
(තිළිණි ද සිල්වා)
කොවිඩ් -19 වයිරසයේ බලපෑම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන්ට රජය ලබා දුන් සහනය මෙතෙක් නොලැබූණු අය වෙත ද කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (24) පැවසීය. ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 100 ක මුදලක් ලබාගෙන සංචාරක ක්ෂේත්‍රයේ නියුතු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත සහන සැලසීමට ද රජය කටයුතු කරමින් සිටී.
මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනිමින් සිටින බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මීට අමතරව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් සඳහා එක් පුද්ගලයෙකුට රුපියල් 20,000 ක මුදලක් එක්වරක් ගෙවීම, සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි රියදුරන් සදහා රුපියල් 15,000 බැගින් එක්වරක් ලබාදීම මේ වන විට ක්‍රියාත්මක වන අතර ලියාපදිංචි නොවූ රියදුරන් කඩිනමින් ලියාපදිංචි කර ඔවුන්ටද මෙම දීමනාව ලබා දීම කෙරෙහි අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සංචාරක ක්ෂෙත්‍රයේ නියුතු ලීසිං පහසුකම් ලබාගත් වාහනවලට වසරක සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන් ද මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරි පියවර ගනිමින් සිටී. මීට අමතරව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය ලත් සංචාරක වාසස්ථාන වලට විදුලි හා ජල බිල්පත් ගෙවීමට ද සහන ලබා දීමට රජය කටයුතු යොදා තිබේ.
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්,ගමනාන්ත කළමණාකරන සමාගම් අවන්හල් , සංචාරක හිතකාමී ආහාර ගැනීමේ ස්ථාන , සම්බාහන සුවතා මධ්‍යස්ථාන, කුළු බඩු උද්‍යාන , සංචාරක සාප්පු හා ජල ක්‍රීඩා මධ්‍යස්ථාන ඇතුලු ආයතනවල සේවක සේවිකාවන්ට මාස 6ක කාලයක් වැටුප් ගෙවීම සඳහා අදාල ආයතන හිමියන්ට සහන පදනම යටතේ ණය මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇති බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවමු ගෙවමු.. නහය උඩට වතුර ආවට පස්සේ ඉතින් ඔලුව උඩින් වතුර ගියා කියලා වෙනසක් නෑනේ..
වැඩි පොලී.., වැඩි කොමිස්, එහෙම නම් ණයට පෙරට..
සුළු සහ මධ්‍යම පරිමාණ සංචාරක ව්‍යාපාරයට සහ එහි සේවය කළ සේවකයන්ට රජයෙන් ලැබුණු සහනයක් නැත. අපට නැතිවුණත් කමක් නැත. අපිට තියෙන දෙයක් කාලා බීලා ඉන්න පුළුවන්. මැදපෙරදිග අතරමංවෙලා ඉන්න අපේ සහෝදර විදේශ ශ්‍රමිකයන් ටික කඩිනමින් ලංකාවට ගෙනත් ඔය මුදල් යොදවා නිරෝධායනය කර ඔවුන්ගේ ජීවිත බේරාගන්න. සල්ලි වලට වැඩිය මනුෂ්‍ය ජීවිත වටිනවා.
ණයට අත, අනාගතයට තිත..
අර, ඇඳගෙන ඉන්න අමුඩ ලේන්සුව ගලවලා ජටාවක ගහගත්තා වගේ.
ඉස්සර නම් මොරදුන්නේ විකුණනවා, උගස්තියනවා කියලා...