(අජන්ත කුමාර අගලකඩ)
අමාත්‍යාංශවල උපදේශකවරුන් ලෙස කලින් සිටි උපදේශකයින්ම පත්කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (7) උදෑසන පැවැති කැබිනට් රැස්වීමට අදාළ යෝජනාව ඉදිරිපත් කර ලද්දේ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසිනි.
එක් එක් අමාත්‍යාංශ සඳහා උපදේශකවරුන් පත්කිරීමට අනුමැතිය ඉල්ලා ඇමැතිවරුන් වෙත වෙනම කැබිනට් සන්දේශ ඉදිරිපත් කර තිබී ඇත.
එහිදී යෝජනවාක් ඉදිරිපත් කරමින් මංගල සමරවීර ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අමාත්‍යාංශවල කලින් සිටි උපදේශකවරුන් පත්කිරීම සඳහා අනුමැතිය දීම වඩාත් සුදුසු බවය.
ඒ අනුව එක් අමාත්‍යාංශයකට උපදේශකවරයකු බැගින් ද විශේෂ අමාත්‍යාංශ සඳහා උපදේශකවරුන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු බැගින් ද පත්කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පච්චියේ ඔය හිටපු උපදේශකයෝ කියන විධියට ඉදිරි මාස කිහිපයේදීත් රජය කරගෙන ගියොත් ජනතාවත් හාන්සියි. ආණ්ඩුවත් හාන්සියි.
උපදේශකයො කියාගෙන ඉන්න උන් දෙන උපදෙස් පිලිපදින්න ගිහින් තමයි මේ ඔක්කොම විනාස. අනික ගෙවන පඩිය ගත්තොත් ලක්ෂගානක්. වැඩේම හැමවෙලාවෙම කොහෙහරි හොද හොට්ගේකට වෙලා කකා බිබි වැඩමුළු පවත්වන එක.