
(ඩයනා උදයංගනී)
දුෂ්කර අවස්ථාවල එකට සිටි, එක අරමුණක් වෙනුවෙන් සටන් කළ සියලු පක්‍ෂ එක රෑනට එකට සිටිය යුතු බවත්, ඒ සමඟිය රැකීම ප්‍රධාන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වගකීමක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
ඇතැම් පක්‍ෂ කුඩා විය හැකි නමුත් දේශපාලනයේදී වැදගත් වෙන්නේ ලොකු කුඩා නොව අරමුණ බව කී අග්‍රාමාත්‍යවරයා ‘ඒ කවුරුත් අපේ ආධාරක, කිහිලිකරු හෝ අතකොලු නෙවෙයි. අපිත් එක්ක එකට එක අරමුණකට ගමන් කරන අය යැයි ද සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ දී අද (2) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සර උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
සමඟිය අත වැනීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ලැබුණු උරුමයක් බව කී අග්‍රාමාත්‍යවරයා දුෂ්කර අවස්ථාවල එකට සිටි, එක අරමුණක් වෙනුවෙන් සටන් කළ කවුරුත් ඈත් කළ නොහැකි බව ද කීවේය.
ආණ්ඩු බලයෙන්, අමාත්‍යාංශවලින්, රාජ්‍ය ආයතනවලින් කරන්න බැරි බොහෝ දේ ඇතැයි කී මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය කාලයේ ගුරු වර්ජනය දුරදිග ඇදී ගියේත්, ගොවි උද්ඝෝෂණ මෙතරම් බරපතල ලෙස ඇදී යන්නේත් ඒ අය අතර වැඩ නොකළ නිසා යැයි පැවසීය.
රජය ජනතා හඬ තේරුම් ගත යුතු බව කී අගමැතිවරයා රජය එම දේශපාලනයෙන් ඈත්වුවහොත් පරාජය කළ බලවේල පටු වාසි ගැනීමේ අරමුණින් ජනතාව අතරට රිංගා විශාල අවුල් ඇතිකරන බව ද කීවේය.
ඡන්දය දුන් ජනතාව දැන් ඉන්නේ ඉතා අපහසු දුෂ්කර තත්වයක බව අමතක නොකළ යුතු බව කී අග්‍රාමාත්‍යවරයා මෙවැනි කාලවල නොකළ වැරදිවලට වුණත් ජනතාව බනින්නේ ආණ්ඩුවට බවත්, ජනතාව බැන්නත්, පඹයෝ පිච්චුවත් ජනතාව අතරට යා යුතු බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් කියනවට කියන කතා. චන්ද ගන්න ඕන උනාම එක රෑන. කොමිස් ගහද්දි මාටියා ගහද්දි ඕගොල්ලෝ වෙනම රැනක. අවුරුදු 70 ගාණක දේශපාලන ඉතිහාසයේ අපි තව අහලා නැහැ, අයතා විදිහට ධනය උපයලා දේපල රාජසන්තක වෙච්ච ඇමතියෙක්, ජනපති කෙනෙක් ගැන. නිරුපමාට සල්ලි ආපු විදි තවම හෙළි වෙලා නැහැ. ඔයාගේ මල්ලිට මල්වානේ ගෙවල් හදන්න සල්ලි ආපු විදියක් නැහැ. ඒ වලට වැටෙන නඩු විසි වෙනවා. නඩු දවසට සාක්කි ගන්න දවසට ඒ අය ලෙඩ වෙනවා. අන්න ඕගොල්ලන්ගේ රෑන.
මේ වෙන්දේසි කාරයෝ එලවන්න මුළු රටම එක රෑනක සිටිය යුතුයි
ඔය ගොනාට ඇන්දිලි බයිලාවලට තවත් මිනිස්සු රැවටෙන්නේ නැහැ.. මෙයා හැමදාමත් කලේ ඕක. දැන් බැරි බව බොරුව ඔප්පුකරලා හමාරයි. දැන් ඇති යන්න ගෙදර
අවාසි වෙනකොට රෑන මතක් වෙන්නේ ?දැන් ඉතින් ගැහිල්ල වහන්න අනික් ඔක්කොටම පිස්සු කෙලින්න කියන්න .අනාගතේ ඉපදින්න ඉන්න ඔක්කොටම ගෙවන්න ලෑස්ති වෙන්න කියන්න
කෙනෙහිලිකම් කරලා කරලා කෙළවෙන්න යනකොට තමයි "රෑන" මතක් වුනේ නේද ?
රාජපක්ෂ බ්‍රෑන්ඩ් එක අවසානයි දැන් කාලය ඉකුත් වෙලා ඉවරයි.
කෙසේ වෙතත් දේශපාලන පළපුරුද්ද දැනුම අදහස් වලින් පෙනෙනවා නමුත් ඔක්කොම අය රෑන පිටින් රටේ යහපත තකා ඉවත් කලයුතුමය.
