(සෙනරත් බණ්ඩාර)
පේරාදෙණිය සරසවියේ නිර්මාතෘ ශ්‍රීමත් අයිවර් ජෙනිංස් මහාචාර්යවරයා සිහි කර පිළිරුවක් නිරාවරණය කිරීම අද(7) ඔහුගේ මිනිබිරිය වූ මෙනාසස් රෙබිකා කේ. අමනි අතින් විශ්ව විද්‍යාලයීය සනාතන මැදුර වටරවුමේදී සිදුකෙරිණි.
වසර 75ක් වූ පේරාදෙණිය සරසවියේ රිදී ජුබිලියට සමගාමීව ශ්‍රීමත් අයිවර් ජෙනිංස් සැමරුම් උළෙල පසුගිය 6වැනිදා පැවැත්විණි. 1941 මාර්තු 22වැනිදා අයිවර් ජෙනිංස් එංගලන්තයේ සිට ලංකාවට පැමිණ පේරාදෙණිය හන්තාන පරිසරයේ මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීමට කටයුතු කර ඇත.
මෙම සැමරුම් උළෙලට පේරාදෙණිය සරසවියේ කුලපති මහාචාර්ය ඩි.කේ.එන්.ඩි සිල්වා, උපකුලපති මහාචාර්ය උපුල් බි දිසානායක, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ආර්.එල් විජයවීර ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අයිවර් ජෙනිංස් මහාචාර්යවරයාගේ මිනිබිරිය සහ ඇගේ සැමියා විලියම් තිමති රිචඩ් එංගලන්තයේ සිට පැමිණ සැමරුම් උළෙලට සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා ගැන තියෙන්නේ පුදුම ගෞරවයක් ...
පුරා සිව් වසක් අප සෙවන ලද මේ පින්බිම නිමවූ ඔබට අප සදා ණය ගැතිය.
අන්තරෙන් ඕක අයින් කරලා ලෙනින් හරි, කාල් මාක්ස්ගේ හරි පිළිමයක් ගහන්න කියලා උද්ඝෝෂණයක් කලේ නැද්ද?
රටේ අනාගතය වෙනුවෙන් වැදගත් යමක් ගොඩනගලා ඉතිරි කරලා තියෙන්නේ සුද්දෙක්ම තමයි. ඒ උතුම් මිනිසා නිර්මාණය කල දැනුමේ කේන්ද්‍රස්ථානය අදවනවිට... ශ්‍රී ලංකා දේශපාලන උම්මන්තකයින්ගේ තෝතැන්නක් වෙලා.
මේ රටට හොඳක් කර ඇත්නම් ඒ සුද්දෙක්. ආරච්චිලා, මුදලිලා එනකොට පාරෙන් ඉවතට ගිය නිවට සිංහලයින්ට මානව අයිතිවාසිකම් දුන්නේ සුද්දායි.