




(ගයාන් අමරසේකර)
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අද(07) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ පිහිටි ඒ මහතාගේ පියා වන දිවංගත, හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.
2020 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරදීමට ප්‍රථම ඒ මහතා ආර්. ප්‍රේමදාස මහතාගේ පිළිරුවට උපහාර දැක්වීමට එහි පැමිණ සිටියේය.
ඒ මහතාගේ මව වන හේමා ප්‍රේමදාස, සොයුරිය දුලාංජලී ප්‍රේමදාස සහ බිරිඳ ජලනි ප්‍රේමදාස යන මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
වැරදීමකින් ආර්යාවට බිරිඳ කියලා
ජය නියතයි මැතිඳුනි, ඔබට මුස්ලිම් ජනතාවගේ උත්තමාචාරය.
තාත්තා මැරුණු වෙලේ ජනතාව රතිඤ්ඥා පත්තු කළ බව මට මතකයි.
බොහොම හොදයි අප තමන්ගේ මියගිය දෙමාපියන් ඥාතිමිත්රධින්ට පිං අනුමෝදම් කිරීම පුස්පොහාර දැක්වීම.
saman මයා වෙත, ඔබට, අපට නම් සිටින්නේ හාමිනේලා... මොකද ඔබ අප මහජන මුදලින් එක වේලක්වත් ගිලදමා අපගේ කුසගින්න නිවාගෙන නැති බැවිනි. නමුත් මහජන මුදලින්ම තම ජීවිකාව මෙන්ම තුන්වේලම ගිලදමන පින්ගුත්තරයින්ට නම් සිටින්නේ ආර්යාවන්ය. පාට, පක්ෂ බේධයෙන් තොරව කෙනෙකුට අවංකව සිතිය හැකි නම් එය ප්‍රායෝගිකව මේ මොහොතේත් අප රටේ දැක ගත හැකි. මේවාට සාමාන්‍ය ජනතාව නම් කියන්නේ " ගොන් පාට් "කියා නොවේද?
මෙතුමා වැරදි කාලෙකයි මේ ජන්දෙට ඉදිරිපත් වුණේ.. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ වත්මන් අගමැති ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම අය කෙරෙහි ඇති දැඩි ජනතා විරෝධය නිසා මොහු වැන්නන් නිතරගෙන්ම ප්‍රතික්ෂේප වෙලයි තියෙන්නේ. දැන් ජනතාව නැවතත් 2009 යුද සමයේ රටේ ආරක්ෂාව තහවුරු කළ සහ ආර්ථික කළමනාකරණය ගැන මනා දැක්මක් ඇති ගෝඨා වටා ඒකරාශී වෙමින් යනවා. ඊට හේතුව විදිහට මම දකින්නේ ආර්ථික සහ සමාජයීය අරමුණු වෙනුවෙන් ඔහුගේ ක්‍රියාශීලී පරිකල්පනය විය යුතුයි. ඒ නිසා ජනතාව ඔවුන් පිට පැටවී තියෙන මේ ජීවන වියදම් හා අඩු පහසුකම් වලින් හෙම්බත් වූ ජීවන බර ඊට සමාන අදහස් දරන හා ඒවාට පිළිතුරු දෙන අපේක්ෂයා වටා තබා තිබෙනවා. මොකද මිනිස්සු දැන් මේ රටට හොයන්නේ පවතින තත්වයට සාපේක්ෂව අඩු හානියක් ඇති කරන කෙනෙකුයි...
වර්තමාන පාලනයට රටේ කොතරම් විරෝධයක් ඇත ද යන්න තේරුම් ගැනීමට එම පාලනයේ ජනපති හා අගමැති දෙදෙනාටම අපේක්ෂකත්වය අහිමි වීමම ප්‍රමාණවත් .
සජිත් වගේ කෙනෙක්ට ජනාධිපතිවරණය දිනන්න පුළුවන් නම් රනිල්ට 1000 දිනන්න පුළුවන්
කෝටිගාණක වාහනයක යන මෙතුමාට රුපියල් 1000ක සෙරෙප්පු දෙකක් අපි එකතු වෙලා අරන් දෙමුද? අාර්යාවත් ඇවිත් ඉන්නේ... රෝසිටත් ඇමතිකමක්වත් ඕනේ වෙලාද?
ඩී.ඒ රාජපක්ෂ වන්දනාව දැන් ඉවරයි.ආර්. ප්‍රේමදාස වන්දනාව පටන් ගත්තා. හපොයි මෙහෙමත් නරි නාටක.