(රොමේෂ් මධුෂංඛ)
යාපනය කීරිමලේ ප්‍රදේශයේ නිවසකදී, උණුවතුර බෝතලයක් ඇඟ මතට පෙරළීමෙන් ඇති වූ පිළිස්සුම් තුවාල හේතුවෙන් බිලිඳකු මිය ගොස් ඇති බව කන්කසන්තුරෙයි පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ අවුරුද්දක් වයසැති ගජීපන් සගාස් නැමති බිලිඳෙකි.
කීරිමලෙයි නල්ලිනක්කපුරම් ප්‍රදේශයේ පදිංචි පවුලක මව දරුවාට කිරි සෑදීමට වතුර උණු කර, උණු වතුර බෝතලය දරුවා සිටි කාමරයේ මේසය උඩ තබා කාමරයෙන් ඉවතට ගොස් ඇත.
එම අවස්ථාවේදී දරුවා මේසයට දමා තිබූ ඉටි රෙද්ද ඇදීම හේතුවෙන් උණුවතුර බෝතලයේ පියන ඇරී දරුවාගේ ඇඟ මතට වැටී තිබේ.
බිලිඳා බරපතල පිළිසුම් තුවාල සහිතව තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කර ඇත. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දරුවා මිය ගොස් තිබේ.
මවගේ නොසැලකිල්ල හේතුවෙන් බිලිඳා මිය ගිය බව පරීක්ෂණ කරන කන්කසන්තුරෙයි පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
482
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උණුවතුර බෝතලය ඇඟට වැටී බිලිඳා මරුට