( තුසිත කුමාර ද සිල්වා)
දිවයින පුරා ක්‍රියාත්මක අඛණ්ඩ ඇඳිරිනීතිය පැවැතියදී බේරුවල පොලිස් වසමේ හෙට්ටිමුල්ල ප්‍රදේශයේ දී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහන බලපත්‍රය සඳහන් ලොරි රථයක ලීටර 20 බැගින් වූ රා අඩංගු කෑන් 11ක් නීතිවිරෝධීව ප්‍රවාහනය කරන කරන අතරතුර දී බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි .
මෙම ලොරි රථය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට පොලීසිය මගින් ලබාගත් බලපත්‍රය අවභාවිත කරමින් එළවලු රැගෙන යන මුවාවෙන් මෙම නීතිවිරෝධී රා ප්‍රවාහනය කර ඇති බව පරීක්ෂණ සිදුකරන පොලීසිය කියයි. එම ලොරි රථය කලුවාමෝදර ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් බවත් එම රා බැරල් තොගය හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පොල්වත්තක සිට රැගෙන එන බවට ලද තොරතුරක් මත පොලීසිය මෙම ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබේ.
ලොරි රථය සහ රා බැරල් තොගය මේ වන විට පොලිස් භාරයේ තබා ඇති අතර සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කර තිබේ .
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, කොට්ඨාශ භාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .


2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇඳිරිනීතී බලපත්‍රයෙන් රා ප්‍රවාහනය කරලා
appu Friday, 17 April 2020 02:40 AM
මත්ද්‍රව්‍ය රා මේවා කල් තබාගැනීමට පහසුකම් නැත දෙපාර්ශවයේ අගමැතිවරුන්ගේ ප්‍රාදේශීය දේශපාලකයින් මේ ව්‍යාපාරයේ යෙදෙනවා... විදිමත්ව බෙදාහැරීමට වැඩපිළිවලක් උන්නැහේල සොයාගනී....