(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා තබාගෙන සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මාර්තු මස 10 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කල කරුණු සම්බන්ධයෙන් වන විමර්ශනය මේ වන විට අවසන් කර ඇති බවත් , ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමේ හැකියාව සොයා බලන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.
එම විමර්ශන වල උදෘත මේ වන විට නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව ද එය අධ්‍යයනය කිරීමෙන් පසු ඒ පිළිබඳ ඉදිරි පියවර ගන්නා බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දී ඇත.
අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින තමන්ව මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා මේ බව අධිකරණයට දැන්වීය.
මෙම පෙත්සම එල්.ටී. බී.දෙහිදෙනිය, ගාමිණී අමරසේකර ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
එහිදී නීතිපතිවරයාට වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මාවනැල්ල බුදුපිළිමවලට පහර දීමේ සිද්ධියට අදාළව අසාද් සාලි මහතා සම්බන්ධයෙන් වන විමර්ශනය තවදුරටත් සිදු කරන බව ය.
එම විමර්ශන වලට අදාලව හිටපු පොලිස්පතිවරයා ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චෝදනා නැතුව නිකන් 400ක් විතර රඳවා තියාගෙන ආණ්ඩුව කරන විගඩම් වලට අත මාරුවක් විදිහට ජී.එස්.පී. නැතිවෙන්න යනවා.
දැන් අපිට ඉන්ධන මිල වැඩි කරපු එක ගැන අවුලක් නැහැ. අසාද් සාලි ඇතුලෙනේ..
ආණ්ඩුව හදන්න බයයි. සාලි හදනවට බයේ දොඩවනවා. එක නීතියක් ඉල්ලලා ඡන්දෙ දුන්නු සිංහලයා අනාථයි...