IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අගමැති මහින්ද ඇතුළු ඇමැති මණ්ඩලයට එරෙහි පෙත්සම සළකා බැලීම 30 දා

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

 

 

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් අද (26) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

එහිදී අදාළ පෙත්සම ලබන 30 වැනිදා සහ  මීළඟ 3  වැනි දා සළකා බැලීමට පියවර ගන්නා බව අභියාචනාධිකරණය නියම කළේය.

එම දිනට පෙර නඩුවට අදාළ ලේඛන වගඋත්තරකාර පාර්ශවය වෙත ලබාදීමට පියවර ගන්නා මෙන් ද විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් වෙත දන්වන ලදී.

පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවත් ඒ බව කතානායකවරයා විසින් ද තහවුරු කර ඇති බවයි.

මේ හේතුවෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාව 13 වැනි සංශෝධනය ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව පෙත්සම්කරුවෝ කියා සිටියහ.

මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දු කර ඔහුගේ පත්වීම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකු නම් කර තිබේ.

 

 



අදහස් (11)

අගමැති මහින්ද ඇතුළු ඇමැති මණ්ඩලයට එරෙහි පෙත්සම සළකා බැලීම 30 දා

ගල්කටස් Monday, 26 November 2018 06:55 AM

අන්තෝ ජටා බහි ජටා, විනිසුරු මඬුල්ලක් සරත් වීරසේකර මහතා දාපු නඩුව පෙර නඩුවට බලපෑමක් විය හැකියි කියා 04 වැනිදාටම අහන්න කල් දැම්මා.. දැන් මේක 30 වෙනිදා අහනවා. එ්කත් අැහැව්වා නම් ඉවරයි... මේකෙන් බලපෑමක් වෙන්නේ නැතිව අැති එ්කනේ දැන්නම් රට දුන්නේ විකෘති විදිහටම තමයි...

:       120       536

dias Monday, 26 November 2018 08:05 AM

අධිකරණට ස්වාධීනයි. සරත්ගේ ඒ නඩු තීන්දු වගේ නෙවේ දැන්... මහින්ද, ජුලම්පිටියේ අමරේ වගේ.

:       465       472

ironbias Monday, 26 November 2018 09:12 AM

විරුද්ධ පක්ෂයේ නායක, අගමැති, දෙපාරක් ජනාධිපති... අනේ මන්දා මෙහෙමත් බලයට පෙරේත මිනිස්සු ශ්‍රී ලංකාවේ තවම ඉන්නවනේ...

:       486       875

ruchiMonday, 26 November 2018 10:13 AM

මෙහෙමවත් මනුස්සයෙක් නැත්නම් අපිද රට අරගෙන කරන්නේ.

:       98       18

krishanthaMonday, 26 November 2018 10:19 AM

ඉන්නවා..ඉන්නවා.. එතකොට සදහටම පක්ෂ නායක තමයි.

:       123       155

ඉබ්බාගේ ගමන Monday, 26 November 2018 10:25 AM

19 සංශෝධනය -17- 70 (1)" පාර්ලිමේන්තු පළමු රැස් වූ දින සිට අවුරුදු 4 1/2 යනතුරු ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරිම නොකළ යුත්තේය." (සිංහල 31 පිටුව බලන්න) 19 සංසෝදනය- 33අ "ජනදිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේය " .(සිංහල 6 පිටුව බලන්න) මේ අනුව, හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට කල අයුරින් පාර්ලිමේන්තුව මගින් මොහුට විරුද්ධව නඩු ඇසිය හැක. පාර්ලිමේන්තු බහුතරයට මේ සඳහා ටික දිනක් ගතවේ. රජයේ නිලධාරින් පරිස්සම් වන්න. (ලේකම්වරු, සභාපතිකම් ගැනීම හිරේ යාමට ඉඩ තිබේ.)

:       402       570

rothitha Monday, 26 November 2018 10:58 AM

අනේ ඇයි මේ දොස් කියන්නේ මෙහෙම? මේ බලයට ආසාවකට නෙවේනේ! ලක්වාසි ජනතාවට සේවය කරන්නේ නේ.

:       1       2

Loku banda Monday, 26 November 2018 11:02 AM

මේ රටේ ඉන්නේ මහින්ද රනිල් විතරමද?

:       2       5

wasantha Monday, 26 November 2018 11:25 AM

මුන්ට කඩේ යන එවුන්ට මඩු වලිගෙන් තලන්ද ඕනා.

:       0       1

daya Monday, 26 November 2018 12:37 PM

මේව අහල අහලම දැන් මගේ මොලේ අවුල් වෙලා

:       0       5

jaya Tuesday, 27 November 2018 03:16 AM

අපිට මොකද?

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31301 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13496 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 107 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 931 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site