(කේ. බුද්ධික කුමාරසිරි )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල හේවාගම පිවිසුමේ සිට කොතලාවල පිවිසුම දක්වා ආරක්ෂිත වැටෙන් කිලෝ මීටර් දෙකකට ආසන්න ප‍්‍රමාණයක් සොරෙන් කපා විකිණූ පුද්ගලයින් පස්දෙනෙකු අද (26) අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.
දක්ෂිණ අධිවේ මාර්ගයේ මෙහෙයුම් නිලධාරීන්ගෙන් ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් පස්දෙනා විසින් දක්ෂිණ අධිවේගී මාර්ග ආරක්ෂිත වැටෙහි මීටර් 1800 ක ප‍්‍රමාණයක තිබූ දැල හා ජී.අයි බට සොරාගෙන ගොස්, යකඩ භාණ්ඩ මිලදී ගන්නා මාලබේ හා කඩුවෙල වෙළඳසැල් දෙකකට විකුණා තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කඩුවෙල හේවාගම ප්‍රදේශ පදිංචි වයස අවුරුදු 30 -- 37 ත් අතර පුද්ගලයින් පස්දෙනෙකි.
සැකකරුවන් කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
පින්තූරයේ හැටියට නම් මෙය අපේ ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයක් යයි කියා සිතීමට අමාරුයි. මා අවසන් වරට අපේ රටේ අධිවේගී මාර්ගයක ගමන් කරේ 2016 ජූලි මාසයේදී. මට මතක හැටියට නම් එදා ඒ මාර්ගවල තිබුනේ මංතීරු 2ක් සහ හදිසි අවස්ථාවකදී නැවතීම සඳහා මංතීරුවක් පමණයි ! කොහොම වුණත් එදායින් පසුව අලුත් මංතීරු එකතු කළාද දන්නේ නැහැ. මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගන්නා වැඩසටහන් කඩාකප්පල් කර බඩ ගෝස්තරය සපයා ගන්නා මෙවැනි හොරුන්ටත්, එම හොරබඩු මිලදී ගන්නා කුඨ වෙළඳුන්ටත් දැනට තිබෙන නීති සිල්ලර වැඩිය !!! එම නීතිතවත් දැඩි කළ යුතුයි...!!!
මෙම පුද්ගලයින්ට හා බාහිරව මෙයට සම්බන්ධ පුද්ගලයින් වේ නම් ඔවුන් සියල්ල අල්ලා උපරිම දඬුවම් දිය යුතුයි.
අධිවේගී මගේ ආරක්ෂිත වැට සොරෙන් කපා විකුණූ 5ක් සහ දැනදැනම සොරබඩු, යකඩ භාණ්ඩ මිලදී ගත් හා කඩුවෙල වෙළඳසැල් 2කටත් වසර කිහිපයක අමතක නොවන දඬුවමක් නොදුන හොත් අනාගතයේ මෙවැනි ක්‍රියාවන් නැවත්වීමට හැකිය.
ඉතින් රටක් දියුණු වෙයිද?
රටක් ඉතින් දියුණු වෙයිද? මේවා රාජ්‍ය දේපොළ... ඒ යටතේ දඬුවම් කරා නම් ඇපත් නෑ. කොහොමත් ගොඩ එන්න බැරිවෙන්න ලොකු දඩයක් ගහන්න ඕනෑ. හැබැයි ඉතින් ලොක්කෝ බැංකු කොල්ලකද්දී, ආණ්ඩුවේ සල්ලිවලින් සොහොන් හදද්දී මේවා මොනවද නේද?
ලංකාවේ විතරක් නොවේ ඇමෙරිකාවෙත් රාත්‍රී කාලයේ ලෝහ සොරකම කරනවා. වැඩි පුරම සොරකම් කරන්නේ තඹ කම්බි, යකඩ නාම පුවරු වගේ දේ. හොරට නම් යකඩ රාත්තලකට සුලු මුදලක් ලැබෙනවා. නමුත් අලුත් වැටක් සවිකරන්න ලක්ෂ ගණනක් වියදම් වෙනවා. ඇමෙරිකාවේ අධිවේග මාර්ගවල ආරක්ෂක වැට කපන්න ගිය කෙනෙක් ආපසු පණපිටින් ආවොත් පුදුමයක්. ඒ කියන්න වාහන නැති වෙලාවක් නැහැ. සැමදෙනාම ගමන් කරන්නෙ පැයකට කි. මි. 140 විතර වේගයෙන්. ලංකාවේ මේ තරම් ජංගම දුරකථන තිබෙන නිසා මේ වැනි සොරකම් ගැන නිර්නාමිකව ඔත්තු දෙන්න හැකි ක්‍රමයක් ඇති කරන්නෙ නැත්තේ මොකද? එවැනි ඔත්තුවලට රහසිගතව තෑගී දෙන්න වටිනවා. මෙරටේ නම් එම ඔත්තු දෙන අය "password " දෙන්න ඕනෙ. මුදල් ලබාගන්න එම වචනයම පාවිචිකරන්න ඕනෙ.
ඕක ඇතුලේ කොපමණ පොලිස් වාහන සහ අධිවේගී මාර්ගයේ නඩත්තු කටයුතු සදහා වාහන එහෙ මෙහෙ යනවද ? කිලෝමීටර 2 දුරට වැටවල් වල කණුත් කපන යනකම් මෙම නිලධාරීන් නිදා ගත්තද ?අනිවාර්යයෙන්ම මේකේ වැඩ කරන කවුරුහරි මේකට සම්බන්ධ ඇති
සුපිරි වැඩ කාරයෝනේ ලංකාවේ ඉන්නේ.
ඒක තමයි මටත් පුදුමේ. කිලෝමීටර් දෙකකට ආසන්න ප්‍රමාණයක් හොරෙන් කපනකම් කාටවත් මේ ගැන හෝඩුවාවක් ලැබුනේ නැද්ද?
දේශපාලකයන් මහජන චන්දෙන් පත්වෙලා කරන්නෙත් මේවගේ දේවල්මේ නේ . මේ දෙගොල්ලෝ අතර වෙනසක් නැහැ . රටේ තිබෙන දේවල් විකුණා කොමිස් ගැනීම .
මෙන්න ලක්දෙරණේ පහල වූ දක්ෂ ලක් පුතුන්. මේවගේ පොදු දේපල වනසන කාලකන්නි එවුන්ට දැඩි දඬුවම් දිය යුතුය්.