(කාංචන කුමාර ආරියදාස)
ත්‍රිවිධ හමුදාව සහ විදේශීය හමුදාව එක්ව මෙරට පැවැත්වෙන දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් මාලාවේ වි්දේශීය ව්‍යාපාරිකයන් තිදෙනකු සතුරන් අතරට පත්ව ඉන් මෙම තිදෙනා මුදවා ගන්නා පුහුණුවීම් මෙහෙයුම අද 12 දින අලුයම දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය සහ එම දූපත්වල දී පැවැත්විණි.
යුද ගුවන් නාවික යන ත්‍රිවිධ හමුදාව මෙන්ම විදේශීය යුද හමුදාව ද එක්ව මෙම අභ්‍යාසය සිදු කරනු ලැබූහ.
ඉබ්බන්කටුව ජලාශය මැද ඇති දූපතක සතුරන් විසින් සිරකරගෙන සිටි ව්‍යාපාරිකයන් තිදෙනා මුදවාගැනීම සඳහා යුද හමුදාව නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ සහයෝගය ලබාගෙන දැඩි පරිශ්‍රමයක් දරමින් මෙහෙයුම දියත් කළහ .
ගුවන් මගින්, බෝට්ටු මගින්, කිමිදුම්කරුවන් මගින් සහ පා ගමනින් පැමිණෙන යුද හමුදාවෝ දූපතේ රැඳී සිටින ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ අය වෙඩි තබා ඝාතනය කර දුපත අත්පත් කරගෙන එහි සගවා සිටි තිදෙනා නිරුපද්‍රිතව බේරාගෙන බෝට්ටුවක ආධාරයෙන් ගොඩබිම වෙත ගෙන්වාගත්හ. ඉ
ඉන්පසු ගුවන් හමුදාවේ සහයෝගය ඇතිව ගුවන් යානයක ආධාරයෙන් ඔවුන් පිටකර යැවීමට පියවර ගත්හ. අලුයම 2ට පමණ ආරම්භ වූ මෙම මෙහෙයුම පැය පහකින් ඉතා සාර්ථකව අවසන් විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පොඩි කාලේ [1985 - 1995 ] යාළුවො කට්ටියම එකතු වෙලා දෙකට බෙදිලා ගෙවල් අවට ලොකු ප්‍රදේශයක් තෝරාගෙන හොරා පොලිස් සෙල්ලම කරපු හැටි මතක් වුනා. ඉස්සර ගොඩක් වතුවල තාප්ප, වැටවල් නැහැ. ඕනෑම වත්තකට, ගෙයක් ඇතුලට අහන්නේ බලන්නේ නැතුව රිංගනවා. ඒ මිනිස්සුත් ලොකුවට බනින්නේ කරන්නේ නැහැ. අපි මේ ක්‍රීඩාව ඉතාම ලස්සනට වෘත්තීමය ආකාරයෙන් පොඩි කාලෙදීම කළා. ගොඩක් විනෝද වුණා. අපි ඉතාම සුක්ෂමව අපිට පහර දෙන්න එන අයව අත්අඩංගුවට අරගත්තා. ඉතාම ලස්සන අතීතයක්. දැන් ඒ අය අතරින් කීපදෙනෙක් ආරක්ෂක අංශවල නිලධාරීන් ලෙස සේවය කරනවා. සමහරු හොයාගන්නත් නැහැ.. ගම දාලා වෙන්වෙලා ගිහින්. තවත් අය ඉතාම කාර්ය බහුලයි. අසාර්ථක වෙච්ච කීපදෙනෙකුත් ඉන්නවා. ජීවිතෙන් සමුගත්ත අයත් ඉන්නවා. සමහරු විදේශගත වෙලා. අපි ගෙවල් අවට යාළුවො 20ක් විතර හිටියා පොඩි පරතරයක් තියෙන එකම වයස් කාණ්ඩයේ. මට මතකයි එක වතාවක් මේ ක්‍රීඩාව කරන්න ගිහින් එක යාලුවෙකුගේ ආච්චි පදිංචි ගෙදර ඇතුළට අපි රිංගල ඒ ගෙදර ඇතුලේ ඔපරේෂන් එකක් කරන්න ගිහින් බදු මුට්ටු ගොඩක් විනාශ වුණා. එදා ඒ ආච්චි අපේ ගෙදරට කියලා ගෙදර යන්න බැරුව රැයක් පිට ගෙදරක ඉස්තෝප්පුවේ හිටියා. ඒකට දැන් ඉන්න පොඩි උන්...
ඇයි මේ අය පැහැරගෙන තියෙන්නේ? මුදල් ඉල්ලලාද?
ත්‍රිවිද හමුදාවටම අපගේ උත්තමාචාරය පිරිනමමි. ඉතාම වටිනා, රටට ගෞරවයක් ලැබෙන වැඩක් කරලා තියෙන්නේ... අැයි මේ පැහැරගත් අයගේ විස්තර නැත්තේ? අැයි ත්‍රස්තවාදීන් ගැන විස්තර නැත්තේ?
ත්‍රිවිධ හමුදාව සහ විදේශීය හමුදාව එක්ව මෙරට පැවැත්වෙන දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් මාලාවේ විදේශීය ව්‍යාපාරිකයන් තිදෙනකු සතුරන් අතරට පත්ව ඉන් මෙම තිදෙනා මුදවා ගන්නා පුහුණුවීම් මෙහෙයුම අද 12 දින අලුයම දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය සහ එම දූපත්වල දී පැවැත්විණි.
තුෂාර මේක රිහසල් එකක්..
අවාසනාවකට අපිට තාම පුරුදු නැහැ. යම් පුවතක් කියවලා තේරුම් ගන්න.