
(ශාන්ත රත්නායක)
කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබුණ ද කොළඹ නගරයේ දැන් දැන් රථ වාහන විශාල ප්‍රමාණයක් ඇතුළු වන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.
දෙමටගොඩ ,ඔරුගොඩවත්ත කොළඹ කොටුව, මරදාන, බොරැල්ල, රාජගිරිය යන නගරවල දැඩි වාහන තදබදයක් දක්නට ඇත.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක දින 10 ක කාලයේදී අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාමට පමණක් අවසර හිමි වුව ද මේ ආකාරයෙන් වාහන ඇතුළු විම එතරම් හොඳ නැති බව කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට හෙන ගහලා ගියත් මොකද ,මේ ආණ්ඩුවේ වැඩ නමට විතරයි .
පුලුවන්නම් හොයල දෙන්න පුද්ගලික අංශෙ වැඩ නොකරන එක කොම්පැනියක්....හැමෝම වගේ වැඩ...කට්ටියක් ගෙදර ඉදන් වැඩ අනික් පිරිස ඔෆිස් ඇවිල්ල වැඩ...මේ ඇඳිරිනීතිය බලපාන ගෙවල් ඇතුලට වෙලා ඉන්න පිරිස කවුද,මොන රැකියා කරන අයද කියල හොයල බලන්න..ගොඩක් මිනිස්සු එදා දවසට හම්බකරන මිනිස්සු..එයාල නිසාද කොරෝන පැතිරෙන්නේ එතකොට...ගැසට් එකේ තියෙන්නේ අත්‍යාවශ සේවා හැරුනම අනික් පිරිස ගෙදර ඉන්න කියල...අනේ මන්ද මෙහෙම ගැසට්..
ඇඳිරි නීතිය අස්සේ ගෙවල් වලට වෙලා ඉන්න අයට පඩි ගෙවන්න , බදු සල්ලි හොයල දෙන්න ප්‍රයිවෙට් සෙක්ටර් එක වැඩ.
මම මුල ඉදන්ම කිව්වේ ඕක තමයි ආණ්ඩුව පුද්ගලික අංශයේ සේවකයන්ව සීමා කරලා ගෙන්වන්න කිව්වට පිළිගත් ආයතන කිහිපයක හැරෙන්න බොහෝ ආයතන එහෙම කරන්න උනන්දුවක් නැහැ. ඒ වෙනුවට සෑම සේවකයෙකුටම අත්‍යවශ්‍ය සේවකයින් කියමින් රැකියාවට ගෙන්වනවා. සේවකයෝ නිවසේ ඉදන් රාජකාරිය කිරීමට ඉල්ලීම් කලත් ඒවා ආයතන ප්‍රධානීන්ට අදාළ වන්නේ නැහැ. එකයි මම කිව්වේ සේවකයින්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය සහ ඔවුන්ගේ පවුල් මේ වසංගතයෙන් රැකගැනීමට සති දෙකක්වත් රට වසා ඒ සති දෙකේ වැඩ සෙනසුරාදා දිනවලින් ආවරණය කරගන්න කියා.