(කතරගම එම්.කේ. නන්දසේන සහ කේ.ඩී.දේවප්‍රිය)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) සවස කතරගම කිරිවෙහෙර වැඳ පුදා ගත්තේය.
අනතුරුව කිරිවෙහෙර මළුවේ පිහිටි මහසෙන් දේවමන්දිරයටද පැමිණියේය. මෙහිදී ආගමික වතාවත් මෙහෙයවනු ලැබුවේ කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නායක හිමියන් ප්රමුඛ මහ සඟරුවන විසිනි.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, රවී කරුණානායක, මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඩී.ඒ. පත්මකුලසූරිය, කතරගම ප්‍රාදේශීය ලේකම් ඒ. එම්. නන්දසිරි යන මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට යන "උගත්", "බුද්ධිමත් ", "තරුණ", "පක්ෂ සාමාජික" , අපේක්ෂකයා වන නවීන් දිසානායකට ඡන්ද වැටියන් කියලා බාරහාර වෙන්න නේද ඔය ගියේ?
හොරුන් එක්කමයි ඔක්කොම ගමන් බිමන්...
රනිල්ට හා එජාපයට විශ්වාස භංග පෝලිමේ ගෙනාවා එකකින්වත් පරාජය කරන්න බැරිවුනා නේද. එහෙනම් මොකක්ද ප්‍රශ්නේ?
ව්ශ්වාස භංග පරාජය වන්නේ හොරුන්ට හොරු කත්අදින නිසා .
බැංකු හොරාකාලා... විල්පත්තුව කපන්න ඉඩදීලා .... බෝම්බ පුපුරවන්න ඉඩදීලා... රටබෙදන්න මාන බලලා දෙවියන් පස්සේ ගියාට දෙවියෝ පිහිට වෙන්නේ නැත.
මේ ඉන්නේ රටක අගමැතිවරයෙක්ද ....
කතරගම දෙවියෝ මොන පාටට ඡන්දය දෙයිද?
පාහියන්ගල කියලා අද ඊයේ වීරයෙක් වූ, සාදු කෙනෙක් "කිරිබොන වයසේ පසුවන ඇත් පැටවෙකු අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික භාරයට පත්කිරීමට උත්සාහ දරනවා" කියලා නාඩගමක් "පැත්ත ගියත් ඇත්ත" කියන තැනකින් කියලා විකාශනය කළා. අනේ මෙහෙමත් පිස්සෝ... පශ්චාත් උපාධි ගැනත් කිව්වා. ඒ වගේ උපාධි කාරයින් මේ විදියට හැසිරෙනවා කියලා හිතන්න අමාරුයි. මෙතන තියෙන්නේ උගත්, නූගත් බව නොව කාට හෝ කඩේයාමකි. විශ්වාසභංගේ ගෙන ආ පක්ෂයේ විද්‍යුත් මාධ්යයකිනුත් මේ කථාව සන්නිවේදනය කිරීමෙන් පෙනීයනවා. අනික තමයි පුරාණ ලංකා ඉතිහාසයේ "පාහියන්" නම් දේශාන්තර භික්ෂුවගේ නමටද කැළලකි. වෙඩි තියන සංස්කෘතියක් 71,89 කාලවලදී අපි දැක්කා. අම්මෝ මතක් වෙන කොටත් ඇඟ හිරි වැටෙනවා. අගමැති නිල නිවසට ගිය ඒ සාදු උන්නාන්සේගෙන් මම දන්නේ නැති නිසා අහන්නේ රජයට බදු මේ වෙනකොට කීයක් විතර ගෙවලා තියනවද? ආපහු දෙන්න අහන්නේ. ඉස්සර රජ්ජුරුවන්ට තිබුණු "ඇත් උණ" මේ අගමැතිට නැහැ. අගමැතිට ආත්තම්මා ගොඩ නැංවූ පන්සලේ ඇතෙක් කිරිබොන වයසේ ඉන්න බව දැනගන්න. අගමැතිගේ පක්ෂයේ ලාංඡනයට අගරු නොකරන්න.
මොනතරම් කන්නලව් කළත් අර මහබැංකුවේ සල්ලි වලින් පඬුරු දැම්මොත් ආයෙත් වෙන්නේ තිරුපති දෙවියන්ට ඒ පඬුරු දාලා වෙච්චි දේමයි. ඒක නිසා පඩියෙන් කීයක් හරි පඬුරුවලට දමන්න.
කිලෝ 60ක මත්කුඩු සමග 9ක් අත්අඩංගුවට.... ඒකයි පුරස්නේ.....
ලොස් ඇන්ජලිස්ලා කවදත් යුඅන්පි යේ නොවැ...... අපිට ඉතින් බෝම්බ තමා
කතරගම නෙවෙයි මොන ගමකට ගියත් ඔයා අතර මග
අලිපැටිය ගත්තේ අලි රොෂාන් ගෙන්ද?
ඇයි දන්නේ නැද්ද? ඕනෑම වෙලාවක උදව්වට එන්න ටීඑන්ඒ කියල සෙට් එකක් ඉන්නවා කියල. උන්ට රටෙන් පොඩි කැල්ලක් දුන්නම ඡන්දෙ ගන්න පුළුවන්. ඒත් අමාරු වෙන වෙලාවට ජවිපේ කියල සෙට් එකකුත් ඉන්නවා. දැන් තියෙන්නේ රටේ ජනමතය නිරුපණය වෙන පාර්ලිමේන්තුවක් නෙවේ. විකෘති ජනමතයක් තියෙන පාර්ලිමේන්තුවක්. එක පාවිච්චි කරලා විස්වාසභංග දිනනවා. පුළුවන් නම් ඡන්දයක් තියල බලන්න කියන්න.