(අංජුල මහික වීරරත්න)
එක් පසෙකින් රටේ අධ්‍යාපනය විනාශ කරන ආණ්ඩුව අනෙක් පැත්තෙන් කෘෂි ආර්ථිකය විනාශ කොට රට සාගතයකට තල්ලුකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
වෘත්තීය අරගලයක නිරතවන ගුරුවරුන් අපරාධකරුවන් සේ සලකා ක්‍රියා කිරීම අධ්‍යාපනයේ මළගම සනිටුහන් කිරීමක් බවද විජයවර්ධන මහතා කීය.
පිටකෝට්ටෙි සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ආසන සංවිධායකවරුන් දැනුම්වත් කිරීමේ හමුවකට එක්වෙමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කීවෙි පොලිසිය බාර ඇමතිවරයා පොලිසිය යොදවා ගුරුවන්ට නිල මට්ටමේ තර්ජනය කිරීම එක්සත් ජාතික පක්ෂය හෙළා දකින බවයි.
COMMENTS