







සංජිව නිරෝෂණ
ඉතාලියේ සමාධි විහාරස්ථානය හා සමාධි සිංහල පාසල මගින් 10 වැනි වරටත් සංවිධනය කරන ලද සමාධි ගම්මැද්දෙ අලුත් අවුරුදු අසිරිය ඉතාලියේ කම්පෝ චෙරේට්ට හිදී පැවැත්විණි.
සමාධි විහාරස්ථානයේ විහාරාධිපති දොඩන්දෙනියේ නන්දසිරි හිමියන්, විහාරාධිකාරී පුජ්‍ය අරියධම්ම හිමියන්, සිංහල පාසල් ගුරු මණ්ඩලය,දෙමාපියන් ,ෆෙරෝන්සේ ලුකා පාසලේ දු දරුවන් විහාරස්ථාන දායක සභාව සාමාජිකයන් , ඉතාලියේ ෆෙරෝන්සේ නගර සභාවේ ඒකාබද්ධතා කටයුතු මන්ත්‍රී සාරා ෆියුනා හා ක්‍රිඩා මන්ත්‍රී ඇන්ඩ්රිය වනියුස් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ වෙන රටක පදිංචියට ගියා නම් ඒ රටේ විදියට ඉන්න ඕනි. ආයේ ලංකාවට එනවා නම් ඕවා කලාට කමක් නැ.
මිනිස්සුන්ට තැනේ හැටියට වෙනස් වෙන්න බැරි නිසා තමයි මේ ලෝකේ මෙච්චර ප්‍රශ්න. අර නවසිලන්තේ වගේ සුද්දෙක් මෙතෙන්ට ඇවිල්ල වෙඩි තිබ්බ නම් බලාගන්න තිබ්බ.
ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද? සුද්දෝ ලෝකේ රටවල්වලට පැනලා මිනිස් ඝාතන කරලා උන්ට ඕන විදියට ඒ රටවල (සම)හරක් ගේ ආගම සහ සංස්කෘතිය වෙනස් කරා.හැමෝම එහෙම උනේ නැහැ.තමන්ගේ අනන්‍යතාවය පෙන්නන්නට නොහැකි තරමට නිහීන නම් කරන යට කරන්ට දීල ඉන්නයි තියෙන්නේ.
ඉතාලියේ තවත් ලංකාවක් හදන්න යනවා නම් ලංකාවේ තවත් ආරාබියක් හැදුවට කමක් නැ ඉතින්. ආගම සංස්කෘතිය බදාගෙන ඉන්නේ මොකටද. වෙන රටක පදිංචියට ගියා නම් අලුත් ජිවිතයක් පටන්ගෙන ඒ රටේ දේවල් අගයමින් ඉන්න ඕනි.
මේ අය කරන්නේ වසරකට සැරයක් තමන්ගේ උත්සවයක් පැවැත්වීම මිසක් රටෙන් කොටසක් ඉල්ලිම නොවේ
සමහර අයට මයික්‍රෆෝනය දුන්නම නඩු දාලවත් එ්ක ආපහු ගන්න බැහැ. අනිත් මිනිස්සුන්ට වමනේ ගිහිල්ලා කලන්තේ දානකල්ම කතා කරනවා හරියට ඇවිල්ලා ඉන්න ඔක්කොම අන්ධයෝ කියලා හිතාගෙන වගේ... අපිට පෙනෙන සියල්ලම මයික්‍රෝෆෝනයෙනුත් කියවනවා.