(උපුල් තම්මිට)
යතුරු පැදියක සිටගෙන කිලෝමීටර් 100ක දුරක් ධාවනය කරවා නව ගිනස් වාර්ථාවක් තැබීම සදහා කුරුණෑගල ගොකරැල්ලේ තරුණයකු අද (16) අනුරාධපුරයෙන් ගමන් ආරම්භ කළේය.
කුරුණෑගල ගොකරැල්ලේ පදිංචි අකලංක මැටිකුඹුර(25) නම් තරුණයා අද අනුරාධපුර පොතානේගම හන්දියෙන් සිය ධාවනය ආරම්භ කළ අතර සිය ගමනාන්තය කුරුණෑගල නගරය බව කියැවේ.
මේ සදහා ඔහු උපයෝගී කරගෙන ඇත්තේ දේශීයව එකලස් කළ යතුරුපැදියකි.
මීට පෙර මෙවැනි ගිනස් වාර්තාවක් පිහිටුවා ඇත්තේ ඉන්දියාවේ තරුණයකු වන අතර ඔහු මේ ආකාරයෙන් ධාවනය කර ඇති දුර කිලෝමීටර් 32ක් බව වාර්තාවේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට වැඩක් ඇති වැඩක් කරල වාර්තාවක් තිබ්බනං...
කිසිම ප්‍රයෝජනයක් තියෙන වැඩක් ද ඉතින් ඕක..............
රටේ රථ වාහන නීතියට පටහැනියි
විශේෂිත අවස්ථාවකදී පොලිසියේ සහයෝගය මත මෙවැනි දේ කළහැකියි.
රටට වැඩක් කරලා ගිනස් වාර්තාවට යන්න කවුරුවත් රටේ නැහැ. දකුණේ ප්‍රාදේශීය සභාවේ සභාපති වරයෙක් මොකක්දෝ සැමරුවේ හිටපු ලොක්කගේ ආශීර්වාදය මැද. සිංගප්පුර් වලින් ආ කල්ලතොණියෙක් පැය කිහිපයක් තුළ බිලියන 12කට වැඩි මුදලක් සොරකම් කර ගිනස් පොතට ඇතුල් වුණේ දැන් ඉන්න දෙවෙනි ලොක්කගේ ආශීර්වාදය හා ආරක්ෂාව යටතේ. මේ අහපන් පුතේ! මෝටර් සයිකලයක් මත නැගී කිලෝ මීටර් 1000ක් ගියත් ලංකාවේ ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ, ඔබේ ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ. ඔයිට වඩා හොඳයි ඔය වටේ ඉන්නේ මෝටර් සයිකල් පිස්සෝ ටිකත් අඬ ගහගෙන ගිහිල්ල පුරන් වූ කුඹුරක් කෙටුවා නම්. ඉන්දියාවේ කෙනාගේ පිස්සුව තේරුණ හින්ද තමයි කි.මී. 32න් ගමන නතර කළේ....
පලකට ඇති දෙයක් කරලා ලෝක වාර්තා තිබ්බට මේ වගේ වැඩකට නැති දේවල් කරන්නේ නිකන් බොරු සෝබනේට.
මෝටර් සයිකලේ හැන්ඩ්ල් එකක් තියෙනවා නම්, සීට් එකක් තියෙනවා නම් මොකටද හිටගෙන යන්නේ? අනේ මන්දා? මේකත් අර ෆෝවඩ් ගියර් තියාගෙන රිවර්ස් එකෙන් බෙල්ල උලුක්කු කරගෙන එලවලා වාර්තා තියෙනවා වගේ තමයි.. රටට වැඩකුත් නෑ.. කරන එකාට වැඩකුත් නෑ..
රෝමය ගිනි ගනිද්දී නීරෝ වීනා වැයුවලු. ඒ එක වතාවක් පමණයි. අපේ රට නිදහස ලැබූ දා සිට දුෂණ වංචාවෙන් ගිනිගෙන දැවෙනවා. අපේ නීරෝල එකෙක් නොවෙයි මේ අය සමුහ වශයෙන් වීනා ගයමින් මුළු රටම පිස්සන් කොටුවක් කර තිබෙනවා. අර කවුද කිව්වා වගේ මෝටර් සයිකලයට හැඬලයක් හා සීට් එකක තියෙද්දී කිලෝ මීටර් 100ක් හිටගෙන යන්න හිතෙන්නත් මොකක් හෝ මානසික ආතතියක් තියෙන්න ඕන. මීළඟ ජවනිකාව එන්නේ කිලෝ මීටර් 100 අසුන මත හිටගෙන යමින් පරිගණක ටැබ්ලට් එකකින් මුහුණු පොතේ චැට් කරමින් යන ගීනස් වාර්තාව. එසේ කොපමණ දුරක් ගියාද කියල මගෙන් නම් අහන්න එපා.
විවිධ මිනිසුන්ට විවිධ දක්ෂතා ඇත. ඒවා ඇගයීමට හැකි විය යුතුයි. හැම දේම දේශපාලන ඇසකින් නොබැලිය යුතුයි. කුහක නොවිය යුතුයි.