අයිඑස් සටන්කාමීන් විසින් කොංගෝවේ නැගෙනහිර මබාවු ප්‍රදේශයේදී පුද්ගලයින් 15 දෙනකු ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
කඩු හා කිණිසි වැනි ආයුධ වලින් කපා කොටා මොවුන් ඝාතනය කර ඇති අතර එක් පවුලක සාමාජිකයින් හය දෙනකු ඝාතනය කර ඇතැයි සඳහන් වේ.
අසල වනාන්තරයේ වෙසෙන පිග්මි ජනවාර්ගික කණ්ඩායමේ සාමාජිකයින් හත් දෙනකු ද ඝාතනය කර ඇති අතර ඔවුන්ගේ සිරුරු බැඳ දමා උගුර කපා ඇත.
ආසන්නයේ සිටි සෙබළුන්ට ගම්මානයට පැමිණීමට පැය ගණනාවක් ගතවූ බවට ගම්වැසියෝ චෝදනා කරති.
පසුගිය මාසයේදි කොංගෝ හමුදාව කැරළිකරුවන්ට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව සිදුවූ විශාලම ප්‍රහාරය මෙය බව පැවසේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
අපි ඉස්ලාම් අන්තවාදය පරාද කළයුත්තේ ඇයි කියා නිතරම පවසන්නේ මෙන්න මේ නිසයි. එය අපට පමණක් නොව මුළු ලොවටම තර්ජනයකි. නමුත් අපි කොතෙක් දුරට ඒවාට විරුද්ධද ? අපේ ඇතැම් ක්‍රියාකලාප වලින් වක්‍රාකාරව ඔවුන්ට අනුබල නොදෙන්නේද ?