(රංජන් කස්තුරි)
වසර තුනක පමණ කාලයක සිට ආයුර්වේද වෛද්‍යවරුන් රාජ්‍ය සේවයට බඳවාගෙන නැතැයි උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරු චෝදනා කරති.
උපාධිධාරීන් 50,000කට රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ තමන්ටද රැකියා ලබාදෙන්නැයි රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබේ.
කොළඹ දේශීය වෛද්‍ය විද්‍යායතනයෙන් සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයෙන් වසරකට උපාධිධාරීන් 200ක් පමණ පිටවන අතර මේ වනවිට රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරීහු 674දෙනෙක් සිටිති.
ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීහු වෛද්‍ය විද්‍යායතනයකින් පිටවෙනුයේ වසර පහක පූර්ණකාලීන වෛද්‍ය අධ්‍යාපනයකින්ද වසරක සීමාවාසික පුහුණුවකින්ද පසුවය.
COMMENTS
ආයුර්වේද උපාධිධාරීහු ලංකාවේ හැම පන්සලකටම අනුයුක්තව වැඩකරන වැඩ පිළිවෙලක් තිබුණොත් හොඳයි. බටහිර වෛද්‍යවරුන්ට තියෙන්නේ යටත් විජිත සමයේ සිට ක්‍රියාත්මක වන ක්‍රමවේදයක්. බටහිර වෛද්‍ය සභාවද ගතු කියන්නේ බටහිරටයි. බටහිර වෛද්‍ය සභාවද රටේ දේශපාලන අස්ථාවරයට නොදැනුවත්ව කටයුතු කරන ඉත්තෙක්... පුරාණයේ ආයුර්වේදය (හෙළ වෙදකම) ගොඩනැගී තිබුණේ දහමත් සමගයි. එමනිසා ඉස්පිරිතාලය අස්සේ ඉන්නවාට වඩා හොඳ පන්සලකට අනුයුක්ත වැඩ කිරීමයි. බටහිර වෛද්‍යවරුන්ගේ සහ හෙළ වෛද්‍යවරුන්ගේ දැනුම හුවමාරු වී ලංකාවට සුදුසු වර්තමානයට ගැලපෙන සෞඛ්‍ය සේවයක්, වර්තමාන ක්‍රමවේදය තුළ බිහිවෙයි කියා මම හිතන්නේ නැහැ. මොකද මේ දෙක අතර තිබෙන්නේ අසාමාන්‍ය පරතරයක් සහ තරඟයක්. රටේ හැම පන්සලකම උදව්වෙන් හෙළ වෛද්‍යවරුන්ට රැකියා ස්ථානයක් ලැබුණොත් මම හිතනවා යම්කිසි ආකාරයකට හෙළ වෙදකම දියුණුවෙනවාත් සමගම දැනුමද රට තුළ විහිදී බටහිර වෛද්‍ය සභාවට දෙවැනි නොවන සේවයක් මිනිසුන්ට කරදරයක් නැතිව ලබාදීමට හැකිවේය කියා...