IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අයි.එස්. ඉලක්ක වෙත පහර දෙයි

ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක, අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ජාලයට අයත්, 'අයි.එස්.කේ' ත්‍රස්ත කල්ලි සාමාජිකයන් ඉලක්ක කරමින් ඇමෙරිකන් හමුදාව ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරයි.

පසුගියදා කාබුල් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළේ තලේබාන් පාලනයට එරෙහි, මෙම 'අයි.එස්.කේ' ත්‍රස්තයේ සාමාජිකයන්ය. එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලවීමට පැය කීපයකට පෙර, 'අයි.එස්.කේ' සාමාජිකයන් නිසැක වශයෙන්ම ගුවන්තොටුපොළට ප්‍රහාරයක් සැලැසුම් කරන බව ද ඇමෙරිකන් බුද්ධි අංශ දැන සිටියේය.

කෙසේ නමුත් ඔවුන්ට එය වළක්වා ගැනීමට නොහැකි විය. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකෙන් 170 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. 200 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

මියගිය පිරිස අතර ඇමෙරිකන් මැරීන් සෙබළුන් 13 දෙනකු සිටින බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ප්‍රහාරයක් එල්ල වේවි යැයි කල් තියා දැන සිටියදී, එය වළක්වා ගැනීමට නොහැකි වීම සහ ඇමෙරිකන් සොලද්දාදුවන් ප්‍රහාරයෙන් මියයෑම සම්බන්ධයෙන් එම සොල්දාදුවන්ගේ පවුල්වල සාමාජිකයන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට දොස් නගා ඇත.

එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වුණු සැණින් 'අයි.එස්.කේ' කල්ලිය එහි වගකීම බාර ගත් අතර, කාබුල් නුවර පාලනය අතට ගෙන සිටින තලේබාන්වරුන් කියා සිටියේ ඔවුන් එම බෝම්බ ප්‍රහාරය තරයේ හෙලාදකින බවය. තලේබාන් සන්නද්ධ සාමාජිකයන් 17 දෙනකු ද බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වුණු බව තලේබාන් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ගුවන්තොටුපොළ පරිශ්‍රයට එල්ල වුණු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේ දී ඉතා සංවේදී වුණු ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දුන්නේ, ත්‍රස්තවාදයට කිසිදු සමාවක් නොදෙන බවත්, ප්‍රහාරයට සම්බන්ධ ජිහාද්වාදීන් සොයා ඔවුන් මරා දමන බවත්ය.

ඊයේ (28) ඇමෙරිකන් හමුදාවේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා ඇෆ්ගනිස්තානයේ 'අයි.එස්.කේ' ඉලක්ක කීපයකට පහර දුන්නේ ඒ අනුවය. පහරදීම කළේ ඇමෙරිකන් බුද්ධි අංශ ලබා දුන් තොරතුරු අනුවය. එසේ එල්ල කළ එක් ප්‍රහාරයකින්, කාබුල් ගුවන්තොටුපොළ පරිශ්‍රයට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සැලැසුම් සකස් කළ 'අයි.එස්.කේ' ත්‍රස්තයා මරා දැමීමට හැකිවුණු බව ඇමෙරිකන් හමුදාව සහතික විය.


ඩ්‍රෝන ප්‍රාහර එල්ල කෙරුණේ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට දුරින් ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවට නුදුරින් පිහිටි නන්ගහාර් පළාතේ ස්ථානවලටය. 'අයි.එස්.කේ' ත්‍රස්තවාදීන්ගේ තිප්පොල ඇත්තේ මෙම පළාත්වලය. 'අයි.එස්.කේ' සාමාජිකයන්ගේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන්නේ ද ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර දෙසින් පිහිටි මෙම නන්ගර්හාර් පළාතය.

ඇෆ්ගනිස්තානයේ මෙම 'අයි.එස්.කේ' කල්ලිය බිහිවූයේ 2015 ජනවාරි මාසයේය. ඒ, ප්‍රධාන තලේබාන් සංවිධානයේ මතයට විරෝධය දක්වන තලේබාන් සාමාජිකයන් ද එකතු කර ගනිමිනි. ආරම්භයේ දී 'අයි.එස්.කේ' කල්ලියට නායකත්වය දුන්නේ ද තලේබාන් සංවිධානයෙන් ඉවත් වුණු නායකයන්ය. එම නායකයන් කවුරුන්දැයි හඳුනා ගනිමින් සොයා ඩ්‍රෝන ප්‍රහාරවලින් මරා දැමීමට ඇමෙරිකාව සමත් විය.

අද වනවිට ඇෆ්ගනිස්තානයේ ජිහාද්වාදීන් පමණක් නොව, පාකිස්තාන ජිහාද්වාදීන් ද 'අයි.එස්.කේ' කල්ලියට එක් වී සිටින බව බුද්ධි අංශ අනාවරණය කර තිබේ.

3,000 කට වැඩි සන්නද්ධ සාමාජිකයන් පිරිසක් 'අයි.එස්.කේ' කල්ලියේ සිටින බව ද බුද්ධි අංශ පවසයි. 'ජිහාද්වාදීන්' යනු ඉස්ලාම්දහමට එරෙහි වන්නන්ට එරෙහිව එසේත් නැතිනම් මිත්‍යාදෘෂ්ටිකයන්ට එරෙහිව දෙවියන්ගේ නාමයෙන් සටන් වදින්නා' යන අර්ථයයි.

'අයි.එස්.කේ' කල්ලිය හරහා මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම් සිදුවෙයි. මොවුන්ට 'හක්කානී' ජාලයේ ද සහාය හිමිවෙයි. 'හක්කානී' යනු ත්‍රස්ත ජාලයකි. ඇෆ්ගනිස්තානයේත් පාකිස්තානයෙත් ක්‍රියාත්මක වෙයි.

තලේබාන් සංවිධානයට අවි ආයුද ලබා දීම පමණක් නොව ප්‍රධාන තලේබාන් සංවිධානයේ මූල්‍ය කටයුතු බලා කියා ගන්නේ ද මෙම ජාලය යැයි පැවැසුණු නමුත්, මේ වනවිට තලේබාන් සංවිධානය 'හක්කානී' ජාලය සමඟ පවතින සියලු සබඳතා නවත්වා දමා ඇතැයි ඇමෙරිකාව පවසා තිබේ.

මේ බව ඇමෙරිකන් බුද්ධි අංශ පවා සනාථ කර තිබේ.

ප්‍රධාන තලේබාන් සංවිධානයේ අරමුණ වී ඇත්තේ ඇෆ්ගනිස්තානයට නව රජයක් පිහිටුවීමය. එම කටයුතු මේ වනවිට ලහිලහියේ සිදුවෙමින් පවතී. කෙසේ නමුත් 'අයි.එස්.කේ' කල්ලිය ඇෆ්ගනිස්තානයේ ශක්තිමත් වුවහොත්, තලේබාන්වරුන්ට ද ඔවුන් තර්ජනයක් වනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)



අදහස් (1)

අයි.එස්. ඉලක්ක වෙත පහර දෙයි

Dinesh Sunday, 29 August 2021 02:27 PM

තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නේ නැතිව අනුන්ගේ රටවල් හදන්න යනවා

:       9       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 532 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site