(රංජිත් රාජපක්ෂ)
වන්දනාකරුවන් නොමැති වුවත් ශ්‍රී පාද උඩමළුවේ දිනකට සිව්වතාවක් තේවාවන් සහ පුද සිරිත් පවත්වන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක , ඌව පැල්මඩුල්ල ශ්‍රී රජමහ විහාරස්ථානයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසූහ.
අද (10) දින විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් මේ බව සඳහන් කළහ.
පුර පසලොස්වක පොහෝ දිනයන් වල පෙර සිට සිදුකළ පරිදී විශේෂ පුජාවන් හයක් සිදු කරන බවද උන්වහන්සේ කියා සිටියහ.
වන්දනාකරුවන් නොමැති වුවත් ශ්‍රී පාද උඩමළුවේ දිනකට සිව්වතාවක් තේවාවන් සහ පුද සිරිත් පවත්වන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක , ඌව පැල්මඩුල්ල ශ්‍රී රජමහ විහාරස්ථානයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසූහ.අද (10) දින විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් මේ බව සඳහන් කළහ.
පුර පසලොස්වක පොහෝ දිනයන් වල පෙර සිට සිදුකළ පරිදී විශේෂ පුජාවන් හයක් සිදු කරන බවද උන්වහන්සේ කියා සිටියහ.
ශ්‍රී පාද වන්දනාවාරය අවසන් වන තෙක්ම ශ්‍රී පාද උඩමළුවේ පැවැත්වෙන තේවාවන් සහ පුද පුජාවන් අතිතියේ සිට පවත්වාගෙන පැමිණි ආකාරයට සිදු කරන බවත් වෙසක් පොහෝ දිනට පසු දින ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඩුව , සමන් දේවප්‍රතිමාව සහ දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහ විහාරස්ථානය දක්වා වැඩමකරවන බවත් ශ්‍රී
පාදස්ථනාධිපති හිමියන් පැවසූහ. කොරෝනා වයිසරය පැතිර යන මෙම අවස්ථාවේ ත්‍රස්තවාදයෙන් මේ රට බේරා ගත් අභිත රණවිරුවෙකු වු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව තොරාපත් කරගෙන ඇත්තේ රටේ භාග්‍යයට බවත් මේ රට තුළ කාලයකට මැතිවරණ නොපවත්වා නීතිය සහ සාමය පවත්වාගෙන යාමට ගෝඨාභය රජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආරක්ෂක කමිටුවක් ඇති කර වසර කිහිපයක් මේ රට පාලනය කල
හොත් රට ගොඩ ගැනීමට හැකි බවත් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් සඳහන් කළහ.
2019 - 2020 ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනට පසු දින (08) දින අවසන් කරන බවත් උන්වහන්සේ පැවසූහ
2019 - 2020 ශ්රී පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනට පසු දින (08) දින අවසන් කරන බවත් උන්වහන්සේ පැවසූහ
COMMENTS
මැතිවරණ නොපවත්වා සිටින්න යැයි අනුසාසනා කරන්න හාමුදුරුවන්ට අයිතියක් නෑ.
ශ්‍රී පාදස්ථානයේ විතරක් නෙමෙයි බැතිමත්තු නැතිවුනත් අනිත් ප්‍රධාන පන්සල් දළදා මාලිගාව ජයශ්‍රී මහා බෝධින්වහන්සේ වෙනුවෙන්ද නියමිත පුද පූජා පැවැත්වෙනවා කියල හිතනවා. හැබැයි හාමුදුරුවනේ, කොරෝනා පිටින් දාල හමුදා පාලනයක් ගේන්න කියපු එක සම්පූර්නයෙන්ම වැරදියි. ජනාධිපතිවරයා ජනාධිපතිවරණෙට ගියේ සිවිල් දේශපාලකයෝ එක්ක මිසක් හමුදා නිලධාරීන් පිරිවරා ගෙන නෙමෙයි. එයාව දිනවන්න චන්දෙ දුන්නේ 2015 ඉඳන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා එක්ක හිටපු මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ එකම බලාපොරොත්තුව වුනේ මහින්දට ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන්න බැරි හින්ද ඔහුව අගමැති කිරීම. ජනාධිපතිවරණෙට ඉස්සෙල්ල හමුදා පාලනයක් ගේනවා කියලා කිව්වා නම් කිසි කෙනෙක් ජනාධිපතිවරයාට චන්දෙ දෙන්නේ නැහැ. දැක්කද ඊයේ ආණ්ඩුවේ ඇමති මැති රැස්වීම? කතා කරන්න බයයි මන්ත්‍රීවරු. දැනුත් මෙහෙම නම් හමුදාව ඉන්න ආරක්ෂක කමිටුවක් රට පාලනය කලොත් කොහොමට හිටීවිද? අගමැතිතුමා ලොකු උගුලක අහුවුනා. පේනවනේ.
උඩමලුව තාවකාලිකව වහන්න කිව්වම බෑ කිව්ව. තමුන්ට කලහැකි වගකීම ඉටු නොකර දැන් ජනාධිපති තුමාගෙ ගුණ ගායනා කරනව. හාමුදුරුවෝ මීට වඩා බුද්ධිමත්ව හිතන්න ඕන.
සාදු.. සාදු .... සාදු ... ආශීර්වාදයක්ම වේවා මුළු රටටත් ..මුළු ලෝකයටත් ...