ඔව් අපි ඔක්කොම එකතුවෙලා ලබන ඡන්දෙදි ඔබතුමාගේ පවුල ප්‍රමුඛ මේ රෑනම සහමුලින්ම පන්නලා දමන්න කටයුතු කල යුතුයි.
කොවිඩ් වසංගතේ අස්සේ පාර්ලිමේන්තුව එකතු වෙලා ,තනි තීරණයක්, රටක් විදියට ,එකතු වෙන්න බැරිවෙච්චි බල ලෝභියෝ. ලංකාව වෘතිය සමිති වලට පවා බෙදිලා ඉන්නේ පක්ෂ දේශපාලනයට. බයිලා ගහන්න එපා.
අනිවාර්යයෙන් . මහජනතාවගෙ මුදල්, දේපළ හොරකම් කරන්න එක රෑනක ඉන්න ඕන තමයි .
පරිණතභාවයට උදාහරණයක්. කොයි පක්ශෙන් දේශපාලනය කළත් ඉගෙන ගන්නවා නම් ඔන්න පාඩම්.
චිනගේ ණය උගුලේ තමන්ගේ කොමිස් කුට්ටි වෙනුවෙන් රට ඇද දාමු ජාතියේ අප්පොච්චි.
බැසිල් මල්ලිගේ මල්වාන නිවාස ඇතුළු පවුලේ සහ හිතවතුන්ගේ නඩු ටික නිදොස්කොට නිදහස් වෙනතුරු එක රෑනක සිටියයුතුයි.
එක රෑන කියන්නේ.?
රෑන අවශ්‍ය රාජපක්ෂලා පෝෂණය කරන්නද.?
මේ ජනපතිගේ අයියා නේද? පරම්පරාවම සහ එක්ව සිටින කල්ලිය හොර, බොරු, මැර, ජඩ විනාශකාරයන්ගේ එකතුවකි.
දැන් සැපද කියලා ඇහුවේ නැද්ද ?
ගහනකොට පවුල ,කෙලවෙනකොට රෑන
හොරා කන්නයි රටේ සම්පත් විකුනන්නයි කොමිස් ගහන්නයි එක රෑනෙ ඉන්න ඕන ? වැඩේ වැරදියිනම් විරුද්ධ වෙන අයට අපගේ ප්‍රණාමය. දැන් කොහොමත් මේ රජයේ කඩා වැටීම පටන් අරන් ඉවරයි. රට විනාශ නොකර අයියලා මල්ලිලා මැදමුලනට ගිහිල්ලා එක රෑනෙ හිටියට හිට්යොත් නරකද ?
මෙයා මේ ආණ්ඩුවේ අගමැති බව අමතක වෙලාද.?
අපි හොරකම් කෙරුවෙත් එකට ඒ හින්ද එකටම ඉමු. ලොක්ක බොම්බයි ලූනු දැක්කැයි, දැන් සැපද කියල අපෙන් අහන්නෙ නැතෑ .
දේශපාලනයෙන් ඹබට මිස රටට පලක් නොවිය, ගමේ සිල්ලර කඩයටවත් ණය නැතිකෙනා ලෝකයටම ණයකාරයෙක් කලේ ඹය දේශපාලනයමය, ඹබට පින්බිමක් වු රටට අපි උපන් පව ගෙවන්නෙමු ! කෙටි වූ ඡිවිතය දුකම උරමකර ගෙවා දමමි ඉතිරි ටික. ඹබට ඡය
රට විනාස කර ගසාකමින් නීතිය බල්ලාට දමාතම හිතවත් අපරාදකාරයින් නිදහස් කරමින් තමන්ගෙ කොල්ලන්ට පිස්සු නටන්න ඉඩදී රටම විනාසයට ගෙනගොස් ජනතාව අන්ත දිලින්දන් බවට පත් කර සුර සැප, විදිමින් ජනතාවට වැල් බයිලා ගහන රාජපක්ශ තක්කඩි පරපුරම සහ උන්ගේ සහචරයින් රෑනම දේශපාලනයෙන් සදාකාලයටම අතුගා දමන්නට මුලුමහත් ජනතාවම රෑනක් මෙන් එක් විය යුතුයි.
අවසානය දක්වා රට විනාශ කිරීමට.
ඔයාගේ රෑන අරගෙන එන්නකෝ ඊළඟ පාර . එතකොට බලාගන්න පුළුවන් රෑනට වෙනදේ
පවුල් පාලනේ උදවිය නම් එකම රෑනක ඉන්න බව ලෝකෙම දන්නවා. එකම රෑනක ඉදන් ගහපු ගේම්, කරපු මහා පරිමානයේ වන්චා, දූෂණ ගැනත් නොදන්නවා නෙවෙයි .
රටේ විනාසේ නියමුවෝ.
