සුනිල් ආනන්ද පැරීසියේ සිට
මහනුවර දී කලහකාරී සිද්ධියට විරෝධය පළ කරමින් සිංහල, දෙමල, මුස්ලිම් සහ බර්ගර් සියලු දෙනා එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජීවත් විය යුතු යැයි කියමින් පැරිසියේ වාසය කරන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් අයිෆල් කුලුන අසල දී විරෝධතාවක් පැවැත්වූහ.
ඇද හැලුණු වර්ෂාව සහ අධික සීතල නොතකා එරෙහ ජීවත් වන සිංහල, දෙමල සහ මුස්ලිම් ශ්‍රී ලාංකිකයෝ රැසක් එම විරෝධතාවට පැමිණ සිටියහ.
ප්‍රංශයේ ›ලංකා තානාපති බුද්ධි ආතවුද මහතා පැරීසියේ වෙසෙන › ලාංකික මුස්ලිම් ආගමික හා සමාජීය සංවිධාන සමග සාකච්ඡාවක්ද පැවැත්වණි. විදේශයන්හී එවැනි ගැටුම් ඇති නොවීමට අවශ්‍ය පරිසරය ගොඩ නැගීම ගැන ද එහිදී සාකච්ඡා විය.
‘ප්‍රංශය යනු විවිධ ජාතීන් විවිධ ආගම් අදහන ජාතීන් සිටින රටක්. එම රටේත් විවිධ ආගමික අන්තවාදී සුළු කොටසක් ජීවත් වුවද අපේ රටේ මෙන් දේපල ගිනි තියමින් මිනිස් ඝාතන සිදු කරන ප්‍රචන්ඩ ක්‍රියා ඇති වෙන්නේ නෑ. සියලූ දෙනා සමගියෙන් ජීවත් වෙනවා. එයට හේතුව රටේ නීතිය උස් පහත් බේදයකින් තොරව ක්‍රියාත්මක වන නිසා. එබැවින් ලංකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ අයට ද~වම් ලබා දීම අත්‍යවශය කරුනක්. ඈත අතීතයේ සිට පැවත එන සිංහල මුස්ලිම් සහෝදර සබඳතාවය ඉදිරියටත් එලෙසම රැක ගැනීම අපි සියලූ දෙනාගේම සමුහික වගකීමක්.‘ යැයි පැරීසියේ වෙසෙන මුස්ලිම් සංවිධාන නියෝජිතයෙකු වූ මෂාර් කමුර්දීන් මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම පොදු කටයුත්තකදී ඉදිරියෙන්ම සිටින සිංහලයා පුෂ්පසිරි ද අල්විස් මහතාට මාගේ ප්‍රණාමය... එහෙත් මෙය සංවිධානය කළ අය මෙවැනි විරෝධතාවයක් පවත්වන බව සමාජය දැනුවත් නොකිරීම කණගාටුවක්. මාහට ඇස ගැටුනෙත් ලංකාදීප පුවතින්. (විශේෂයෙන් ප්‍රංශ රටේ ප්‍රංශ ජාතිකයින් මෙන්ම වරප්‍රසාද භුක්ති විඳින සිංහලයින් අපේ රට තුළ ජාතින් අතර කලහකාරී ගැටුම් දැක සතුටු කඳුළු වගුරන අවස්ථා නැත්තේද නොවේ)
මොනතරම් ලස්සනද
මොකද වුනේ කියල දන්නේ නැතුව කරන දේශ ද්‍රෝහී වැඩක් , මේක කල අයට ගිහින් විරොදේ පෑවානම් හරි.