අපි මුකුත් කියන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site