(අංජුල මහික වීරරත්න)
ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පක්ෂ සමඟ සන්ධාන ගතවූ නව දේශපාලන සන්ධානයක් ලියාපදිංචි කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායන රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (28) පැවැසීය.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ක්‍රියා කිරීම එම දේශපාලන සන්ධානයේ මූලික අරමුණ බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මෙම පුළුල් සංවිධානය වටා ඇති එකම බලය ජනතා බලය බව කී රනිල් වික්‍රමසිංහ මහතා අර්බුදය සම්පූර්ණයෙන් පරාජය කර කුමන්ත්‍රණකාරී අර්බුදය සම්පූර්ණයෙන් පරාජය කර කුමන්ත්‍රණ කාරී දේශපාලනයෙන් තොර යහපත් රටක් නිර්මාණය කිරීම එම පුළුල් දේශපාලන සන්ධානයේ අරමුණ බවද සඳහන් කළේය.
එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පළාත් පාලන නියෝජිතයන් සමඟ පැවැති රැස්වීමේදී වික්‍රමසිංහ මහතා මේ බව කීය.
එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ රැසක් මෙම රැස්වීමට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටත් ඉන්නේ සංධානයක නේද? දැන් අලුතින් එකතු කරගන්න තිබෙන්නේ ජෙප්පෝ ටිකයි දෙමල්ලු ටිකයි නේද? දැනටමත් ඔවුන් ඔබ සමග නේද? 2018 පෙබරවාරි ඔබලාට විරුද්ධ වුණු මිනිස්සු එක්කෙනෙක්වත් ඔබේ පැත්තට ආවේ නැහැ නේද? එහෙම නම් ඔය මොන සංධානෙකින්වත් වැඩක් නැත.
අපිත් දැන් ලැහැස්තිවෙමු නව පක්ෂයක් බිහිකරලා ජයග්‍රහණය කරලා, අපේ රට ඇත්තටම ලෝකයේ උතුම්ම රට බවට පත්කරන්න. මෙහි අපේක්ෂකයින් අඩුම වශයෙන් මුලික උපාධියක්වත් හිමි අයවිය යුතුයි. මින් පෙර කිසිම දේශපාලන පක්ෂයක සිටි අය නොවිය යුතු අතරම ඔවුන්ගේ ඥාතීන්වත් දේශපාලනයේ නියුතු අය නොවිය යුතුයි.උගත් බුද්ධිමත් රටට ආදරය කරන, විනීත උසාවියේ නඩු පැවරුන අය නුසුදුසුයි ශක්තිමත් බුද්ධිමතුන්ටයි මේ ආරාධනාව.
දැන් ඉතින් එහෙමවත් කරලා බලන එක හොඳයි. මොකද, එජාපෙ තනි පක්ෂයක් හැටියට තව අවුරුදු 25 කට බහුතරයක් දිනන්නේ නැහැ.
මොකෙන් ආවත් රටේ ජනතාව දන්නවා කරන්න ඕන යුතුකම මොකක්ද කියල.
ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සදහා දේශපාලනයෙන් තොර යහපත් රටක් නිර්මාණය කිරීම පමණක් නොව දැන්ලංකාවට නව ව්‍යවස්තාවක අවශ්‍යතාවය ඉතා හොදින්ම පෙනෙන්නට තිබේ. මන්ද යත් දැනට ලංකාවේ උද්ගතවූ, ක්‍රියාත්මක වෙමින් තිබෙන රජාතන්ත්‍ර විරෝදී ක්‍රියාදාමයන්ට එකම විසදුම වන්නේ එය බැවිනි. ලංකාවේ නිතිය ක්‍රියාත්මක වන්නේ ජාති ආගම පක්ෂ පාට අනුව නොවේ. නිතිය ඉදිරියේ සෑම දෙනාම එක සමානය, එමනිසා ලංකාවේ නව ව්‍යවස්ථාව සකස් විය යුත්තේ සෑම දෙනාම ශ්‍රී ලාංකිකයන් වශයෙන් සලකා මිස උතුරද, දකුණද , ආගම, පක්ෂ, පාට අනුව නොවන බව සෑම ජාතියකටම අයත් දේශපාලකයා වටහා ගත යුතුවේ. දේශපාලකයන් විසින් සිදුකරන ලද හිතුවක්කාර දුෂ්ට රජාතන්ත්‍ර, ව්‍යවස්තා විරෝධි ක්‍රියාවන් නිසා දේශපාලකයා යනු ප්‍රජාතන්ත්‍රවාදී සුදු පිරුවට පොරවා ගත් බලයට පෙරේත ගුණමකු පිරිසක් කියා හොදින්ම වැටහී ගොස් තිබේ. දේශපාලන විවාදවලට පැමිණෙන දේශපාලකයන්, නීතිවේදීන්, උගතුන් යයි කියාගන්න මෙකි නොකී සියලු දෙනා ව්‍යවස්ථාව ඔවුන්ගේ වාසියට අර්ථකථනය කරන ලෝකයේ තිබෙන එකම රට සිරි ලංකාව පමණකි. ඔවුන් කියන කිසිවක් ලංකාවේ සිටින සාමාන්‍ය ජනතාවට වැඩක් නැත, ඔවුන් තේරුම් ගන්නේද නැත.
සංධානයක් බලයට ගෙනැල්ලා රටට කරපු විනාශයේ තරම දැන් ජනතාවට හොඳටම තේරිලා ඉන්නේ... එ්කනේ මතක තිබුණු ඡන්දෙට හොඳ උත්තර ලැබුනේ. ඔය හොර නඩේ මොන සංධාන හදාගෙන ආවත් ජනතාව නැවත රැවටෙන්නේ නැහැ. පිළුණු කෑමවලට තෙම්පරාදු දැම්මට වැඩක් නැහැ... ජනතාව ලෙඩවෙන එක තමයි වෙන්නේ...
අනේ වාසනාවන්..... ඔබතුමා තවත් වසර ගණනාවක් වැජඹේවා...............නියත ජය.
ඔව් ඔව් ඔහොම ඉන්නකල් මහින්ද මහත්තයාට ගොඩ
ඔබ ප්‍රබලයි. ඉතින් සන්ධාන මොකටද?
පක්ෂේ සජිත් මහත්තයට දීලා ගෙදර යන්නකෝ අනේ ...