(සුජිත් හේවාජුලිගේ )
සතොස ආයතනයේ දූෂණ වංචා ඇතුලු විවිධ අක්‍රමිකතාවලට එරෙහිව කටයුතු කිරීමත් සමග කලබලවී ඇති ඇමැතිවරුන් දෙදෙනා තමා එම තනතුරින් ඉවත් කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් අරඹා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.
එසේම තමාගේ ජීවිතයට දිගින් දිගටම මරණීය තර්ජන එල්ලවෙමින් පවතින හෙයින් සිදුවූ සියලු දේ ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම්දී තමා පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධූරයෙන් ජීවිත ආරක්ෂාව සඳහා ඉවත් වන බවද හෙතෙම සඳහන් කළේය.
ජාත්‍යන්තර පාරිභෝගික දිනය සැමරීම සඳහා යැයි පවසමින් පසුගිය මාර්තු මාසයේදී රුපියල් ලක්ෂ හතරක මුදලක් ඉල්ලන ලද අවස්ථාවේදී දේශපාලන වැඩවලට යොදා නොගෙන එම මුදල් පාරිභෝගිකයාට සෙතක් වන ආකාරයට යොදවන ලෙස තමා දැනුම් දුන් බවත් ඇමැතිවරුන් දෙදෙනා තමා සමග උරණ වූයේ එම සිද්ධියෙන් පසුව බවත් විධායක අධ්‍යක්ෂවරයා කීවේය.
ඔවුන් දෙදෙනා තමා ආයතනයෙන් පැන්නීමට එදින සිට විවිධ උත්සාහ ගත් බවද ඔහු පැවසුවේය.
තමා වැටුපක් හෝ නිල රථයක් හෝ වෙනත් වරප්‍රසාද වෙනුවෙන් පැමිණි සහ වැඩ කළ පුද්ගලයකු නොවන බව පැවසූ තුෂාන් ගුණවර්ධන මහතා අවංකව වැඩ කළ තමාට බලපෑම් කිරීමට ඇමැතිවරයාට හැකියාවක් නැතැයිද සඳහන් කළේය.
සුදුලූනු වංචාවට එරෙහිවද අදාළ අංශ වලට පැමිණිලි කරමින් තමා දිගටම කටයුතු කළ බවත් එම සිද්ධියද මේ රටේ සිදුවූ ලොකු "ගේම්" එකක් බවත් හෙතෙම කීවේය.
එම ගේම් එකට පහළ සිට ඉහළට බොහෝ පිරිසක් සම්බන්ධවී ඇති බවත් මෙයට පෙර උඳු කන්ටේනරයක්, සීනි සහ පිටි සම්බන්ධයෙන්ද මෙවැනිම ආකාරයේ ගනුදෙනුවක් සිදුවූ බවත් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.
සුදුළූනු වංචාවට සම්බන්ධවී ඇත්තේ කාලයකට පෙර වැඩ තහනමට ලක්වූ පිරිසක් යැයි පැවසූ හෙතෙම එම පිරිස හිඟ වැටුප්ද ගෙවා නැවත රක්ෂාවලට මෑතදී බඳවා ගෙන ඇතැයිද ප්‍රකාශ කළේය.
රේගුවෙන් නිකුත් කෙරුණු සුදුලූනු ඇතුළු භාණ්ඩ සතොසට බඩු සපයන පුද්ගලයාට ලබාදී පසුව ඒවා සතොසට වැඩි මිල ගණන් වලට ලබා ගැනීම එම ජාවාරම බවත් මෙය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකුට පමණක් තනිව කළ හැකි කටයුත්තක් නොවන බවත් ගුණවර්ධන මහතා පැවැසීය.
සුදු ලූනු කිලෝ 56,000ක් කියන්නේ සුළුපටු ප්‍රමාණයක් නොවන බවද ඔහු කීවේය.
සුදුලූනු කන්ටේනර දෙක සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමත් සමඟ තමාට එරෙහිව දිගින් දිගටම මරණ තර්ජන පැමිණි බවත් ඒ සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළද මෙතෙක් කිසිදු විමර්ශනයක්වී නැති බවත් විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
තමා මෙම තනතුර බාර ගත්තේ රැකියාවක් නැති නිසා නොවන බව කී ගුණවර්ධන මහතා තමාට ආයතනයේ අද කෙලින් වැඩ කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයිද ප්‍රකාශ කළේය.
තමා මෙම ආයතනයට පැමිණියේ සෞභාග්‍යයෙ දැක්ම ක්‍රියාත්මක කිරීමට බවත් අද ඒ දැක්ම ජනාධිපතිවරයාට පවා රටේ ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් ඔහු කීවේය.
