(රොමේෂ් මධුෂංඛ)
යුද හමුදා සංග්‍රාමික බලසේනාව ආරම්භ කර වසර 25 ක් සපිරීම හා ත්‍රස්තවාදය අවසන් කර වසර 10 ක් සපිරීම නිමිත්තෙන් රණවිරු පාගමනක් අද (29) උදෑසන යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැදවච්චියෙන් ආරම්භ කෙරුණි.
මැදවච්චිය පැරණි සෝදිසි මුරපොළ ඉදිරිපිටින් ආරම්භ කෙරුණු රණකාමීන්ගේ පාගමන ආරම්භක උත්සවයේ පූර්ණ සංවිධාන කටයුතු සිදු කළ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාද සහභාගී විය.
මැදවච්චියෙන් ආරම්භ වූ රණවිරු පාගමන ජුනි මස 08 වැනි දින කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් අවසන් කිරීමට නියමිතව ඇත.
මෙම පාගමන සදහා ගුවන් සංග්‍රාමික බළසේනාවට අයත් නිලධාරින් 31 සහ සෙසු නිලයින් 600 ක් පමණ සහභාගීවූ අතර, මැදවච්චිය, අනුරාධපුර, තිරප්පනේ, මරදන්කඩවල, හඹරණ, දඹුල්ල, නාවුල, මාතලේ, අකුරණ, කටුගස්තොට, මහනුවර, පේරාදෙණිය, කඩුගන්නාව, මාවනැල්ල, කෑගල්ල, වරකාපොළ, නිටිටඹුව, යක්කල, කඩවත, කිරිබත්ගොඩ, කැළණිය, ග්‍රෑන්ඩ්පාස්, කුරුදුවත්ත, දෙමටගොඩ සහ බොරැල්ල යන නගරයන් හරහා ගමන් කිරීමට සංවිධානය කොට ඇත.
රණවිරු පාගමන වෙනුවෙන් යුද හමුදා පූර්ණ ආරක්ෂාවක් මැදවච්චිය සිට කොළඹ දක්වාම සැපයීමට පියවර ගෙන ඇත.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරු පාගමන යාපනයෙන් නැතුව මැදවච්චියෙන් මොකද?
අගනා ක්‍රියාවක්... ඔබ සැමට දළදා සමිඳුන්ගේ සරණයි හා සියලු දෙවි දේවතාවන්ගේ ඔබ සැමට ජයවේවා! රණවිරුවනි ඔබ අපේ ජීවයයි !
ඔබ තුමන්ලාට බැරිද ටික කලකට හරි මේ රට අරගෙන හදල දෙන්න ? ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල උනත් ඒවා ඉවසා ඉන්න තරම් අපිට ශක්තියක් ඇත. මන්ද යත් අවුරුදු 30ක් පැවතුන යුද්ධයකින් බැට කෑ අපිට මේක සුළු දෙයක්නේ
අති විශිෂ්ටයි. ශ්‍රී ලාංකිකයෙක්වීම ගැන ආඩම්බර වෙමී.
අධිෂ්ඨානයෙන් අරමුණ කරා.. සුබපැතුම්!!!
මේ සොල්දාදුවන් හති ව්ට්ටන්නේ ඇයි මෙතරම් ආරක්ෂාවට මහන්සි වෙනවා මදිවාටද.
මෙය මගින් මහජන ආරක්ෂාව පිළිබඳව සහතික වීමක් සිදුවුවද මහජනතාව තුළ හමුදා මානසිකත්වය ඉහළ නැංවීමක් සිදුවීමෙන් රටට හෝ ජාතියට සිදුවන යහපතක් නැත. හමුදාව සිවිල් කාර්යයන්ට සම්බන්ධ වීම හෝ දේශපාලනයට පැමිණීමට දරන උත්සාහයක් ලෙස මට පෙනෙයි. සමහර අද බාල මිනිසුන් හමුදාවට රට බාර ගැනීමට ආරාධනා කරනුද පෙනෙයි. ඔවුන්ට එහි බරපතලකම හෝ විනාශය පිළිබඳව මෙලෝ හසරක් අවබෝධයක් නැත. පාකිස්තානයට, ඇෆ්ගනිස්තානයට, අප්‍රිකාවේ සමහර රටවලට වී ඇති දේ බලා ඔවුන් පාඩම් ඉගෙනගත යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහසේ අගය ඔවුන්ට දැනෙනු ඇත්තේ යම් දිනෙක ඔවුන්ට එය නැතිවී වද කඳවුරුවල දුක්විඳ මියයාමට සිදු වූ දාටය.