(ලහිරු හර්ෂණ)
ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඇප ලබා හෝමාගම අධිකරණයෙන් පිටතට පැමිණ අධිකරණය ආසන්නයේ පිහිටි විහාරස්ථානයකට ගොස් ආගමික වතාවත්හි නිරත වුහ.
උන්වහන්සේ පිළිගැනීමට එම ස්ථානයට පැමිණ සිටි බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස විසින් පාවඩ එලා හේවිසි හඬ මධ්‍යයේ ඥානසාර හිමියෝ විහාරස්ථානයට කැඳවාගෙන යනු ලැබුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපේ ස්වාමීන් වහන්සේලාට ජංගම දුරකථන භාවිතය ත්‍රිපිටකය භාවිතයට වැඩිය අත්‍යාවශ්‍ය වෙලා වගෙයි පෙනෙන්නේ. සංඝයා වහන්සේ අතර විනය සහ ගුණාත්මක භාවය මහපාරේ බීමත්ව වාහන එලවන තැනට වැටි ඇති තරමට අඩුවීම ඇතුළු මේ වින්නැහි සේරටම ඕකත් එක හේතුවක්.
ආගමික කටයුතුවල යෙදී විනයධර භික්ෂුන්වහන්සේ නමක් ලෙස හිටියා නම් ඔය ප්‍රශ්න මොකුත් ඇතිවන්නේ නැහැ. පැරැණි කතාවක් තියෙනවානේ... බල්ලගේ වැඩේ බුරුවා කරන්න ගිහින් අත්කරගත්ත ප්‍රතිඵල ගැන....
මෙම නූගත් ජාතියක් ලෝකේ කොහෙවත් නැත. ජපානයත් බෞද්ධ රටක්... එහෙ භික්ෂූන් වහන්සේලා මෙලෙස හැසිරෙන්නේ නැත.
පුවත දැකලා හරිම දුකක් දැනුණා. නමුත් එතන හිටපු සොච්චම් මිනිස්සු ප්‍රමාණය දැකලා සතුටක් දැනුණා.
රටේ ශක්තිය, බලය,
අනේ මම දන්නේ නැහැ මොන ලංකා නීතියද කියලා !!!
මේ යහපාලන ආණ්ඩුවේ වැරදි කරුවන්ට දඬුවම් දෙනවා කියලා බලයට අාවා ... කෝ ඒ පොරොන්දුව.
අපොයි මෙහෙම රටක්ද ශ්‍රී ලංකාව...?
අබුද්ධස්ස කාලේ යහපාලනේද මේ...?
"මහණෙනි යොදුනක් දුරට හොඳින් හඬ පැතිරෙන මහානර්ඝ බෙරයක් ඇත. මෙය වාදනය කරනවුන් බෙරයේ හඬෙන් මත්වෙයි. හොඳින් හඬ නැගෙන බෙරයේ අයිතිය තමන්ට ලබාගැනීමට තමන්ගේ නම යෙදු ඇණ බෙරයේ හමෙහි ගසයි. ඇණ ගසන ගසන වාරයක් පාසා බෙරයේ හඬ බාල වේ. අවසානයේ මුල් බෙරයේ හඬ ඇසීමට නොලැබේ. මහණෙනි මෙලෙසින්ම අනාගතයේ මාගේ ශාසනයේ පහළ වන භික්ෂූන් ධර්මය ලෙස අධර්මයක් පතුරවයි. ධර්මය සඟවා තමන්ගේ මතය දක්වයි. මෙලෙස කාලය ගතවී ලෝසතුන් හට ධර්මය ශ්‍රවණය කිරීමේ අවස්ථාව නොලැබී යයි. "... බුදුන් වහන්සේ
කොතලාවල මහත්තයා කීවා, "මම බැඳපු අය බණ්ඩාරනායක නිදහස් කරාකියාලා" අන්තිමට ඒ අය තමා බණ්ඩාරනායක මහත්තයාට රට කරන්න නොදී වදදුන්නේ....
බෞද්ධ දර්ශනය මේ රටෙන් ඈත් කරන්නේ සංඝයා වහන්සේලා විසින්මයි. වෙනත් ආගම විසින් නොවෙයි.
මෙහෙම රටක්.
ලැජ්ජාවේ පණ යනවා මේවා දක්කම්. වෙන මොනවා කියන්නද?
ඉඳහිට හෝ බුද්ධාගම මතක් වෙන්න ඉතින් මෙහෙම අැබැද්දියක්ම වෙන්න ඇති...
අපේ හාමුදුරුවනේ, කෙලෙහිගුණ නොදන්නා ගුණමකු සිංහලයෝ කවදත් අපි අතර සිටියා. ඒත් බෞද්ධ ජාති හිතෛෂී ජනතාව ඔබ සමග බව පෙනුණා නේද? 2020 වෙනතුරු හැල්මෙන් යමු.
ඒක අපි 2015 දීත් කලා.
නිර්මල ඔබට පෙනෙනවාට වඩා බොහෝ ඈත මේ භික්ෂූන්ට පෙනේ අපිටත් පෙනේ. අපේ හාමුදුරුවනේ නිවට සිංහලයින්ට අනුකම්පා කොරන්න. හන්දියක් හන්දියක් ගානේ මස්කඩ ඉල්ලන ආගමිකයින්ගේ ආගමික වතාවත් කිරීමට පන්සල් භූමිය දෙන චීවර දාරීන් ඉන්න රටක ඔබ වැන්නවුන් ජාතියට ආගමට ශක්තියකි.