සෞභාග්‍යයෙ දැක්ම අද හුඟ දෙනෙකුට අමතකවී ඇතැයිද තුෂාන් ගුණවර්ධන මහතා පැවසීය.
දූෂිතයන්ට අද තමා තර්ජනයක්වී ඇති බවද පාන් පිටි කිරි පිටි හා සිමෙන්ති මිල වැඩි කිරීමට අදාළව සමාගම් සමඟ අත්සන් කිරීමට ගිය ගිවිසුම රටට අවාසිදායක හෙයින් තමා ඊටද අත්සන් නොකළ බව හෙතෙම පැවසුවේය.
රටේ අද මිල පාලනයේ පාලනයක් නැති බව පැවසූ හෙතෙම ගෑස්වල ගුණාත්මක තත්ත්වය සොයන ක්‍රමවේදයක්ද රටේ නැතැයි සඳහන් කළේය.
ගෑස් වල සංයුතියේ වෙනසක් ඇති හෙයින් එතන ප්‍රශ්නයක් ඇති බවත් එසේ නැතිනම් ගෑස් සිලින්ඩරයේ බර අඩු වැඩි වන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීමට සිදුවන බවත් ඔහු කීවේය .
තමා රැකියාව දමා යෑම මාෆියාකාරයන්ගෙ ජයග්‍රහණයක් විය හැකි බව පැවසූ විධායක අධ්‍යක්ෂවරයා තමා තනතුරෙන් ඉවත්වූ පසු ස්ථිරයෙන්ම රටට අහිතකර ගිවිසුම් අත්සන් කරනු ඇතැයිද සඳහන් කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා දූෂිතයකු හෝ වංචනිකයකු නොවන බවත් තමා මෙතෙක් කල් ආයතනයේ කටයුතු කළේ ඒ මහතා නිසා බවත් ඔහු පැවසුවේය.
තමා තනතුරින් ඉවත්වූ පසු තමාගේ පුටුවට හෙංචයියකු පත් කිරීමට සූදානම් වන බව දැනගන්නට ඇතැයි පැවසූ ගුණවර්ධන මහතා එවිට පාරිභෝගික කටයුතු අධිකාරිය ඇමැතිවරුන් දෙදෙනාගේ පෞද්ගලික සමාගමක් බවට පත්වනු ඇති බවත් ප්‍රකාශ කළේය.
තමාට එරෙහිව මෙම කුමන්ත්‍රණය කොතරම් දුරට ගොස් ඇත්දැයි කියනවා නම් තමාගේ දුරකතනයේ විස්තර පවා ඒ අය අදාල දුරකතන සමාගමෙන් අද ලබාගැනීමට කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් කීවේය.
අධිකරණය නියෝග අනුව වරෙන්තුකරුවන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු නොකරන්නේ නම් තවදුරටත් වරෙන්තු නියෝග නිකුත් කිරීමෙන් පලක් නොමැති බව
කොළඹ ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේදී අද (17) රාත්‍රී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලැබූ බව පොලීසිය පැවසීය.
චීනයේ ජාතික සැසිවාර දෙක පිළිබඳව කොතරම් විවේචන තිබුණත් එම සැසිවාර චීනයට පමණක් නොව සමස්ත ලෝකටම වැඳගත් බවත් රටක දියුණුව සහ සංවර්ධනය වෙනුවෙන් දිගු කාලීන
ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තම පක්ෂයේ ලකුණ වන පංචායුදයෙන් තරඟ කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
මීගමුව කදාන ප්‍රදේශයේ දුම්වැටි අලෙවි කිරීමේ හා බෙදා හැරීමේ පුද්ගලික සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 233ක (233203117.03) වැට් බදු මුදලක් නොගෙවා පැහැර හැ
ශ්රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී ජයග්‍රහිකා පුෂ්පිකා ද සිල්වා ට පැලැන්දූ කිරුළ ගලවා දැමීම සම්බන්ධයෙන් සිදු කරන නඩු විභාගය සඳහා සාක්ෂි ල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘‘අවංකව සේවය කළ මා පැන්නිමට ඇමැතිවරුන් දෙන්නකු මුල්වෙලා‘‘
දාස Tuesday, 21 September 2021 08:13 AM
මහත්තයො කරුණාකරල ඔබේ ජිවිතෙ ආරක්ෂා කරගන්න
විකුම් Tuesday, 21 September 2021 08:20 AM
ඔබවැනි උසස් නිලධාරියෙක් ඉල්ලා අස්වීමට තීරණය කිරීම මාධ්‍යයට පැවසීමද ගැටලු සහගතයි.
