(මුදිතා දයානන්ද)
අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්නා තෙක් මහබැංකු බැඳුම්කර කොමිසමේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකළ නොහැකි යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (20) පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදි මෙසේද පැවසීය.
බැඳුම්කර වංචාවේදි නිලධාරින් හා දේශාපාලනඥයින් අතර පාලම බවට පත්වුණේ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්. ඒ නිසා ඔහුව අත්අඩංගුවට ගන්නා තුරු මේ දේශපාලන සබඳතාවය හෙළි කරගන්න බැහැ. පහුගිය ආණ්ඩුව පාඨළී හිටපු ඇමැතිතුමාගේ ද සහය ඇතිව තමයි අර්ජුන් මහේන්ද්‍රන් රටින් පැනලා ගියේ. ඔහුව සිංගප්පුරුවෙන් පිටුවහල් කරනේන කියලා ලංකා රජයෙන් ඉල්ලිමක් කරලා තිබෙනවා. එය ක‍්‍රියාත්මක වන තුරු එහි ඉදිරි ක‍්‍රියාමාර්ගවලට යන්න බැහැ.
දැන් බැඳුම්කරයට, පාස්කු ප‍්‍රහාරයවට වඩා ඉක්මනට පාඨලීට නඩු පැවරෙන්නේ ඇයිද කියලා සමහරු අහනවා. ඒ දෙකේම විමර්ශන අවසන් නැහැ. ඒවා අවසන් කරලා තිබුණා නම් අපිට පහසුවෙන්ම නඩු කටයුතු කරගෙන යන්න තිබුණා. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් දැන් තමයි ඇත්ත තොරතුරු එළියට එන්නේ. පාඨලීගේ නඩුවේ විමර්ශන කටයුතු අවසන් වෙලා තිබුණේ. එකේ සිදුවුණේ පොලිසිය තොරතුරු වසන් කරලා අධිකරණයට වාර්තා කිරිමයි. ඒ නිසා ඒ කරපු විමර්ශන තොරතුරු මත තමයි පාඨලීව අත්අඩංගුවට ගැනීම ඉක්මණින් කරන්න හැකි වුණේ.
ඔහු අත්අඩංගුවට ගත්තේ පාර්ලිමේන්තු වරප‍්‍රසාද කඩකරමින් හා කථානායක දැනුවත් කිරිමකින් තොරව කියලා චෝදනා කරනවා. ඒක වැරදියි. පාර්ලිමේන්තු වරප‍්‍රසාද කඩ වීමක් ලෙස සළකන්නේ ඔහු පාර්ලිමේන්තුවට යන එන වෙලාවක හෝ පාර්ලිමේන්තුව තුළ සිටියදී හෝ සිදුවන අත්අඩංගුවට ගත්තේ නම් පමණයි.
මේක ඔහු ගෙදර සිටියදි සිදුවූවක්. ඒ වගේම පොලිසිය ඔහුගේ නිවස වටලලා ඔහු ඉන්නා බව දැනගත්තාට පසුව තමයි නියෝජ්‍ය කථානායකවරයාට දැනුවත් කළේ. නැත්නම් ඔහුත් ඔහුගේ රියදුරු වගේම පළා යන්න ඉඩ තිබුණා.
COMMENTS
ඉතින් අර කේ.පී කුදලාගෙන ආවා වගේ අරගෙන වරෙන්කෝ...
හා ඔව් නේද?
එතකොට ඔබතුමා අර ඕස්ට්‍රේලියන්කාරයාගේ කම්පැණියේ කොටස් හොරෙන් විකුණලා මතක නැහැ කිව්ව නඩුව ඔය විදිහටම ඉක්මන් කරනවද?
මුන්නැහෙ දැන් නීතිපති රස්සාවත් කරනවා වගේ. ඔච්චර නීති දන්න මහත්තයා අර ඕස්ට්‍රේලියා නඩුවකට පැටලුනේ මොකද කියලා හිතාගන්නත් අමාරුයි. පුද්ගලයෙක් මොනවා කිව්වා වුණත් කියන පුද්ගලයා කොහොම කෙනෙක්ද කියලා හිතන කොට නිකං මොකක්ද වගේ හිතෙනවා...
කබරයා, තලගොයා කරන මුන්නැහෙගේ කතා දැන් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ.
ඔය ගොල්ලෝ කොහොමද ඒ ගොල්ලෝ අත්අඩංගුවට ගන්නේ? ඒ ගොල්ලෝ ඔය ගොල්ලෝ අත්අඩංගුවට ගත්තේ නැහැනේ... නේද..? හොරු කවදාවත් හොරුන්ව අත්අඩංගුවට ගන්නේ නැහැ.
හරි හරි ඩීල් එකේ හැටියට ඒක බැහැ... දැන් අර වින්දිතයෙක්ව හිරේ දැම්මේ පරීක්ෂණ කරලා කියන්නේ බොරුවක් කියලා ඔප්පු කරන කම් කියලා... ඒ වගේ හිරේදාන්න බැරිද දන්නේ නැහැ නේද? මහේන්ද්‍රන් අල්ලන් එනකම් කියලා? නීතිය අරගොල්ලන්ටත් වඩා නවලා වගේ නේද? මම කිව්වේ විහිළුවක්. පාටලීට කරපු දේශපාලන පලිගැනීම වගේම සියලු වර්ගයේ දේශපාලන පළිගැනීම්වලට මම එදා වගේම අදත් විරුද්ධයි. දෙපැත්ත මාරු වුණා කියලා මගේ නම් ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ...
අනේ අපිට තේරෙනවා සර්. සර්ලාට හොඳ විදියට කරන්න. අපි වෙනුවෙන් සර්ලා කොච්චර මහන්සි වෙනවද කියලා අපි දන්නවා...
මේ වගේ දේශපාලකයින්ගෙන් ප්‍රවේශම් වන්න. නැග්ග ඉනිමගට පයින් ගහන අය තමයි... රුපියල් 100 අාපහු දෙන්න.
කවදාවත් අර්ජුනව අල්ලාගෙන එනවා කියන්නේ බොරු... අරගෙන ආවොත් විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේද හුඟදෙනෙක් අහුවෙනවා.
"ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට". පැරැන්නෝ එහෙම කිව්වේ කට කසනවාට නොවෙයිනේ.
මෙයත් බලන් ගියාම නොදන්න දෙයක් නැහැ.. මහින්දගේ සාටකේ එල්ලිලා යන්‍තම් ගොඩ ගියා. අපේ රටේ තියෙන ජරාජීර්ණ දේශපාලනය ගැන කියන්න වචන මදි...
කබරගොයා තලගොයා කරන මුන්නැහේගේ කතා දැන් මිනිස්සු විශ්වාශ කරන්නේ නැහැ. රාජිතගේ අනිත් කෙනා...