(නාලක සංජීව දහනායක)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට එරට ඔටුන්න හිමි ෂේක් මොහොමඞ් බින් සයීඞ් අල් නහ්යන් කුමරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ආරධනා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
එම ආරධනාව පිළිගනිමින් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ එම සංචාරය දෙරට අතර අදහස් හුවමාරුකර ගැනීමට හා පොදු අභිලාෂයන් පිළිබදව සාකච්ඡා කිරීමට මහඟු අවස්ථාවක් වනු ඇති බවය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙරට ජනාධිපතිධූරයට පත්වීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරුන් සිය සුභ පැතුම්ද ජනාධිපතිවරයාට පිරිනැමූ බවද එම නිවේදනයේ සදහන්වේ.
COMMENTS
යන්න ඉක්මණට ඡන්දෙට කලින්... මොකද මුස්ලිම් ඡන්ද දෙන්නේ... ඔය දෙන දේවල් වලට අනුව තාම 2/3 ගන්න එපැයි.
එන්න එන්න අපේ රටට...
ජනාධිපතිතුමනි, එන්න කිව්වට එකඑක රටවල් ගානේ යන්න එපා ' විශේෂයෙන් මුස්ලිම් රටවල්. ඔබගේ අගය හා පෞරුෂත්වයට හානි කරන්න සමහරු මාන බලාවි...