ආරියරත්න රණබාහු
ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අභියෝගයන්ට විසඳුම් ලෙස ආනයනය සීමාකළ හැකි භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යංශයට උපදෙස් දී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් දී ඇත්තේ ජාතික ආර්ථික සභාව ජනාධීපති කාර්යාලයේ දී අද (16) පැවති අවස්ථාවේදීය.
COMMENTS
ජනපති අගමැති ඇතුලු පාර්ලීමේන්තු පලාත් සභා හා ප්‍රාදේශිය සභා මැති ඇමතිවරුන්ගේ විදේශිය ගමන් සීමා කලානම් රටේ ආර්ථික ප්‍රශ්ණ වලට විසදුමක් වගේම හොද ආදර්ශයකුත් වේවී.
මේ රුපියල කඩා වැටීමේ අභියෝගය පසු පසින්ම සෞදියට ආර්ථික සම්භාදක පැනවීම සහ මැදපෙරදිග නොසන්සුන් තාවයක් ළඟ ලඟම එන බව සිතට ගන්න. ඒ ලෝක තෙල්මිල නැංවීමේ කෘෘර ආශාවෙන් පෙලෙන තෙල් නිපදවන සමහර රටවල් පසුපෙළ සිට කරන ක්‍රියාකාරකම් නිසාවෙනි. මෙහි ප්‍රතිඵලය වනුයේ මැදපෙරදිග අපේ අදායම් මාර්ග වැසි යාමයි. එමෙන්ම මෙය විශාල යුද්ධයකට පවා අවතිරන්විම අවධානමක් ඇත. දැන්මම අටු කොටු නොපිරවුවොත් වස්සාන සාමය භයානක වනු නොඅනුමානයි.
උඩින්ම සඳහන් කරන්න ඇමති මන්ත්‍රින්ට දෙන වාහන කියලා. සදහටම තහනම් කරන්න.