IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ආගන්තුක ශාක වලාකුළු වනාන්තර ආක්‍රමණය කරයි

(විනීතා එම් ගමගේ)

මධ්‍යම කඳුකරයේ වළාකුළු වනාන්තරවල කුරු පඳුරු සීඝ්‍රයෙන් මියැදෙමින් ඇතැයි හෙළි වී තිබේ.

සිරිපා අඩවියේ, නකල්ස් කලාපයේ, හෝර්ටන් තැන්නේ මෙන්ම රක්වාන ප‍්‍රදේශයේ  වලාකුළු වනාන්තර පිහිටා තිබේ.

වලාකුළු වනාන්තර යනු මධ්‍යම කඳුකරයේ ඉහළ පෙදෙසෙහි පිහිටා ඇති වනාන්තර වන අතර එහි විශේෂත්වය වන්නේ එහි වැවෙන ශාක කුරු වීමත් සුළං ධාරාවන්ට ඔරොත්තුදෙන පරිදි ඇඹරී පිහිටීමත් වේ.

ආගන්තුක ශාක රාශියක් මෙම වනාන්තර ආක‍්‍රමණය කරමින් වැවෙන බවට වාර්තා වී ඇතැයි ද විශේෂයෙන් මෙම වනාන්තර රක්ෂිතයන් වන බැවින් ඒවා පිළිබඳ සොයා බැලීමට යාමේ අපහසුවක් පවතින බව ද පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ලංකාදීපයට අද (06) පැවසීය.

මේ තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින හා අධ්‍යයනයේ යෙදෙන පර්යේෂකයන් කිහිපදෙනෙකු ගෙන්  යුත් කණ්ඩායමක් යොදවා මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් රාජ්‍ය මැදිහත්වීමෙන් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

එවැනි පුළුල් අධ්‍යයනයකින් පසු ඒ වෙනුවෙන් කළ හැකි යම් පිළියමක් වේ නම් එය සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් ඉක්මණින් මේ සඳහා පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (3)

ආගන්තුක ශාක වලාකුළු වනාන්තර ආක්‍රමණය කරයි

sachith Monday, 06 January 2020 01:37 PM

මේ පිළිබඳව මම ලංකාදීපයේම නකල්ස් වනාන්තරයේ ගස් සිටුවන පුවතකදී අදහස් දැක්වූවා. වනාන්තරවල අළුතින් ගස් සිටුවන්න ඕනෑ නෑ. ස්වභාවධර්මයෙන්ම එ්ක කරනවා. විශේෂයන්ම මේ විදේශීය ව්‍යාපෘති කියලා එන ඒවායින් ගොඩක් පරිස්සම් වෙන්න ඕනෑ. මොකද තව අවුරුදු 50ක් යනකොට අද තෙල් වගේ ඒ කාලේ වටිනාම දේ වෙන්නේ ස්වභාවික ජලය..

:       6       121

රවින් Monday, 06 January 2020 01:41 PM

හප්පා දේශපාලුවන් පරිසරවේදීන් වෙලා. කිසියම්ම පරිසරවේදී ආයතන හෝ පරිසරවේදීන් මේ පිළිබඳව කිසිඳු ප්‍රකාශයක්, නිවේදනයක් නිකුත්කර නොමැති අවස්ථාවක සිගිරිය නැගලාවත් නැති නායකයෙක් ඉන්න කට්ටිය කතා කරන්නේ ඉහළ වටිනාකමක් ඇති තෙත්බිම් ගැනයි. ඒ සියලු කඳුවැටිවලට යන කලදසාවක පෙර නිමිති...

:       9       24

Sl Monday, 06 January 2020 10:58 PM

කඳුකර ස්වාබාවික වනපද්ධති ආරක්ෂාව ට ආන්ඩුව කරන දේ මදි. තව වසර කිහිපයකින් අපි ට කඳුකර වනයක් ඉතිරි වෙයීද කීයලත් හිතෙනවා. ජලපෝෂක විනාශය ඉතා දරුණුවට වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 60 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1013 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site