IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


‘ඉදිරි අවුරුදු 3 ගැන රාජාසන කතාවේ වචනයක්වත් නෑ‘

(නිමල කොඩිතුවක්ක)

ඉදිරි අවුරුදු තුන රට පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේ වචනයක්වත් සඳහන් නොවූ  බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය.

රටේ පවතින අර්බුද, ජනතා ගැටලු සම්බන්ධයෙන් එහි කිසිදු අවධානයක් යොමු කර නොතිබූ බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

කොලඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

"ජනාධිපතිවරණය දුන් පොරොන්දු ඉටු කරන බව කිව්වත් ඒ කරන්නේ කොහොමද කියලා වචනයක්වත් එහි සඳහන් වුණේ නැහැ. රසායනික පොහොර ගැන, ජීවන වියදම අඩු කිරිම ගැන, ගෑස් ප්‍රශ්නය, විදුලිය ඉන්ධන ප්‍රශ්නය,  ණය ගෙවන විදියක් ගැන කතා කරයි කියලා අපි හිතුවා. නමුත් ඒ ගැන කිසිදු සදහනක් සඳහනක් එහි තිබුණේ නැහැ. කිසිම ප්ලෑන් එකක් නැහැ. මේ ආණ්ඩුව  එදා වේල ටුවර්ස් යන්නේ. උදේට නැගිටලා කල්පනා කරනවා අද කොහොමද සල්ලි හොයන්නෙ කියලා. අපේ මිනිස්සු ජීවත් කරවන්න ඉන්දියාවෙන් සල්ලි ඉල්ලනවා. කිසිම පාලනයක්, සැලැස්මක් ආණ්ඩුවට  නැහැ. එක්යි කැබිනට් සං⁣ශෝධනයක් නොකරේ. කූට්ටම කොහොම ඇණුවත් ඉන්නේ ජෝකර්ලා.



අදහස් (8)

‘ඉදිරි අවුරුදු 3 ගැන රාජාසන කතාවේ වචනයක්වත් නෑ‘

RA Wednesday, 19 January 2022 10:54 AM

ඕනැ ගොනෙකුට ඕනැ දෙයක් කියන්න පුලුවන්..!

:       9       15

sharm warn Wednesday, 19 January 2022 11:33 AM

කියන්න දෙයක් තියෙන්න එපැයි..! අවුරුදු 2ක් කළේත් විකාර වැඩම තමයි...

:       8       13

fairoos Wednesday, 19 January 2022 12:30 PM

හරියට හරි තවත් අවුරුදු 3ක් දැන් කරලා තියෙනවා වගේමයි යන්න වෙන්නේ. 69 ලක්ෂයට නම් දැන් සැපයි.

:       6       4

Senarath Wednesday, 19 January 2022 01:34 PM

ඔයා පාර්ලිමේන්තුවේ බුදියගෙනද හිටියේ? රටේ කිසිම වසංගතයක් නොතිබියදීත් රට විනාශ මුඛයට ඇද දමපු කණ්ඩායමේ ප්‍රබලයෙක් වන තමුන්නාන්සේ ඒ අවුරුදු 5 කරපු හැටි දැක්කනේ... මහනුවර අධිවේගී මාර්ගය කොන්ත්‍රාත් දීපු සහ ඒකට මුදල් ගෙවපු හැටිත් රටම දන්නවා. අවුරුදු 5ක් බලයේ ඉඳලත් බැරිවුණා ඒ පාරෙන් එක සුළු කොටසක්වත් නිමකරන්න. රටේ සල්ලි නිකන්ම කාබාසිනියා කරපු උදවිය ඔබලා... රටේ ණය කන්ද වැඩිකිරීම නම් කළා.

:       5       7

RaveendraWednesday, 19 January 2022 02:30 PM

Senarath මයා වෙත, බූරුවන්ට, වාචාලයින්ට, වැඩකටම නැති අපතයින්ට තමුන්නාසේ නොකියන බව ඔබට නොතේරීම කණගාටුවකි..

:       3       5

මොට්ටපාල Wednesday, 19 January 2022 03:26 PM

සෙනරත් මහත්තයෝ ඔයා සාමාන්‍ය පෙළ විභාගයේ ගණන් ෆේල් කියලා තේරෙනවා. යහපාලන රජය අහෝසි වුනේ 2019 වසරේ පත්වුනේ 2015 අවුරුදු පහක් කොයින්ද? (2019-2015=4 යි නේ) ඔබේ ක්‍රමයට ඔබේ වයස කියන්න කැමතිද කියන්න...

:       3       3

GonjaWednesday, 19 January 2022 04:35 PM

ඇඟිලිවලින් ගැනලා බලන්න. ලක්ෂ 55 අය ඔය වගේ තමයි.

:       2       2

RanjithWednesday, 19 January 2022 04:33 PM

සුපිරි කතාව. මෙයාලගේ යහපාලන ආණ්ඩුව හොරාකෑවා මිස කිසිම වැඩක් කළේ නැහැ.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 107 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site