කොළඹට පිවිසෙන මාර්ගවල ඇතිවන වාහන තදබදය පිළිබඳව සොයා බැලීමට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද උදෑසන නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කළ අතර කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර මංසන්ධිය, පොල්දූව මංසන්ධිය සහ ආයුර්වේද වටරවුම යන ස්ථාන අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත හා රථවාහන බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද මෙම අවස්ථාවට එක් වූ අතර රථවාහන ධාවනයේදී සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව ඔහු දැනුවත් කළේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහාය ඇතිව ඩ්‍රෝන කැමරා යොදාගෙන මාර්ග තදබදය නිරීක්ෂණය කිරීම සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා පොලිසිය නිලධාරීන් වෙනුවෙන් ගුවන් හමුදාව ලබාදෙන සහයෝගය පිළිබඳව ඇගයීමට ලක්කර කළේය.
COMMENTS
දැන් ඉතින් වෙන බලන්න දෙයක් නෑ, ඕක හරි බලලා සතුටු වෙන්න පුළුවන්නේ