යහපත් මිනිසුන්ට යන එන මන් නැතිවෙයිද?
හිංසාවට, ජාතිවාදයට නිර්මල බුදුදහම උපයෝගී කරගන්නා ආකාරයයි..
රට ජාතිය විනාශ වෙන කොට පෙරමුණ ගත්තේ රජ කාලේ පටන් බික්ෂුවම තමා. මුන්නාන්සේගේ වැරදි තිබ්බත් මුන්නාන්සේ ඒ වගකීම නිවරදිව කලා. ඒක ඉවසගන්න බැරි බෞද්ධ විරෝදීන් මඩ ව්‍යාපාරයක් මුන්නාන්සේට විරුද්දව කරනවා. මතක තිය ගන්න බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ කියලා.
අඥාණ මිනිසුන් ගේ හඞ බල්ලන් ගේ උඩබුරැලැමට වඩා අපුලය.
තමන්ගේ ජාතිය, ආගම වෙනුවෙන් හඬ නගන බෞද්ධ නොවන අනිත් ඕනෑම ජාතිකයෙක් වීරයන්ය. ඒ ජාතිය ඔහුට හෝ ඇයට එසේ සලකන බව කුරිරු ඝාතක ප්‍රභාකරන් හොඳම නිදසුනයි.
පාවාඩයේ මල් කවුරුවත් දැම්මද? එයාම දා ගත්තද ?
දැන්වත් බුදුදහමට නිගා කරන්නේ නැතුව සිල්වත්ව ඉන්න මොලේ පාවිච්චි කලොත් හොඳයි.
මට වමනෙට එනවා. පස්සේ කමෙන්ට් කරන්නම්...
හිරකාරයෝ ඔක්කොම එළියට දාන්න වෙයි.....................
දැන් ලංකාවේ ජීවත් වෙන්න සිදුවෙලා තියෙන්නේ... මුහුණු වහගෙනයි.
බන්ධනාගාරය තුළ ජම්පරය අන්දවන්න නුසුදුසු අයට පැණි අමුඩය අන්දවන්න නීති සම්පාදනය කලැයි කියන කාරණය සත්‍යයක්ද?
දැන් එතකොට එක්නැලිගොඩ මහත්මියට සාධාරණය ඉටු වුනාද?
ආගමික වතාවත්හි නිරතවෙවී ඉන්නේ පල්ලි, දේවස්ථාන කඩන්න ගියානං ඉවරයිනේ !!!
ඔන්න බලාගන්න ගැහැණියකට උසාවියෙදී බැණ තර්ජනය කරලා උසාවියෙන් වැරදිකරු වූ පුද්ගලයෙකුට සලකන විදිය. මේවා අනික් අයටත් හොඳ පූර්වාදර්ශයක්!
එක හොද වැඩක් සිවුරේ ගෞරවය තියාගෙන ඉන්න එක ෙ
ආගම ජාතිය ගැන කතා කර කර මෝඩ මිනිස්සුන් අවුස්සන මිනිස්සු තමයි අන්තිම හොරු. මොවුන් කරන්නේ දේශපාලන කොන්ත්‍රාත් එකක්!
දන්නා දෙයක් කතා කරන්න... සර් ජෝන්ගේ කාලේ ඉපදිලාවත් හිටියද? ඒ කාලේ තිබුණු ආණ්ඩුවල හැටි දැනගෙන හිටියාද?
ස්වාමීන් වහන්සේට රට ආරක්ෂාකර ගැනීමට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.!
අපේ රටත් මුරුසිය හා ගුයානා වගේ වේවි. එහෙම පිටින්ම ඉන්දියානු කොලනියක්.
මේ මාෆියා කල්ලිය, මේ රටින් වැනසෙන තාක්කල්, මේ රටට සාමයක්, සමාදානයක් කිසිදිනෙක ලැබෙන්නේ නැත.
අපේ මහා වංශය ලියා තිබෙන්නේ අතිසයෝක්තියෙන් හාමුදුරුවරු ලගින් ඇසුරුකල රජවරු ගැන ලොකු විස්තර ලියා තිබෙනවා. නමුත් රට එක්සත් කිරීමට බාධක මද මහත් වෙහෙසක් ගත් විජය බහු රජතුමා ගැන ඉතාම කෙටි විස්තරයක් තිබෙන්නේ. හාමුදුරුවරු ඉදිරියට ආවාට ලංකාවේ උපසම්පදාවවත් ආරක්ෂා කරගන්න බැරිවුණා අවස්ථාවක් තිබෙනවා. කොපමණ ආගමික සිද්දස්ථාන අභාවයට ගිහින් තිබෙනවද සතුරු කරදරවලින් නොවෙයි ඒවා සිදුවී තිබෙන්නේ. අපි කව්රුත් දන්නා 2009 අවසන්වු 30 අවුරුදු යුද්දයේදී පන්සලුත් හාමුදුරුවරුත් ආරක්ෂාකරමින් කටයුතු කලේ පොලිසිය ඇතුළු අපේ විරෝධාර හමුදා නොවෙයිද ? අදටත් යුද්දය පැවති පළාත්වල ආරක්ෂක හමුදා තමයි ඒ ඒ කාලයට හිටපු රාජ්‍ය නායකයාගේ උපදෙස් මත අදටත් අපේ ආරක්ෂක සේවා තමයි පන්සල් ගැන සොයා බලන්නේ.