අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල වෙළඳපොළ මිල ගණන්වලට වඩා අඩුවෙන්, සතොස, සමූපකාර හා කිව් ෂොප් හරහා ඉදිරි මාස තුනකදී ලබාදීමට රජය තීරණය කර තිබේ.
වෙළඳ අමාත්‍යංශයේ අද(05) පැවති දැනුවත් කිරීමේ හමුවේදී, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී, අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27හි දැනට වෙළඳපොළෙහි පවතින මිල ගණන් හා භාණ්ඩ ස්ථායීකරණ ව්‍යාපෘතිය යටතේ සතොස, සමූපකාරය හරහා පාරිභෝගිකයාට නිකුත් කරන මිල ගණන් යන දෙකෙහි වෙනස මගින් ජනතාවට ලැබෙන සහනය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
පවත්නා ගෝලීය වසංගත තත්වය හමුවේ ජනතාවට උපරිම සහන ලබාදීම සඳහා ලබන සඳුදා සිට මෙය ක්‍රියාත්මක කෙරෙන බවද වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම භාණ්ඩ ලබාගැනීමේදී යම් ගැටලුවක් වෙතොත්, ඒ පිළිබඳව විමසීම සඳහා 1998 සෘජු දුරකතන අංකයත්, යම් ස්ථානයක මිල ගණන් වංචා සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා 1977 සෘජු දුරකතන අංකයත් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
අතීසාරෙට අමුඩේ ගැසීම කලාවක් නම් වත්මන් පාලකයන් එහි පිකාසෝය..!
මරු සහනය. අවුරුද්දක් වෙද්දි භාණ්ඩ මිල දෙගුණයක් වෙලා. එහෙම නැත්නම් වෙළෙඳපලේ හොයා ගන්නත් නෑ. ලංකාවේ අසාර්ථකම රජය...
මහත්තයෝ සම්බා කිලෝව 93ට දෙන්න ගහපු ගැසට් එකට මොකද වුනේ?...
රනිල් ආව ගමන් වැඩි කළ 10000... නැත්නම් අද රාජ්‍ය සේවකයාට හිඟා කන්න තමයි වෙන්නේ ...
මිනිස්සු කබලෙන් ලිපට වැටිලා වගේ බඩු ගණන් ගිහින් මේ වගේ විහිළු සපයලා ජනතාව සනසන්න පුළුවන්ද?
1948 න් පස්සේ පිහිටවනු ලැබූ අසාර්ථකම රජය තමයි දැන් තියෙන්නේ... කරන කරන වැඩේ අනා ගන්නවා.
ඇමැතිතුමා වැස්සකටවත් සුපර් මාකට් එකට ගිහිල්ලා නැද්ද? මේ ලැයිස්තුවේ 90%ක් භාණ්ඩ සතොස දෙනවැයි කියන මිලට අඩුවෙන් ගන්න පුළුවන්...
ඔයගානට බඩු ගන්න 50000ක බඩු ගන්න ඕනේ කියයිද දන්නේ නෑ. ආ අමතක වුණා ඔය බඩු ආයේ වගා කරනකල්, හදනකල් ඉන්න ඕනේ කියයිද දන්නේ නෑ..
හාල්, පොල්වලට ගෙස්ට් පත්‍ර නිකුත් කරන ආණ්ඩුව...
විශාල ශබ්දයක් එක්ක ගඟ දෙබෑ කරගෙන නාගරාජයා ආවා ඊට පස්සේ රටටම කිරි ඉතිරුණා!
මේ ඇමතිවරයා කවදත් කීවේ කළේ බොහෝවිට ප්‍රායෝගික නොවන දේය. පසුගිය කාලේ මෙවැනි දේ කළ නිසා වෙළෙඳපළේ පාරිභෝගික භාණ්ඩ සොයාගැනීමට හෝ මොහු පවසන මිලගණන් වලට ගත නොහැකි විය. මිල පාලන අංශලවා වැටලීම් සිදුකරවීය. වෙළෙඳුන් පැවසූ ප්‍රායෝගික සත්‍යය හමුවේ අසරණ වූ මිලපාලන අංශ අකුලාගෙන යනු පෙනුණි. මෙවන් විකට වැඩ කරන දේශපාලකයන් සිටිනා ලොව එකම රට සිරි ලංකාව පමණක් බව නොකියා නොහැක්කේය.
කන්න එපා. අපිට රට තියෙනවා. අපි යක්ඛයෝ බොලව්...
මහත්තයෝ, ඔය කියන ගණන් වලට ගන්න බඩු ලංකාවේ නැහැ. සතොසේ රැක්ක හැමදේම හිස්...
වයිමා මැජික් පෙන්වනවා...!!!
ඇති යාන්තම්... ආචාර්ය බන්දුල කාලෙකට පෙර කියපු දේවල් දැන් ඉෂ්ඨ වේගෙන යනවා වගේ. ළඟදීම දරුවෝ දෙන්නටයි, පවුලටයි මාසයක් කන්න රුපියල් 2500ක් ඇතිවෙන ලකුණු පහළ වේගෙන එනවා.