මේ රට බංකොලොත් කරන්න ප්‍රධානම වැරදිකාරයා තමයි මේ මනුස්සයා.
කාට මොනව නැතත් කමක් නැහැ. ගොවියාට පෝර නැතත් ගුරුවරයාට වැටුප් නැතත් මන්ත්‍රීලාට තීරු බදු නැති කාර් ඉක්මනින්ම ලැබුනොත් නේද හොද?
රාජපක්ස පවුල මේ රටට සාපයක්
පවුලේ කට්ටිය කුනු ලේපාට සාටක ටිකත් දාගෙනම එක රෑනට ඉදලා තමයි වැඩේ දෙන්නේ.
දැන් මිනිසසු රැවටෙන්නෙ නැහැ ආතේ ඔය සීනිබෝල කතාවලට.....
බලය ගන්නකම් තමා ඔක්කොම රෑන්. බලය අතට ආවට පස්සේ පවුල් රෑන. අපි නොදන්නවා නෙවෙයි පවුල් පාලනේ අයගේ කෙරුවාවල් ? ජනතාව ගොනාට අන්දවන්ට හැදුවට දැන්නම් ලෙහෙසි වෙන එකක් නැහැ.
දැන් හැමෝගෙම කටවල් වස්සයි
එක රැනෙට ඉඳල රට විකුනන්නේ නැතුව දුෂණය හොරකම කොමිස් ගැහිල්ල මේවා මුලිනුපුටා දමා රට හදන්න.
ඔබ සැබෑ වෙන්දේසිකරුවෙකි; ගෙදර යන්න !
පරාජය කලයුතු බලවේගය අනෙකා නොව තමන් ලගම ඉන්නා හොරු බව තවම තේරුම් ගෙන නැත.
හැමතැනම කොරෝනා. එක රෑනට ඉන්නේ කොහොමද
ඩේසි ආච්චි එහෙම සනීපෙන් ඇතැයි ? මතක් කරා කියන්න හරිය.
මොකක්ද මේ, අලි බබා සහ හොරු 40 කතාවේ තියෙන දෙබසක් නේද
සිමෙන්ති කොට්ටයක් ,ගෑස් එකක් ,සීනිි කිලොවක් ගන්න හොයන්න බැහැ. මෙයා පස්වස් සමරනවා, රටම ණයකාරයො කලා අනේ අපේ දරුවන්ගෙ අනාගතය?
හා ඉමු
ඔබ රටේ ජනතාවගේ ගෞරවයට ආදරයට පාත්‍ර වෙච්ච කාලයක් තිබුණා වගේම රට දියුණු කරන්න ඔබට අවස්ථාවන් අනන්තවත් තිබුණා.ඒ අවස්ථාවන් සියල්ලක්ම පැහැර හැරියා. ඔබ රටත් රටේ ජනතාවත් ගැන නොසිතා ඔබගේ රෑන ගැන විතරයි හිතුවේ.තවදුරටත් ජනතාව මුළාකිරීමෙන් වලකින්න.
එතකොට රෑනම ජනෙල්වල එල්ලන්න ලේසියි.
දැන් නම් හොදටම තද වෙලා වගේ ඇයි දන්නෙ නැහැ රෑන මතක් වෙලා
ආණ්ඩුවේ ප්‍රබලයින්ම මෙහෙම දුක කියනකොට අපිට මොනවද නොතෙරෙන්නේ
මේ වෙන්දේසි කාරයෝ එලවවල සජිත්ව පත් කරමු
නුඹලයි, නුඹලාගේ සනුහරේ කත් අදින බත් බැලයොයි මැරුණාම යන්නේ අවීචියේ... මේ රටට කරපු විනාශයට. දැන්වත් පලයල්ලා...!
අගමැතිතුමනි, ඔබතුමා හොඳින්ම දන්නවා ලබන මැතිවරණයේ ප්‍රතිඵලය... එමනිසා ඔබතුමා අගමැති තනතුරෙන් ඉවත්ව සජිත්ට අවස්ථාවක් දෙන්න... රටේ ජනතාවට බලන්න පුළුවන් සජිත්ගේ වැඩ පිළිවෙල ඉදිරි වසර දෙකක කාලය තුළ...
අලි බබා සහ හොරු හතලිහත් එක රෑනට තමයි හිටියෙ.
හොරු රැල පන්නමු ,එක රෑනට එකතු වෙමු
වී කුරුළු රෑනක් ............................
අපි එකම රෑනෙ කුරුල්ලෝ... නැ වෙන්වන්නේ..!
අපි හැමෝම කිව්වේ පවුල් වල ඉන්න රෑන් ගැන වෙන්ඩ ඕන. රට පාලනෙ කරන්නෙත් පව්ලෙම රෑනක්නේ. ඒ රෑනට නම් කිසිම අවුලක් නැතුවා.
කාලෙ ලන්වෙනකොට රෑන මතක්වෙලා තියෙන්නෙ