IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉඩමක අයිතිය ඉල්ලා පවුලක් පාරට බසිති

(දිලීප් ජයසේකර)
 
හෝටලයක් ඉදිකිරිමට අසාධාරණ ලෙස ලබාගත් සිය ඉඩම යළි ලබා දෙන්නැයි ඉල්ලමින්  ලුණුගම්වෙහෙර, සීනිමුල්ල, ස්පිල් ගම්මානයේ පදිංචි දරු පවුලක් දින 08ක් තිස්සේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ.
 
මෙලෙස උපවාසයේ නිරතව ඇත්තේ ලුණුගම්වෙහෙර, සීනිමුල්ල, ස්පිල්ගම්මානයේ පදිංචිව සිටි 45 හැවිරිදි  සුවදහැන්නදිගේ සරත් මහතා, ඔහුගේ බිරිද හා දරුවන් සිව් දෙනාය.
 
තමන් පදිංචිව සිටි ඉඩම ප්‍රාදේශීයසබා ජන්දයට ඉදිරිපත් වු අයෙකුට හෝටලයක් සෑදිමට දීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් පසුගිය 24 දින සිට මෙම පිරිස අඛණ්ඩ උපවාසයේ නිරතව සිටිති.
 
උපවාසයේ නිරත සිව් දරු පියෙකු වන 45 හැවිරිදි  සුවදහැන්නදිගේ සරත් මහතා පවසන්නේ තමන් වසර 28ක් පදිංචිව සිටි මෙම ඉඩම නිළධාරීන් හා එකතුවී ප්‍රදේශයේ දේශපාලඥයෙකුගේ වුමනාවට හෝටලයක් ගැසිමට තමන්ව ඉඩමෙන් ඉවත් කළ බවයි.
 
මේ සම්බන්ධයෙන් අප ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් එල්.අයි.වික්‍රමනායක මහතාගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔහු මෙසේ පැවසිය.
 
මොහු රජයේ ඉඩමක් බලෙන් අල්ලගෙන ඉදලා නිසා හිටපු ප්‍රාදේශීය ලේකම්තුමා ඔහුට විරුද්ධව 2007දී නඩු පවරලා තියෙනවා.ඒ අනුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමයි 2020 ජනවාරි මාසේ මේ අය ඉඩමෙන් ඉවත් කලේ නඩුවට අදාලව. මේ වන විට මේ ඉඩම සදහා ව්‍යාපෘති 03කට ඉල්ලීම් ලැබිලා තියෙනවා. ඒ අතරින් එක් ව්‍යාපෘතියක් සදහා ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුවෙන් හා දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවෙන් අවසර ලැබිලා තියෙනවා.මේ ස්ථානයේ හෝටලයක් හදන්න කියලා තමයි ඉල්ලුම් කරලා තියෙන්නේ යැයි පැවසිය.



අදහස් (2)

ඉඩමක අයිතිය ඉල්ලා පවුලක් පාරට බසිති

රාජුන් Monday, 31 August 2020 09:50 AM

සාමාන්‍ය සිරිත නම් දේපල දැනටමත් සෑහෙන කාලයක් සිටි අයට පළමුවෙන් අවසථාවක් දීමයි. ඒක නීතිවිරෝධිව සිටියාද යන්න අදාල නොවේ. මා දන්නා පරිදි අවුරුදු 20 කට වඩා පදිංචිව සිටි නිවසෙන් ඉවත් කළ නොහැකියි.

:       0       0

අනුර Monday, 31 August 2020 03:48 PM

අතිශයින්ම කණගාටුදායක පුවතකි. මෙම අසරණ පවුල වෙනුවෙන් සාධාරණයක් ඉටුවේවායි පතමි. මෙතෙක් ඡීවත් වු නිවසින් එකවිටම එළියට දැමීම අතිශයින්ම අමානුෂික ක්‍රියාවලියකි. මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔවුන් හට කඩිනම් විසඳුමකට එළඹ යහපතක්ම වේවායි හදවතින්ම පතමි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site