පැරකුම් Tuesday, 21 September 2021 08:21 AM
මේ කියන කතා ඇත්තක්දැයි බලා ඒ අනුව නිසි පියවර ගැනීම ජනාධිපතිගේ වගකීමයි. එසේ නොකළොත් ඒ සියල්ල සත්‍ය බැව් පිළිගැනීමට සිදුවේවි..
Bhanuka Tuesday, 21 September 2021 08:51 AM
මේ වගේ අවංක නිලධාරීන් අනෙත් අයටත් ආදර්ශයක්. කොන්ද කෙලින් තියාගෙන වැඩ කෙරුවට ඔබතුමාට රටේ ජනතාවගේ ප්‍රණාමය හිමි වෙනවා.
චන්දන Tuesday, 21 September 2021 08:57 AM
ඇත්තටම පැන්නිය යුත්තේ ඒ ඇමති දෙපළ.
sam Tuesday, 21 September 2021 09:00 AM
ඔය ඇමති ප්‍රසිද්ධියේ කියන්නේ මම කවදාවත් මට අයිති පඩිය ගන්නේ නැහැ කියල
Lal Tuesday, 21 September 2021 09:20 AM
මෙතුමාට මරණීය තර්ජන හා බලපෑම් තදින් ඇති. බලමු අපේ සර් මේ වෙනුවෙන් ගන්න ඇක්ෂන් එක මොකක්ද කියලා...
kumarage Tuesday, 21 September 2021 09:33 AM
මේ වගේ අවංක නිලධාරීන් අයින් කරනවා කියන්නේ..., මහජනයාට වන විශාල පාඩුවක්... දැන් සර්ටත් බැරිද මේ අයව පාලනය කරන්න...?
dhamneth Tuesday, 21 September 2021 10:30 AM
අවංක මිනිස්සු රටටම එපාද..? විපක්ෂයත් තවම මේ ගැන කතා නොකළේ?
keerthi Tuesday, 21 September 2021 10:40 AM
දේශපාලකයින්ගේ ක්‍රියාකලාපය සහ ඔවුන්ගේ සරණ ලබන හෙන්චයියන්ගේ කෙරුවාව නොබියව හෙලිකළ තුෂාන් ගුණවර්ධන මහතාණෙනි, ස්තුතියි... බහුතරයක් දේශපාලකයින් ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් වැඩකරන බව පෙන්වා පුද්ගලික සමාගම්වලින් කුටිටිය ලබාගන්නා බව පෙනෙන බැවින් ජනාධිපතිතුමාට හා ඔහුගේ සෞභාග්‍යයේ දැක්මට දෙවියන්ගේම පිහිට බව කිවයුතුයි...
kamalTuesday, 21 September 2021 11:47 AM
ජනාධිපතිතුමා ඔහුගේ සෞභාග්‍යයේ දැක්ම... කාලෙකට පස්සේ වෙලා තිබ්බොත් ඔබේ දැක්මටත් බැල්ම හෙලාවි. එතකන් 69 ලක්ෂයට හදපු පැණිය බීලා සැනසී ඉන්න..
kamal Tuesday, 21 September 2021 10:56 AM
කෝ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව?
Lalith M Tuesday, 21 September 2021 11:15 AM
මේ මහත්තය දන්නේ නැතිද අර කියමනකුත් තියෙන්නේ බල්ලොත් එක්ක ලැග්ගාම මැක්කෝ එක්ක ඉන්න වෙනව.
සුමිත් Tuesday, 21 September 2021 12:11 PM
ජනතාව කළබලවී කවුරු නිවැරදිකරුද වැරදිකරුද කියා පූර්ව නිගමන වලට එළඹීම නුසුදුසුය. මෙතුමාගේ නිළ දුරකථනයේ දත්ත සොයාබැලීමට විරුද්ධ වන්නේ කුමන හේතුවකටද? තමුන් නිවැරදිනම් අනියත බිය ඇති නොවිය යුතුය.
Raveendra Tuesday, 21 September 2021 12:34 PM
අවංක නිලධාරියකු ලෙස ඔබගේ යුතුකමක් ඒ සියල්ල මහජනතාවට දැනගනුමට සලස්වන්න
රනේ Tuesday, 21 September 2021 02:03 PM
කාගේ පිහිට ද ඉදින් ? නොබලන්දෙනේ නම් වියතුන් නොපෙනේ නම් ඔබටත්, දෙවියනි අවනඩු මේ බහුතර අපට වන්!
SUNIL MILANO Tuesday, 21 September 2021 04:13 PM
තමන් තමන්වම අවංකයි කියා පැවසීම .බුද්ධිමතුන්ටනම් කල හැකි වැඩක් නොවේ .අවන්කද නැද්ද කියා වටහාගන්න පුළුවන් වෙන්නේ තමා කරන්නා වූ ක්‍රියා සමගයි